Author: VNews

මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මෙටි්‍රක් ටොන් 21,000ක් අද සිට වහාම බෙදාහැරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් ලබා දී තිබෙනවා . ඒ අනුව යුරියා පොහොර මෙටි්‍රක් ටොන් 21,000ක් අද සිට බෙදා හැරීමට ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම් විසින් කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් මිල දී ගැනීමට හැකියාව පවතිනවා . මේ අතර කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් රුපියල් 9,000ක මුදලට අලෙවි කිරීමට නියමිත බව කොමර්ශල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසනවා. මෙවර මහ කන්නයේ දී හිඟයකින් තොරව…

තව කියවන්​න

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලූම පාසල් දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබෙනවා . ඒ අනුව අද සහ හෙට එම දිස්ත්‍රික්කවල සියලූම පාසල් වසා තැබීමට නියමිතයි. දකුණු පළාත් අධ්‍යාපන, ලේකම්වරයා විසිනි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා තිබෙනවා

තව කියවන්​න

ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ අතර නැගෙනහිර, ඌව, උතුර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු සහ උතුරු මැද යන පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි…

තව කියවන්​න

කොළඹ නගරයේ තිබෙන පැරණි ගස් අතුරින් අනතුරුදායක ගස් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගස් පිළිබඳ විශේෂඥයන්ගෙන් සැදුම් ලත් විශේෂ සාකච්ඡාවක් අද කැඳවීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා උපදෙස් මතයි මෙම විශේෂ සාකච්ඡාව කැඳවා ඇත්තේ. ඒ සඳහා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ විශේෂඥයන්, වන සංරක්ෂණ ජනරාල් ඇතුළු ගස් වර්ග පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත පිරිසක් එක් වන බවයි සඳහන්. කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ පස් දෙනකුට මරු කැඳවමින් සිදු වූ අනතුරත් සමඟ කොළඹ නගරයේ එවැනි අනතුරුදායක ගස් ඉවත් කිරීමට අවධානය යොමු වී තිබෙනවා.

තව කියවන්​න

රජයට රුපියල් කෝටි 03ක ආදායම් අහිමි කිරීමක් සිදුව ඇතැයි කියන අක්‍රමවත් ටෙන්ඩර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ධීවර අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ අයිස් යන්ත්‍රාගාරය සහ ශීතාගාරය පවත්වාගෙන යෑම සහ නව අයිස් යන්ත්‍රාගාරයක් ඉදිකිරීමේ ටෙන්ඩරය 2019 පෙබරවාරි 01 වැනිදා සිට දස වසරක කාලයකට පෞද්ගලික සමාගමක් ලබාගෙන තිබෙනවා. ඒ, මාසිකව රුපියල් 835,000ක ලංසුවකටයි. මෙම සමාගම 2019 සැප්තැම්බර් 10 වැනිදා ධීවර අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකුට ලිපියක් යවමින් ටෙන්ඩරය මිළදී ගත් ලංසු මුදල ගෙවීමට නොහැකි බව දන්වමින් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත. අයිස් යන්ත්‍රාගාරය ඉදිකිරිම සහ පවත්වාගෙන යෑම අසීරු කටයුත්තක් බැවින්, මාසිකව රුපියල් ලක්ෂ 02ක ලංසුවකට වසර 05ක කාලයක් සදහා මෙය පවත්වාගෙන…

තව කියවන්​න

ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන ඩුබායි හි සැඟව සිටින කළණ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වු තරුණියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ‘ඉමා’ නැමති එම කාන්තාව වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 490ක් ද සොයා ගත් බව විශේෂ කාර්ය බළකාය පැවසුවා. ඇය විසින් දුනුමාල ප්‍රදේශයේ හා මීගමුවේ දී වෙඩිතැබීම්වලට අදාළව ගිනිඅවි ප්‍රවාහනය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා. විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (04) රාගම පොලිස් වසමේ, කුරුකුලාව, රාගම ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබුණා. එඩේරමුල්ල, වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක් වන ඉමා නැමැති අනුවර්ථ නාමයෙන් මෙම කාන්තාව හදුන්වන…

තව කියවන්​න

ශ්‍රී ලංකන් ගුවන් ප්‍රමාදය තවදුරටත් පවතින බව වාර්තා වනවා. එමෙන්ම තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානය පැය 10 යි විනාඩි 27 ක ප්‍රමාදයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඊයේ දිනයේදී ද ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදයකට ලක් වුණා. මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද පක්ෂ විපක්ෂ මත පළ වුණා.

තව කියවන්​න

පාර්ලිමේන්තුවේදී කාන්තාවන්ට අපහාස කිරීමට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා. සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පසුගිය කාලයේ අසභ්‍ය වචනවලින් කාන්තාවන්ට ඇමතු බවද ඇය සදහන් කළා.

තව කියවන්​න

පුස්සැල්ලෑව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු විදුලි පංකාවක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය ගිය පිරිමි දරුවා වයස අවුරුදු 14 ක් වූ පුපුරැස්ස ප්‍රදේශයේ පාසල් සිසුවෙක්. අදාළ සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමග පන්ති කාමරය තුළ සෙල්ලම් කරමින් සිටියදී පුටුවක ආධාරයෙන් මේසයක් මතට නැගීමේදී සිවිලිමේ සවි කර තිබූ විදුලි පංකාවේ ගැටී තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබු සිසුවා ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

තව කියවන්​න

ළමා ආරක්ෂණය පිළිබද කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා. මෙරට දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් ළමා ආරක්ෂාව පිළිබද අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා පත්කළ කමිටුව විසිනුයි මෙම වාර්තාව භාර දුන්නේ. විවිධ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වූ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ සමස්ත සුභසාධනය පිළිබද මෙමගින් පු`ඵල් අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

තව කියවන්​න