Author: VNews

කන්කසන්තුරේ සහ ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය අද දිනයේ සිට ආරම්භ කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා . ඒ අනුව අදාළ වරායන් දෙක අතර දුර දැක්වෙන්නේ නාවික සැතපුම් 60 ක් ලෙසයි . මෙහිදී එක් ගමන්වාරයක් සඳහා ප්‍රවේශ පත්‍රයක මිල ඉන්දීය රුපියල් 7500ත් 8000ත් අතර වනු ඇති බවයි වාර්තා වන්නේ . එමෙන්ම අදාළ මුදල ගෙවා ප්‍රවේශපත්‍රයක් ලබාගන්නා අයෙකුට කිලෝ 40ක භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන යාමේ අවස්ථාව ද හිමිවනු ඇති . මෙම එක් ගමන්වාරයක් සඳහා පැය 3ක කාලයක් ගතවන බව වාර්තා වනවා . මෙලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෝට්ටු සේවයක් ආරම්භ කර ඇත්තේද වසර 40කට පසුව වීම…

තව කියවන්​න

මධ්‍යම ආසියානු අභියෝගතා කුසලාන 2023 පිරිමි වොලිබෝල් තරගාවලිය අද සිට වැනිදා සිට 15 වැනිදා දක්වා මෙරට දී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සත්කාරකත්වයෙන් සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණයෙන් යුතුවයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ. මෙම තරගාවලිය සඳහා බංග්ලාදේශය, උස්බෙකිස්තානය, නේපාලය, , ඇෆ්ගනිස්තානය. කසකස්තානය සහ සත්කාරක ශ්‍රී ලංකාව යන රටවල් හයේ කණ්ඩායම් සහභාගී වීමට නියමිත අතර තරගාවලියේ සියලු තරග කොළඹ සුගතදාස ගෘහස්ථා ක්‍රීඩාගාරයේ දී පැවැත්විමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ලබන වසරේ ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාවෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි මේ බව සදහන් කළේ. ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ දුම් පරීක්ෂාව සිදු නොකිරීම සහ ප්‍රමිතියෙන් තොර ඉන්ධන භාවිතය නිසා මෙම තීරණය ගත් බවද ඔහු සදහන් කළා.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වන තරඟය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ හයිද්‍රාබාද් හීදී පැවැත්වෙන මෙම තරඟයේදී නවසීලන්ත කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම තරඟවැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 2ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ඕස්ටේ‍රලියානු කණ්ඩායම පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට  සමත් වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේ‍රලියානු කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 199ක්. මෙහිදී ස්ටීවන් ස්මිත් ලකුණු 46 ක් හා ඩේවිඩ් වෝනර් ලකුණු 41 ක් රැස් කළා. පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ජස්ප්‍රිට් බුම්රා හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් බිද හෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඒ, ඉන්දීය ඉනිමේ…

තව කියවන්​න

පලස්තීනයේ හමාස් සටන්කරුවන් එල්ල කළ ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ සංගීත උළෙලක් පැවති ස්ථානයක පුද්ගලයන් 250කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හමාස් සටන්කරුවන් එල්ල කළ ප්‍රහාර හමුවේ ඊශ්‍රායල වැසියන් 700කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඒ අනුව ඊශ්‍රායලය නිල වශයෙන් යුද තත්ත්වය ප්‍රකාශ කිරීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ පලස්තීනයේ පුද්ගලයන් 413දෙනෙකුට වැඩි පිරිසක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තව කියවන්​න

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද මොරොක්කෝවේ මරකේච්හීදී ආරම්භ වනවා. මෙම සමුළුව ලබන 15 වැනිදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ , ලෝකයේ පිළිගත් භාවිතයන් අනුගමනය කරමින් සිදු කළ ප්‍රතිසංස්කරණ තුළින් ශක්තිමත් කරගත් ජාත්‍යන්තර විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවයි. එමගින් ශ්‍රී ලංකාව තුළ දැනට සිදුවෙමින් පවතින ආර්ථික ස්ථායිකරණය 2024 දී ආර්ථික වර්ධනයක් කරා ගමන් කරවීමට අවශ්‍ය පසුබිම සකස් වනු ඇති බවට තමා විශ්වාස කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. මෙම සමුළුවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්…

තව කියවන්​න

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා. ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් මෝටර් රථයක් අනුරාධපුර, තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී වන අලියෙකුගේ ගැටීමෙන් පසුගිය වසරේ අනතුරට පත් වුණා. ඒ මහතා අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර එවීමටයි කටයුතු කරනු ලැබුවේ. ඒ අනුව ජැක්සන් ඇන්තනී මහතා ජීවිතක්ෂයට පත්වන තෙක් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

තව කියවන්​න

ත්‍රිකුණාමල නගරය සංවර්ධනය ඇතුළු නැගෙනහිර පළාතේ කෘෂි නවීකරණය සහ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ. ඒ අනුව මහවැලි ව්‍යාපාරයෙන් මඟහැරුණු මහවැලි ඒ හා බී කලාප දෙක සංවර්ධනය කරමින් මඩකලපු දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බවත්, නිලාවේලි සිට පානම දක්වා පුළුල් සංචාරක ප්‍රවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149වන සංවත්සරයට සමගාමීව විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද මෙහිදි කටයුතු කර තිබුණා. මෙහිදී…

තව කියවන්​න

ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන අනිද්දා සිට ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි . ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ශ්‍රී ලංකාවේ පළමු වරට ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබනවා. මේ වන විට සකස් කර තිබෙන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්ති හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගැනීමට හැකි වන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කලා. ඩිජිටල් ආර්ථිකය දැනට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 4ක දායකත්වයක් මෙරට ආර්ථිකයට ලබා දෙනු ලබනවා. එය 2030 වන විට සියයට 15 ක් දක්වා වර්ධනය කර ගැනීමට සැලසුම් කර තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා…

තව කියවන්​න