Author: VNews

ඉන්දියාවෙන් හා බංග්ලාදේශයෙන් සෘජුවම ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දෙරටේ සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සාකච්ඡා කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ. මේ වනවිට ඖෂධ සැපයුම් අංශයේ ඖෂධ වර්ග 277 ක හිඟයක් පවතින බවද වාර්තා වනවා. එම හිඟය කඩිනමින් පියවීම සඳහා රාජ්‍යයේන් රාජ්‍යයකට ක්‍රමවේදය යටතේ මෙම ඖෂධ මිලදී ගැනීමට නියමිතයි.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්රික් මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ සාකච්ඡාවක් සිදුව තිබේනවා. එහිදී බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා විසින් මෙරට ජනතාවගේ භාෂණයේ නිදහස සහ රැස්වීමේ නිදහස පිළිබඳ ප්‍රශ්නය මතු කර තිබෙන බව සඳහන්. මාර්ගත ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත් පිළිබඳව ඔවුන් සාකච්ඡා කළ බවත්, ශ්‍රී ලංකාවේ භාෂණයේ සහ රැස්වීමේ නිදහස තහවුරු කිරීමේ වැදගත්කම යළිත් අවධාරණය කළ බවත් මහ කොමසාරිස් කාර්යාලය පැවසුවා .

තව කියවන්​න

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම වයඹ, ඌව, නැගෙනහිර යන පළාත්වල සහ මහනුවර, නුවරඑළිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලද තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

තව කියවන්​න

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති තෙවැනි එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට ඊයේ තීරණය කළා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 31ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 280ක් ලබා සිටියදීයි වාර්ෂාවෙන් බාධා එල්ල වුණේ ඒ අනුව වර්ෂාව දිගටම පැවති අතර, පසුව තරගය අතහැර දැමීමට තීරණය කරනු ලැබුවා.

තව කියවන්​න

ඇඹිලිපිටිය මහවැලි ඉඩම්වල පශ්චාත් අස්වනු නෙළන කාලය තුළ මැණික් ගැරීමේ කටයුතු සඳහා අවසර ලබාදීම පිළිබඳ කර්මාන්ත අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කර තිබෙනවා. කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාව රැස් වූ අතර, එහිදීයි මේ පිළිබද සාකච්ඡා කෙරුණේ. මීට අමතරව, 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි ද කමිටුව විසින් අනුමත කරනු ලැබුවා.

තව කියවන්​න

ඉරාකයේ මංගල උත්සවයක් අතරතුර හටගත් ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විවාහා උත්සව පවත්වන ශාලාවක ගින්න හටගෙන ඇති අතර, මෙම අනතුරින් තවත් පුද්ගලයන් 150 ට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. අනතුරට පත් වූ පිරිස අතර මනාලයා සහ මනාලිය සිටින බවටද වාර්තා පළ වනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගිනිකෙළි දැල්වීමෙන් පසු මෙම ගින්න හටගෙන ඇති බවට එරට ආරක්ෂක අංශ සැක පළ කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා. ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයක් ක්‍රීඩා කරමින්  ලෝක කුසලාන තරගාවලියට මුහුණ දීමට හොඳ සූදානමකින් සිටින බව ක්‍රිකට් කණ්ඩායම පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් පළ කරමින් නායක දසුන් ශානක සඳහන් කළා.

තව කියවන්​න

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ ඊයේ පස්වරුවේ සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පිපිරීම එම කඳවුරේ පිහිටි බෝම්බ නිෂ්ක්‍රීය කරන ස්ථානයේදී සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. ඊයේ පස්වරු 5ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළා. එම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවූ නායක ගුවන් භටයෙක්. මෙහිදී මෙම පිපිරීම හේතුවෙන් තවත් ගුවන් හමුදා භටයෙක් ද තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවද වාර්තා වනවා. අදාළ පිපිරීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

අධිකරණයේදී හෝ වෙනත් ස්ථානවලදී ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් අසමත්භාවයක් පෙන්නුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ 2023 වාණිජ සමථ සම්මන්ත්‍රණයට එක්වෙමින්. මේ අතර එහිදි අක්වෙරළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ද සහිතව වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දෙන බව ජනපතිවරයා සඳහන් කළා.

තව කියවන්​න

සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාව තුළ නව ඉන්ධන පිරවුම් හල් 50 ක් ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිතයි. එමෙන්ම මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගම සහ සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන පිරවුම්හල් 150 ක් සමග ගිවිසුම්ගත වෙමින් වෙළදාම් කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයන් සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සනිටුන් කරමින් ඊයේ උත්සවයක් ද සංවිධානය කරනු ලැබුවා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙරට ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

තව කියවන්​න