Author: VNews

මානව සම්පත සහ ගෝලීය පිහිටීම උපයෝගි කර ගනිමින් ශ්‍රී ලංකාව සීග්‍ර ආර්ථික වර්ධනයකට ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රට ගොඩනැගීම වෙනුවෙන් මානව සම්පත උපරිමයෙන් භාවිතයට ගැනීම සිය අරමුණ බවයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ මහනුවර ශාඛාව විවෘත කිරීමට එක්වෙමිනුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ. ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් අනතුරුව රට සීග්‍ර වර්ධනයක් කරා ගෙන යන බවටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අවස්ථාවේදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් 314 දෙනෙකු සහ සෙසු නිලයන්ට අයත් 1565 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර තිබෙනවා. යුද හමුදාවේ 74 වැනි සංවත්සර දිනය නිමිති කරගනිමිනුයි මෙම උසස්වීම් ලබා දී ඇත්තේ. ඒ වෙනුවෙන් යුද හමුදා මූලස්ථානය විසින් වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇති අතර සම්මාන පෙළපාලියක් ද අද දිනයේදි පනාගොඩ යුද හමුදා කඳවුරේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද සදහන්.

තව කියවන්​න

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලමීටර් 75ට වැඩි තරමකතද වැසිද ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

ගාල්ල රත්ගම ප්‍රදේශයේදී ඊයේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා බවටයි අනාවරණය වී ඇත්තේ. ගාල්ල රත්ගම දිවිනිගොඩ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම ඊයේ පස්වරු 5.30 ට පමණ සිදු කර ඇති අතර, වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු පොලිස් ස්ථානාධිපතවරයා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වූ හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයා රාජකාරීමය වරදක් හේතුවෙන් වසර දෙකහාමාරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇති අතර ඔහු මීට දින කිහිපයකට පෙර ඇප මත මුදාහැරි සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

තව කියවන්​න

ඊශ්‍රායල සහ පලස්තීන යුධ ගැටුම් හේතුවෙන් මේ වන විට ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 1,500 ඉක්මවා ගොස් තිබෙනවා. එහිදී ඊශ්‍රායලයේ පුද්ගලයන් 900කට වැඩි පිරිසක් සහ පලස්තීනයේ පුද්ගලයන් 690කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ අතර සුන්බුන් බවට පත් කරන බවට ප්‍රතිඥා දී ඇති හමාස් සංවිධානය සිටින ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් සිවිල් වැසියන්ට අනතුරු අඟවා තිබෙනවා. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානය තර්ජනය කර ඇත්තේ ඊශ්‍රායල හමුදා පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව ගුවන් ප්‍රහාර එල්ල කළහොත් සියලු ප්‍රාණ ඇපකුරුන් මරා දමන බවයි.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන තරඟාවලියේ 06 වැනි තරඟයෙන් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 99න් පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 322ක් රැස් කළා. එහිදී විල් යන්ග් ලකුණු 70 ක්, නායක ටොම් ලේතම් ලකුණු 53 ක් හා රචින් රවීන්ද්‍ර ලකුණු 51 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 3ක් අවසානයේදී සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 223ක් පමණයි. පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් ලකුණු 59 කට කඩුලු 5ක් සහ මැට් හෙන්රි කඩුලු 3 ක් බිද හෙලුවා.

තව කියවන්​න

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරමින් දීර්ඝකාලීන ඉන්ධන මිල ඉහළ යාමකට ඉඩ තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ. මේ අතර ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔවුන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. මීට අමතරව සංචාරකයින් සහ සේවකයින් ලෙස මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට නැවත සිය රට බලා යාමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත්, ශ්‍රී…

තව කියවන්​න

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සදහන් කරම්මි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 03ක් ඉදිරිපත් කර තිබෙනවා. රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා, යුනෙස්කෝහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ විජයානන්ද ජයවීර මහතා සහ මාධ්‍ය නීති සංසදය විසින මෙම පෙත්සම් ඉදිරිපත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් මාධ්‍යවේදීන්ගේ නිදහස බරපතල ආකාරයෙන් කප්පාදුවීමක් සිදුවන බවයි. ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම, නිදහසේ සිතීම යනාදි මූලික අයිතිවාසිකම්ද එමගින් උල්ලංඝනය වන බව…

තව කියවන්​න

තමා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෑම අවස්තාවකදීම තරුණ නායකයින් සදහා අවස්තාව ලබා දීමට කටයුතු කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා . එමෙන්ම ඉතිහාසයේදීත් සෑම අවස්ථාවකම තමා නියෝජනය කල පක්ෂය තුලින් තරුණ නායකත්වය සදහා අවස්තාව ලබා දුන් බවයි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කලේ . මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේ ඊයේ දිනයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

තව කියවන්​න

වාහන හැර අනෙකුත් සියලුම භාණ්ඩ වලට අදාලව නිකුත්කර තිබු ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එය ඊයේ දිනය්යේදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කල බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ . මෙයත් සමග රටේ ආර්ථිකය ප්‍රසාරණය වනු ඇති බවට විශ්වාස කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළා .

තව කියවන්​න