Author: VNews

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට මාසයක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි වියලි කාලගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ සිට සීඝ්‍රයෙන් පහත බැස තිබෙනවා. මාවුස්සාකැලේ හා කාලස්රී යන ජලාශ වල ජල මට්ටම අද පෙරවරු 08.00 වන විට පිටාර මට්මේ සිට පිළිවෙලින් අඩි 20 බැගින් පහත බැස ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුන් පැවසුවේ.

තව කියවන්​න

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා වෙත භාරදී තිබෙනවා. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 44 දෙනෙකුගේ අත්සන් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

ධාරිතාව මෙගාවොට් එක බැගින් වන පාවෙන සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ජලාශය මතුපිට සහ සෙවනගල කිරිඉබ්බන් වැව ජලාශය මතුපිට ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මේ අනුව යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය තුනක පමණ වාර්ෂික විදුලි ජනනයක් එක් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි රජය පැවසුවේ. කොරියා රජයේ සහ ශ්‍රී ලංකාවේ විදුලි බල හා බලශක්තිය අමාත්‍යාංශය අතර අත්සන් තබා ඇති සාකච්ඡා වැඩසටහන අනුව මෙම නියමු ව්‍යාපෘති දෙක ඉදි කෙරෙනු ඇති.

තව කියවන්​න

ඉදිරි උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර කෝටි හතරකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, වෙළෙඳපොළේ බිත්තරයක මිල ඉහළ දැමීම පාලනය කිරීම සඳහායි. උත්සව සමය ඉලක්ක කරගනිමින් වෙළඳපොලේ තවදුරටත් බිත්තර මිල ඉහළ දැමීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා. මේ වනවිට බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 55 ත් 60 ත් අතර මිලකටයි.

තව කියවන්​න

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 ජනවාරි මාසයේ දී දර්ශකාංක 52.9ක් වාර්තා කළ අතර, එමගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බවට තොරතුරු වාර්තා වෙනවා. 2022 ජනවාරි මාසයෙන් පසුව මෙම දර්ශකය කඩඉම් මට්ටම අභිබවා ගිය ප්‍රථම අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ.

තව කියවන්​න

කිළිනොච්චියේ ධර්මපුරම් ඇතුළු ප්‍රදේශ කිහිපයක ගවයින් අතර මේ දිනවල පැතිර යන ගව වෛරස් රෝගය හේතුවෙන් ඊයේ (03) වනවිට ගවයින් රැසක් මියගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා. මෙහිදී කිළිනොච්චිය කණ්ඩාවලෙයි පශු වෛද්‍ය නිලධාරී එස්. නිරංජන් පැවසුවේ ගව වසූරිය රෝග ලක්ෂණ පහළ වෙමින් පවතින ගවයින් එන්නත්කරණයට ලක් කරගෙන යන බවයි.

තව කියවන්​න

විදෙස් රැකියා ජාවාරමට හසු වී රුසියාවේ හමුදා කඳවුරක සේවයට ගිය ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු එම කඳවුරුවලින් මිදී මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් පවසන්නේ තවත් ශ්‍රී ලාංකිකයන් 50කට වැඩි පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව රුසියානු හමුදා කඳවුරුවල සිටින බවයි.

තව කියවන්​න

විදුලිබල සහ ඛනිජ තෙල් සැපයුම තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ (03) මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා. එහිදී විදුලිය සැපයීම මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදනය, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා.

තව කියවන්​න

විදුලි බිල නොගෙවීම හේතුවෙන්, ඝානා පාර්ලිමේන්තුවේ විදුලිය විසන්ධි කිරීමට එරට විදුලිබල සමාගම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා විදුලිය බලය විසන්ධි කර ඇත්තේ, ඩොලර් මිලියන 1.8ක් නොගෙවීම හේතුවෙන් බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 5 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. ඔහු මාස දෙකක පමණ කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ ගත කළ අතර ඔහු පැමිණීමෙන් පසු ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

තව කියවන්​න