- කැටපත් පවුරේ නම ලියූ තරුණියක් අත්අඩංගුවට
- බීමත් රියදුරන් හත් දෙනෙක් අධිකරණයට
- නීති විරෝධී මත්පැන් බෝතල් 180ක් සමග අයෙක් අත්අඩංගුවට
- ඉන්දියාවට ලකුණු 128ක ඉලක්කයක්
- ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් ප්‍රහාරයක්
- ත්‍රීරෝද රථ අනතුරකින් පෙර පාසල් දරුවන් දෙදෙනෙක් රෝහලට
- උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ නිවේදනයක්
- ඉන්දු පාකිස්තාන ගැටුම ඇරඹෙයි
Author: VNews
ලෝක ශ්‍රවණ දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ‘වෙනස් වන මානසිකත්වය, කණ් සහ ශ්‍රවණ සත්කාරය සැමට යථාර්තයක් කරමු‘ යන්නයි. ගෝලීය වශයෙන් සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙකුට ශ්‍රවණාබාධ ඇති බව පැවසෙන අතර, 2050 වනවිට පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට ශ්‍රවණාබාධ ඇතිවනු ඇති බවට අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ලොව පුරා තරුණයින් බිලියනයකට වැඩි පිරිසක් විනෝදාත්මක ඝෝෂාකාරී ශබ්දය නිසා ස්ථිර ශ්‍රවණාබාධවලට ලක්වීමේ අවදානමකට ලක්ව සිටින බවයි සෞඛ්‍ය බලධාරීන් වැඩි දුරටත් කියාසිටියා
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ (NIIBS) සිව්වැනි උපාධි ප්‍රදානෝත්සවය පසුගිය වනදා 08 අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම උපාධි ප්‍රධානෝත්වයේ දී උපාධි අපේක්ෂකයින් 97 දෙනෙකු වෙත උපාධි පිරිනමන ලදී. දර්ශන ශූරී උපාධිධාරීන් 10ක්, ශාස්ත්‍රපති උපාධිධාරීන් 48ක්, සහ ප්‍රථම උපාධිධාරීන් 39 දෙනෙකුගෙන් සමන්විත එම පිරිස අතර විදේශීය සිසුන් 6 දෙනෙක් ද වූහ. මෙම උත්සවයේ උපාධි දේශනය ද අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් විසින් සිදුකරන ලද අතර , ජපානය, චීනය, තායිලන්තය, වියට්නාමය සහ පකිස්තානය නියෝජනය කරමින් දෙස් විදෙස් සම්භාවනීය…
ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 2030දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් තමා සතු බවද ඔහු පැවසුවා . ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ඉදිරියේදී ගෙන එන නව නීති මගින් අතුරු කමිටුවල සහ අමාත්‍යවරයාගේ බලතල අහෝසි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එමෙන්ම පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5ක් වෙන් කල බවයි ජනාධිපතිවරයා අවධාරණය කලේ . මෙම මුදල් පරිපාලනය සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම ස්වාධීන භාරයක් වෙත පැවරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සදහන් කළා . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ කොළඹ කෝල්ට්ස්…
නාගහනන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම හිමියන්ගේ පූර්ණ අනුශාසකත්වයෙන් 18 වන වරටත් බුද්ධශ්‍රාවිකාවන් සඳහා පරිෂ්කාර පූජා මහ පිංකම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ දී පැවිත්විණි. මෙම අවස්ථාවට බුද්ධ ශ්‍රාවිකාවන් 5000 කට වැඩි පිරිසක් සහභාගී විය. ඊට සමගාමීව දහවල් දානය පිළිගැන්වීම ද සිදුවිය. ගෞරවනීය මහා සංඝරත්නය මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය.
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා . බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් . ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටීනවා .
