Author: VNews

සප්ත කන්‍යා කදුවැටිය පාමුල සිදුවු  ගුවන් සිදුවු ගුවන් අනතුරට වසර 50ක් පිරිම නිමිත්තෙන් අනතුරින් මියගිය පිරිස සිහිකරමින් අනුමස්මරණ උත්සවයක් 05දා පස්වරුවේ අඹගමුව සප්ත කන්‍යාකදුවැටිය පාමුල ඇති ස්මාරකය අභියසදි මෙරට ඉන්දුසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටොබින් (Dewi Gustina Tobing) මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. මාටින්එයා ගුවන් සේවයේ 138 ගුවන් යානය 1974 දෙසැම්බර් 4 දින ශ්‍රී ලංකාවේ සප්ත කන්‍යා කඳු වැටියේ ගැටී විනාශයට පත් වු අතර  එය ඉන්දුනීසියාවේ සුරාබයා සිට කොළඹට එමින් තිබු   මැක්ඩොනල් ඩග්ලස් DC-8-55CF යානය මෙමඅනතුරට පත්වු අතර මෙම අනතුරින් යානයේ සිටි මගීන් 191ක් සිටි අතර  හජ්ජි සැමරීමට මක්කම බලා ගමන්ගනිමින් සිටි…

තව කියවන්​න

මැයි 10 වන දිනෙන් පසු ඉන්දීය හමුදාවේ කිසිඳු සාමාජිකයෙකුට මාලදිවයින තුළ රැඳී සිටිය නොහැකි බව මාලදිවයින ජනාධිපතිවරයා අවධාරණය කරනවා. හමුදා නිල ඇඳුමෙන් තොරව සිවිල් ඇඳුමෙන් හෝ ඉන්දිය සෙබළුන්ට මාලදිවයින තුළ රැඳී සිටීමට අවසර නොලැබෙන බව ජනාධිපති මොහොමඩ් මුයිසු පවසනවා. තමා මෙය දැඩි ස්ථාවරයක සිට නිවේදනය කරන බවයි මාලදිවයින ජනාධිපතිවරයා පවසන්නේ.

තව කියවන්​න

අද පෙරවරුවේ  රත්නපුර මහාධිකරණ සංකීර්ණය අසල දී පුද්ගලයින් පිරිසකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා . එම ඇසිඩ් ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සදහන් . රිය අනතුරක් සම්බන්ධ නඩුවක් සඳහා පැමිණෙමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර එම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර තිබෙනවා . ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇත්තේ පසුගිය වසරේ සිංහල අලුත් අවුරුදු දා රත්නපුර සමන් දේවාලය අසල සිදු වූ මාරක රිය අනතුරේ ප්‍රධාන සැකකරු බවයි  වාර්තාවන්නේ ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට අදාළ රිය අනතුරෙන් මියගිය තරුණයාගේ පියා රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන  ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ .

තව කියවන්​න

උඩරට දුම්රිය මාර්ගයේ දිගම දුම්රිය උමං මාර්ගය ලෙස සැලකෙන හැටන් සිංගිමලේ දුම්රිය මාර්ගය තුල රාත්‍රි කාලයේ වැහිලිහිණි කුඩු කඩා අලෙවි කිරිමේ ජාවාරම යලිත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සිංගිමලේ දුම්රිය උමං මාර්ගය තුල විශාල වශයෙන් වැහිලිහිණියන් කුඩු බැද බිත්තර දමා ඇති අතර , ඇතැම් කුඩුවල පැටවුන්ද සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රාත්‍රි කාලයේ උණ බට වලින් සකස් කරන ලද දිගු ඉණිමගක් රැගෙන විත් දුම්රිය නොපැමිණෙන වේලාවන් වල වැහිලිහිණි කුඩු කඩා ඒවා තුල තිබෙන බිත්තර සහ පැටවුන් දුම්රිය මාර්ගයට දමා වැහිලිහිණි කුඩු රැගෙන ගොස් සංචාරක හෝටල් වලට අධික මිලකට අලෙවි කරනු ලබන බව සඳහන්. එම දුම්රිය උමං මාර්ගයේ දිවා කාලයේ මෙන්ම රාත්‍රි…

