Author: VNews

රුපියල් ලක්ෂයකට අඩු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රඳවාගැනීමේ බද්ද හේතුවෙන් පොලිය ලබා ගැනීමේදී මුහුණ දුන් ගැටලු විසදීම සදහා නව චක්‍රලේඛයක් නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා 1944 ක්ෂණික අංකය වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටිය. අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ නව චක්‍රලේඛය අනුව වසරක් ගත නොවුවද රුපියල් ලක්ෂයට අඩු වාර්ෂික පොලී ආදායමක් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිය පොලී මුදල් ලබා ගැනීමේ හැකියාව ලැබී තිබෙන බවයි.

තව කියවන්​න

මෝටර් රථ කොටස් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දුනහොත් රටට විශාල බදු මුදලක් අහිමි වන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්දික සම්පත් මහතා පැවසුවේ ආයෝජනය මණ්ඩලයේ ලියාපදිංචිය ලබාගෙන ඇති එක් සමාගමකට පමණක් බදු රහිතව මෝටර් රථ කොටස් ආනයනය කිරීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

තව කියවන්​න

වයස අවුරුදු 4 සම්පූර්ණ කරන දරුවන්ට පූර්ව ළමා විය අධ්‍යාපනය අනිවාර්්‍ය කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. ශ්‍රී ලංකා රජය පළමු ශ්‍රේණියේ සිට ප්‍රථම උපාධිය තෙක් නොමිලේ ලබා දෙන නිදහස් අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. ඒ සදහා මුදල් ගෙවිය නොහැකි දරුවන් වෙනුවෙන් රජය මැදිහත් වන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා. ඔහු මේ බව පැවසුවේ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය දියත් කිරීම වෙනුවෙන් අද කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින්.

තව කියවන්​න

මාලදිවයිනේ ජනාධිපතිවරණය ලබන 30 වන දා පැවැත්වීමට නියමිතයි. මෙවර මැතිවරණයේදී ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි සහ විපක්ෂ අපේක්ෂක මොහොමඩ් මුයිසු අතර දැඩි තරගයක් පවතින බවටයි දේශපාලන විචාරකයින් පවසන්නේ. එමෙන්ම මාලදිවයිනේ ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනා විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වෙන වෙනම චීනය සහ ඉන්දියාව සමග කටයුතු කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ. මේ හේතුවෙන් මෙම මැතිවරණය ඉන්දියාව සහ චීනය යන රටවල් දෙක අතර පැවැත්වෙන මැතිවරණයක් ලෙස ද හඳුන්වා තිබෙනවා. ඉන්දියාව සහ චීනය මාලදිවයිනේ යටිතල පහසුකම් සදහා ණය සහ ප්‍රධාන වශයෙන් ඩොලර් මිලියන සිය ගණනක් ලබා දී ඇති බවද සඳහන්.

තව කියවන්​න

ආබාධයකට ලක්ව සිටි නවසීලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සෞතිට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කළ හැකි බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මෙම සති අන්තයේදී ඔහු ඉන්දියාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ. ලෝක කුසලානය යටතේ නවසීලන්තය ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝම්බර් 5 වන දා එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත අතර එම තරගය වෙනුවෙන් සෞති ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ලෝඩ්ස් හි දි එංගලන්තයට එරෙහිව පසුගිය දා පැවති එක්දින තරගයකදී පන්දු රැකීමේදී ටිම් සෞති ආබාධයකට ලක් වුණා. මේ අතර එක්දින ලෝක කුසලානය සදහා තරග කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා. එලෙස පිටත්ව යාමට…

තව කියවන්​න

රක්ෂිතබන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට ඇප ලබා දී තිබෙනවා. ඒ, ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින්. රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක් මතයි ඔහු මුදා හැර ඇත්තේ. නීතිවිරෝධි ලෙස සුඛෝපභෝගි රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ගෝලීය සැසිවාරයට සහභාගි වීම සඳහා අද අළුයම දිවයිනෙන් පිටත්ව ගියා. සිව් දින නිල සංචාරයක් සඳහා ඔහු මෙලෙස ජර්මනිය බලා පිටත්ව ගිය බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. මෙම සංචාරය සදහා ජනාධිපතිවරයා සමග දූත පිරිස ලෙස තවත් 12 දෙනෙකු එක්ව සිටියා.

තව කියවන්​න

19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ නේපාලය සහ මොංගෝලියාව අතර පැවති ක්‍රිකට් තරගයකදී ලෝක වාර්තා 3 ක් තැබීමට නේපාල කණ්ඩායම සමත් වී තිබෙනවා. එහිදි නේපාල කණ්ඩායම කඩුලු 3 ක් දැවී නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 314 ක් රැස්කර තිබෙනවා. එය කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා. මේ අතර නේපාල ක්‍රීඩක ඩිපේන්ද්‍ර සිං පන්දු 9 කදී අර්ධ ශතකයක් වාර්තා කරමින් තවත් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. එමෙන්ම පන්දු 34 කදී ශතකයක් වාර්තා කිරීමට නේපාල ක්‍රීඩක කුෂාල් මල්ලා සමත්ව තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට විරුද්ධව විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන් කළා.

තව කියවන්​න

බංග්ලාදේශ කණ්ඩායම එරෙහිව පැවති තෙවැනි එක්දින ක්‍රිකට් තරගය කඩුළු 7න් ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 171ක්. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 5ක් අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 175ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

තව කියවන්​න