2023 වසරේ ලෝකයේ ශීත ඍතුව ආරම්භ වීමත් සමගම චෙක් ජනරජයේ සිට එරට සංචාරකයන් 252 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් ( Charter Flight )අද දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. මෙම සදහා පෝලන්ත ලොට් ගුවන් සේවයේ ( L.O.T. ) ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානය අද දින අලුයම 06.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. එහිදී මෙම ගුවන් යානය ජල ආචාර පවත්වා පිළිගැනීම සිදු කළ අතර , මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සාම්ප්‍රදායික නර්තන මගින් පිළි ගෙන ඔවුන් වෙත සමරු ත්‍යාග පිරිනැමීමට ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සහ මෙරට…
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කච් දිස්ත්‍රික්කයේ පිහිටි ඩෝර්ඩෝ ගම්මානය හොඳම සංචාරක ගම්මානය ලෙස නම් කර තිබෙනවා. ඒ, එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින්. තිරසාර සංචාරක ව්‍යාපාරය, සංස්කෘතික සංරක්ෂණය සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා දක්වා ඇති විශිෂ්ට දායකත්වය අගයමින් එම ගම්මානය හොඳම සංචාරක ගම්මානය ලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. “හොඳම සංචාරක ගම්මානය” ලෙස ඉන්දියාවේ ඩෝර්ඩෝ ගම්මානය නම් කිරීම තුළින් කලාපයේ ආර්ථිකයට විශාල ශක්තියක් මෙන්ම තල්ලුවක් ලබාදෙන බව සදහන්. එහි වාර්ෂිකව පවත්වනු ලබන රන් උත්සවය හේතුවෙන් මේවනවිටත් කලාපයේ ආර්ථිකය සැළකිය යුතු ලෙස ශක්තිමත් වී තිබෙනවා.
2024 වසරේ ජනවාරි 4 වන දා සිට 31 වන දා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2023 පාසල් වර්ෂයේ තෙවනි වාරය ද සංශෝධනය කර තිබෙනවා. මෙම වසරේ දෙවනි වාරයේ දෙවනි අදියර ලබන 27 වන දායින් අවසන් වනවා. ඒ අනුව ලබන 28 වන දා සිට 31 වන දා දක්වා නිවාඩු ලබා දීමටයි අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත්තේ. මෙම වර්ෂයේ පාසල් තෙවනි වාරයේ පළමු අදියර නොවැම්බර් පළමු වනදා සිට දෙසැම්බර් 22 වන දා දක්වා ක්‍රියාත්මකයි.
දැන හෝ නොදැන සිදුකරනු ලද කිසියම් සමාජ විරෝධී ක්‍රියාවන් හේතුවෙන් අධිකරණයෙන් වරදකරුවෙකු කරනු ලබන පුද්ගලයන් නිෂ්චිත දඩුවම් කාල පරාසයකට බන්ධනාගාරගත කරනු ලබයි. එම පුද්ගලයා විශෝධනය තුලින් යහපත් පුද්ගලයෙකු බවට පත් කිරීමේ භාරදූර කාර්යය බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු සුවිශේෂී වගකීමකි. එසේ බන්ධනාගාරගත කරන ලද රැඳවියන්ගේ සැගව ඇති කුසලතා සහ දක්ෂතාවයන් නංවාලීමේ අරමුණ පෙරදැරිව නේවාසික පුනරුත්ථාපන ක්‍රියාවලියේ තවත් පියවරක් ලෙස දිවයිනේ සියළුම බන්ධනාගාරයන් ආවරණය වන පරිදි නේවාසිකයින්ගේ දක්ෂතා සොයා බලා එම දක්ෂතා භාරහිර සමාජය දැනුවත් කිරීම වෙනුවෙන් බන්ධනාගාර දපාර්තමේන්තුව විසින් දෙවන වරටත් බන්ධනාගාරගතව සිටින නේවාසික රැඳවියන්ගේ සැගවී ගිය කුසලතාවයන් හා ඔවුන්ගේ දක්ෂතාවයන් නැවත ඉස්මතු කිරීමට අවස්ථාවක් සලසා දෙමින් ඔවුන් කෙරෙහි ඇතිවූ ප්‍රතිරූපය වෙනස්කර…
ගාසා තීරයේ සම්පූර්ණ පාලනය යළිත් තමන් සතු කර ගැනීමට හැකි වූ බවට ඊශ්‍රායල හමුදාව නිවේදනය කර තිබෙනවා. පලස්තීන හමාස් සංවිධානය ස්ථාන කිහිපයකින් ගාසා තීරය ආක්‍රමණය කළ ද එය සම්පූර්ණයෙන්ම ඊශ්‍රායලයට නතු කර ගැනීමට හැකියාව ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් ඇතැම් හමාස් සටන්කාමීන් තවදුරටත් ඊශ්‍රායල් පාලන ප්‍රදේශ තුළ සිටින බවට සැකකරන බවද ඊශ්‍රායල් හමුදා පවසනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222