- මේ දක්වා සහල් සම්බන්ධ වැටලීම් 3,000ක්
- විභාග පැවැත්වෙන කාල සීමාව ගැන දැනුම්දීමක්
- වැලිගම මාරක අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- කරණ්දෙණිය ඝාතනයේ සැකකරු අත්අඩංගුවට
- මෝටර් රථ දෙකක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
- මිලියන 85ක කුෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
- විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වෙනි තැනට
- ද්විත්ව ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
Author: VNews
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ තිබේ. ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ද වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 10 වනදා කුලියාපිටියෙන් සිය මැතිවරණ සටන ආරම්භ කරනවා. ”සැබෑව” යන්න තේමාව කරගත් මැතිවරණ ව්‍යාපාරය ඇරඹීමේ ප්‍රථම මහජන රැළිය කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේදී එදින පස්වරු දෙකට පැවැත්වෙනු ඇති. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සහභාගිවන ප්‍රථම මහජන රැළිය මෙය බවයි එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ.
කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් අද පස්වරුවේ පැවැති ශිෂ්‍ය සංගම් විරෝධතාවට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබෙනවා. කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම ශිෂ්‍ය සංගම්වල විරෝධතාවයක් හේතුවෙන් අදාළ මාර්ගයේ ඇතිවී තිබෙන දැඩි රථවාහන තදබදය හේතුවෙන් ඒ ඉදිරිපිට මාර්ගය හදිසියේ වසා දැමීමට ද පියවර ගෙන ගැනුණා.
අන්තර්ජාතික තරගවලදී දස්කම් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමේ සහ දිරිගැන්වීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ අනුව ඒ ඒ තරගවලදී ඉහළතම දස්කම් දක්වන ක්‍රීඩකයාට විවේකාගාරය තුළදීම තැඹිලි පැහැති තොප්පික් සහ සමරු පදක්කමක් පිරිනැමීමටයි කණ්ඩායම් කළමනාකාරිත්ව කටයුතු කර ඇත්තේ. එහි පළමු පියවර ලෙස බංග්ලාදේශයට එරෙහිව ඊයේ පැවැති තරගයේදී රැකගත් විශිෂ්ට උඩ පන්දු තුන වෙනුවෙන් චරිත් අසලංකට තැඹිලි පැහැති තොප්පිය සහ සමරු පදක්කම, ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන මහතා පිරිනැමීම සිදු කළා.
ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාද වරායක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා විනෝදාස්වාද කටයුතු වලට අදාල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා. ඒ අනුව දියකඩනය, ගැඹුරු මගී නැංගුරම්පොළ, රැදවුම් බැම්ම, මුහුදු තාප්පය, ඇල මාර්ග කැණීම් සහ ඉඩම් ගොඩකිරීම ආශ්‍රිත සමුද්‍රීය ව්‍යුහ හා ගොඩ කරන ලද ඉඩම්වල පසුකාලීන මිශ්‍ර සංවර්ධන කටයුතු මූල්‍ය පහසුකම් යොදවා ඉදිකර මෙහෙයුම් කර පවරාදීමේ පදනම මත ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතිය සඳහා ආයෝජකයකු…
රජයේ පාසල්වල 1-5 ශ්‍රේණිවල සිසුන් සඳහා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව සමස්ත පාසල් සිසුන් මිලියන 1.08ක් ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප සීයට අයත් පාසල් 7902 ක මෙම පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති. එක් සිසුවකු සඳහා දිනක ආහාර වේලක් වෙනුවෙන් රුපියල් 85ක මුදලක් වෙන්කර තිබෙනවා. වෙළඳපොලේ සිදුවන භාණ්ඩ හා සේවාවන්හි මිල උච්ඡාවචනය අනුව එකී ආහාර වේලක් සඳහා අවම වශයෙන් රුපියල් 110ක පමණ මුදලක් වැයවෙන බවයි මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත්කළ නිලධාරී කමිටුව විසින් වාර්තා කර ඇත්තේ.. ඒ අනුව එක ආහාර වේලක් වෙනුවෙන් එක් සිසුවකු සඳහා වැයවෙන මුදල රුපියල් 110ක් දක්වා වැඩි කිරීමටත් ප්‍රාථමික…
කඳාන ප්‍රදේශයේදී පසුගිය අගෝස්තු මාසයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ සැකකරු සතුව තිබී T 56 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ 45ක් සහ මැගසින් දෙකක් එහිදී විශේෂ කාර්ය බළකාය සිය භාරයට ගෙන ඇති බවයි. ඩුබායි හි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චූටි මල්ලි නමැති සැකකරු කප්පම් ඉල්ලා මෙම වෙඩි ප්‍රහාරය මෙහෙයවා ඇති බවට පොලීසිය සැකපළ කරනවා. ඒ අනුව ගිනි අවිය පමුණුගම පිහිටි චූටි මල්ලි නමැති සංවිධානාත්මක අපරාධකරුගේ නිවසේ සඟවා තිබියදී මෙලෙස සොයාගෙන තිබෙනවා.
ලොව ධනවත්ම පුද්ගලයා බවට නැවත වරක් ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙතෙක් ලොව ධනවත්ම මිනිසාගේ ස්ථානයේ රැඳී සිටි ඊලෝන් මස්ක් පසුකර ඔහු එම ස්ථානයට පත්ව ඇති බවයි. මේ වනවිට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 200ක් බව එම වාර්තා පෙන්වා දෙනවා. එම වාර්තා සඳහන් කරන්නේ ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 198ක් බවයි. ඒ අනුව පසුගිය වසරක කාලය තුළදී ඊලෝන් මස්ක්ට ඩොලර් බිලියන 31ක් අහිමිවී ඇති අතර ජෙෆ් බේසොස්ගේ වත්කම බිලියන 23කින් වර්ධනය වී තිබෙනවා.
ඉන්දීය ධීවරයින් උතුරු මුහුදේ සිදුකරන මත්ස්යස ජාවාරමට විරෝධය පා උතුරු පළාතේ ධීවරයින් අද(05) යාපනය දිස්ත්රිරක් ලේකම් කාර්යාලය ඉදිරිපස විරෝධතාවය නිරතවිණ. ධීවරයින් ඉල්ලීම් කරනු ලැබුවේ ඉන්දීය ධීවරයින් විසින් උතුරු මුහුදේ සිදුකරන මත්ස්යන ජාවාරම නවතාදෙන ලෙසයි. ඉන්දීය ධීවර ගැටළුවට විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාතේ ධීවරයින් විසින් කළු කොඩි ඔසවා බෝට්ටු රැසක් මුහුදට රැගෙන ගොස් යාපනය,මණ්ඩතිව් සාගරයේදී පසුගිය 03 වැනිදාද විරෝධතාවයක් පැවැත්වූහ.
යතුරුපැදියක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් (05) දින සිදු වු අනතුරකින් යතුරුපැදිකරු සහ පසුපස අසුනේ ගමන් ගත් තරුණයෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්රිනක් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තුවාලකරුවන් දෙදෙනා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය. මෙම අනතුර සිදු වි ඇත්තේ (05) දිනඋදැසන 10 ට පමණ හැටන් කොළඹ ප්ර ධාන මාර්ගයේ ගිනිගත්හේන රංජුරාව ප්රනදේශයේදිය. ශ්රිඅ පාද වන්දනාවේ පැමිණ ආපසු හොරණ දක්වා යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය කරන අවස්තාවේ කොළඹ සිට හැටන් දක්වා ප්ර තිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇත.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222