තව කියවන්​න

සුරාබදු දෙපාර්තමේන්තුවේ වර්තමානයේ සේවය කරන සහකාර කොමසාරිස්වරු නීත්‍යනුකූල නොවන විභාගයකින් සමත් වී එම තනතුරු දක්වා උසස්වීම් ලැබූ නිලධාරින් බව සමගි ජනබලවේගයේ නියෝජ්‍ය මහ ලේකම් මුජිබර් රහුමාන් පැවසීය. නියෝජ්‍ය මහ ලේකම්වරයා මේ බව අනාවරණය කළේ ඊයේ (5 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. මෙම සුරාබදු සහකාර කොමසාරිස්වරුන් මුහුණ දුන් එම විභාගය සම්බන්ධයෙන් විමර්ශන කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අභියාචනා විනිශ්චය අධිකාරියද එම විභාගය නීත්‍යනුකූල නොවන බවට තීන්දු කර ඇතැයි නියෝජ්‍ය මහ ලේකම්වරයා පැවසීය. සහකාර කොමසාරිස්වරුන් මුහුණ දුන් මෙම විභාගයට එරෙහිව ඇතැම් සුරාබදු නිලධාරින් අධිකරණයට පවා ගොස් ඇති බවද ඔහු කියාසිටියා

තව කියවන්​න

පාසල් ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පාසල් ශිෂ්‍ය නායකයන් සහ නායිකාවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ජාතික ළමාරක්ෂක අධිකාරිය ආරම්භ කර තිබේ. ‘‘ළමා ආරක්ෂාව පිළිබඳ නිත්‍ය තානාපති වැඩසටහන’’ නමින් හැඳින්වෙන මෙම වැඩසටහන යටතේ සෑම පාසලකම ශිෂ්‍ය නායකයන් සහ නායිකාවන් ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් පුහුණු කිරීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

තව කියවන්​න

රන්න කහදමෝදර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලිසිය පැවසුවේ අද (06) පෙරවරු 10.45ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි වැදුනු පුද්ගලයා බරපතල තත්ත්වයෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයා කහදමෝදර ප්‍රදේශයේ පදිංචි බහුදින ධීවර යාත්‍රාවක ස්කිපර්වරයෙකු ලෙස රැකියාව කරන අයෙකි.

තව කියවන්​න

කලවාන මීපාගම පාසල් ශිෂ්‍යාවක් කලාන්තය සෑදී බිම ඇද වැටීමෙන් අද පෙරවරුවේ මියගොස් තිබෙනවා. කලවාන පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ කලවාන පදිංචි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් බවයි. අදාළ සිසුවිය රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බවත් මරණයට හේතුව මෙහෙත්ක් අනාවරණය වී නොමැති බව සඳහන්.

තව කියවන්​න

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු මහ මැතිවරණයක් සඳහා දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති උදයංග වීරතුංග මහතා පවසනවා . ඔහු පවසන්නේ විවිධ වරප්‍රසාද හේතුවෙන් ඇතැම් අමාත්‍යවරුන් ඉදිරි මැතිවරණවලදී වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කරන බවට ප්‍රකාශ කළ ද එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම් මට්ටමේ මතය නොවන බවයි .

තව කියවන්​න

මීගහකිවුල, කළුගහකඳුර ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක්ව රවටා රැගෙන ගොස් ඥාති නිවසක රඳවාගෙන අපහරණය කළ බව පැවසෙන තරුණයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා . අදාළ තරුණයාව මහියංගනය ප්‍රදේශයේ දී එලෙස අත්අඩංගුවට පත්ව ඇති බව සදහන්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහියංගන පූජා නගරය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක තරුණයෙක් . දැරියගේ දෙමාපියන් විසින් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා . සිද්ධියට සම්බන්ධ දැරිය අද බදුල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .

තව කියවන්​න