Author: VNews

මෙක්සිකෝවේ උද්ඝෝෂකයින් පිරිසක් එරට ජනපති මැදුරේ ප්‍රධාන දොර, කැබ් රථයක් හප්පවා පෙරළා දමා තිබෙනවා. 2014 වසරේදී සිසුන් 43ක් අතුරුදන් කිරීමේ සිද්ධියට විරෝධය දක්වමිනුයි එම පිරිස උද්ඝෝෂණය කර තිබුණේ. උද්ඝෝෂකයින් පාලනය සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකළ බවත් ජනපති මැදුර තුළට උද්ඝෝෂකයින් පැමිණීම වැළැක්වීමට ආරක්ෂක බාධක ස්ථාපනය කළ බවත් වාර්තා වනවා. මෙම විරෝධතාවය සඳහා 100ක පමණ පිරිසක් එක්වී ඇති අතර ජනපති මැදුරට හානිකළ පිරිස අත්අඩංගුවට ගත් බවත් සඳහන්.

තව කියවන්​න

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 සහ 31 හැවිරිදි වියේ පසුවන සේදවත්ත සහ මට්ටකුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා. වත්තල පොලිස් වසමේ හැඳල ඇළකන්ද ප්‍රදේශයේදී මෙම සැකකරුවන් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03යි ග්‍රෑම් 336ක් පොලීසිය සොයාගෙන ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

තව කියවන්​න

ෂෙල් – ආර්.එම්. පාර්ක්ස් සමාගම ආනයනය කරන පළමු ඉන්ධන නැව ලබන 19 වැනිදා කොළඹ වරායට ළගාවීමට නියමිත බව එම සමාගම පවසනවා. ලොව ප්‍රමුඛ ඛනිජ තෙල් නිෂ්පාදන ආයතනයක් වන ආර්.එම්. පාර්ක්ස් සහ ෂෙල් එක්ව ඉන්ධන පිරවුම්හල් 200 ක් ආරම්භ කිරීමට නියමිතයි. එම ඉන්ධන පිරවුම්හල් තුළ සුපිරි වෙළෙඳසැල් සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ පහසුකම් ඇතුළු පහසුකම් රැසක් ස්ථාපිත කිරීමටයි බලාපොරොත්තු වන්නේ.

තව කියවන්​න

රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කාරක සභාවේ සභාපතිධුරයට යළිත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත්කර තිබෙනවා.

තව කියවන්​න

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්ව තිබෙනවා. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කෝප් කමිටුවේ සභාපතිධුරයට රෝහිත අබේගුණවර්ධන මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්වු බවයි.

තව කියවන්​න

දිරා ගිය විශාල මාර ගසක් කඩා වැටිමෙන් ඇණ හිට තිබු ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් ශ්‍රි පාද මාර්ගයේ ගමනා ගමන කටයුතු (07) දින පස්වරු 2 සිට යලි යථා තත්ත්වයට පත් කල බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය. එම මාර්ගයේ ටැප්ලෝ ප්‍රදේශයෙන් මාර්ගයට ඉහලින් පිහිටා තිබු මාර ගස (07) දින දහවල් 12.30 ට පමණ ප්‍රධාන මාර්ගය අවහිර වන සේ කඩා වැටුණු බවත්, පසුව ප්‍රදේශවාසින් සහ නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගස කපා ඉවත් කිරිමෙන් පසු එම මාර්ගයේ ගමනා ගමනය යලි යථා තත්ත්වයට පත් කර ඇත. එම මාර්ගයට ගසා කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනය පැය 1 ½ පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට…

තව කියවන්​න

ගොඩනගාගෙන යන වැඩපිළිවෙලේ ප්‍රගතිය හේතුවෙන් මේ වන විට රුපියල ශක්තිමත් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එමෙන්ම ලබාගත් ණය මේ වන විට ගෙවීම තාවකාලිකව නවතා ඇති අතර යළිත් 2042 වසරේදී එම ණය ගෙවීම ආරම්භ කරනු ඇති බවටයි ජනාධිපතිවරයා කියා සිටියේ. සීග්‍රයෙන් නොවුණත් යම් කිසි ආකාරයකට රටේ ආර්ථිකය පිබිදෙමින් පවතින අතර එහි ප්‍රගතිය ජනතාවට ලබාගැනීමට හැකි වී ඇති බවටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ. මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

තව කියවන්​න

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පුංචි බොරැල්ලේදී පැවැත්වූ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එමෙන්ම අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුශාන් චන්ද්‍රජිත් සහ තවත් පුද්ගලයෙකු ද එම අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක සිසුන් එක්ව ඊයේ දින කොළඹ විශ්වවිද්‍යාලය අසල සිදුකළ විරෝධතාවයකට සම්බන්ධ වූ සිසුන් දෙදෙනෙකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

රට බංකොලොත්භාවයට පත් කළ පුද්ගලයින් ආරක්ෂා කරමින් ජනාධිපතිවරයා වරින්වර පාර්ලිමේන්තුවට පැමිණ විවිධ ප්‍රකාශ සිදුකිරීම විහි`ඵ සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ අද දින පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සිදු කළ විශේෂ ප්‍රකාශය පිළිබදව අදහස් දක්වමින්. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ බොහෝ පිරිස් සිදුකරගෙන යන සංවර්ධනය වෙනත් දිශාවකට ගෙනයාම සදහා කටයුතු කරමින් සිටින බවයි. මෙහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා. ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය ද මෙලෙස අදහස් පළ කළා.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන 20-20 තරගය සිලට් හිදී අද පැවැත්වෙනවා. මේ අනුව එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි. තරගය අද පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතයි. තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1 – 0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

තව කියවන්​න