Author: VNews

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක 3වන සහ අවසන් T20 ක්‍රිකට් තරගය සිලට් හිදී මේ වනවිට පැවැත්වෙනවා . එහිදී වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වුණා . ලකුණු 175ක ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට කඩුලු 4ක් දැවී ලකුණු 15ක් රැස්කරගෙන සිටීනවා

තව කියවන්​න

ආබාධයකට ලක්වීම හේතුවෙන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ තුන්වන සහ අවසන් 20යි 20 තරගයට සහභාගී නොවන බව වාර්තා වනවා . දෙවන විස්සයි විස්ස තරගයේ සිය සිව්වන පන්දු වාරය ක්‍රියාත්මක කරමින් සිටියදී ඔහු පාදයේ ආබාධයකට ලක්වුණා . ආබාධ තත්ත්වය සුව අතට පත් නොවීම හේතුවෙන් අද පැවැත්වෙන තෙවන තරගය සඳහා මතීෂ සහභාගී ‌නොකිරීමට තීරණය කර ඇති බව සදහන්

තව කියවන්​න

පසුගිය දින කිහිපය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වල දී පාසල් සිසුන් ඇතුළු තරුණ පිරිස් ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ ඊ සිගරැට් තොගයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මාර්ගගත ක්‍රමය හරහා ඒවා අලෙවි කිරීමේ නිරතව සිට ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ. සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පසුගිය දින කිහිපයේ දී දිවයින පුරා සිදුකළ වැටලීම් වලදී මෙම ඊ සිගරැට් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

උත්සවය සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් එළෙඹෙන සතියේදී මෙරටට ආනයනය කිරීමට නියමිත බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ආසිරි වලිසුන්දර පවසන්නේ ඒ අනුව කිසිදු හිඟයකින් තොරව බිත්තරයක් රුපියල් 43 බැගින් පාරිභෝගිකයින් වෙත අලෙවි කළ හැකි බවයි.

තව කියවන්​න

මව්වරුන්, දරුවන් සහ තරුණයන් වෙනුවෙන් ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ මව්වරුන් 2,500කට සහල් කිලෝ 20 බැගින් වූ පෝෂණ සලාක ලබාදීමේ වැඩසටහනකට කොළඹදී ඊයේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. කාන්තාවන්ගේ සෞඛ්‍ය සනීපාරක්ෂක කටයුතු අවශ්‍ය අදාළ මෙවලම් නොමිලේ ලබාදෙන ජාතික වැඩසටහන සිය පාලනයක් යටතේ ඇති කරන බවද විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියා.

තව කියවන්​න

ගාසා තීරයේදී ආහාර සහ භාණ්ඩ සහිත පැරෂුටයක් කඩාවැටීමෙන් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබෙනවා. ගොඩබිමින් ආධාර ලබාදීම අසාර්ථක වීමත් සමග ඇමරිකාව සහ ජෝර්දානය එක්ව ගුවනින් ආධාර බෙදාහැරීමේ ක්‍රියාවලිය පසුගියදා ආරම්භ කරනු ලැබුවා. මෙලෙස ගුවන් යානයකින් බැහැර කළ පැරෂුටයක් නිසියාකාරව ක්‍රියාත්මක වී නොමැති අතර, සිද්ධියෙන් මියගොස් ඇත්තේ ආධාර ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි පිරිසක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ අතර ගාසා තීරයට ආධාර ලබාදීම සඳහා ඇමරිකාව යෝජනා කළ මුහුදු මාර්ගය හෙට වනවිට ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවට යුරෝපා කොමිසම නිවේදනය කළා.

තව කියවන්​න

පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ අද එළවලු මිලෙහි සුළු අඩු වීමක් දක්නට ලැබෙනවා. රාබු කිලෝවක් රුපියල් 50ක් වන අතර, කැරට් කිලෝවක් රුපියල් 200ක් වන බවයි වාර්තා වන්නේ. ලුණු කොළ රුපියල් 100ක් වන බව ද සඳහන් . දඹල කිලෝවක් රුපියල් 150ක් වන අතර,වට්ටක්කා කිලෝවක් රුපියල් 250ක් බවයි සඳහන්.

තව කියවන්​න

ප්‍රකට මාධ්‍ය අධිපතිවරයෙකු වන 92 හැවිරිදි රූපට් මර්ඩොක් 6වන වරටත් විවාහ ගිවිස ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඔහු විශ්‍රාමික රුසියානු අණුක ජීව විද්‍යාඥ 67 හැවිරිදි එලේනා ෂුකෝවා සමඟ මාස කිහිපයක් පෙම් සබඳතාවක් පවත්වා ඇති බවයි සඳහන් වන්නේ. ඔහු පසුගිය වසරේ Fox සහ News Corpහි සභාපති ධුරයෙන් ඉවත් වී තිබෙනවා.

තව කියවන්​න

කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන 145 වැනි නිල් මහා සටනේ තෙවන සහ අවසන් දිනය අදයි. ඊයේ දිනය නිමා වන විට රාජකීය විද්‍යාලීය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 දැවී ලකුණු 234 ක් ලබා සිටියා. නායක සිනෙත් ජයවර්ධන ලකුණු 92 ක් රැස් කළා. හතරේ පහර 13 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පන්දු යැවීමේදී ශාන්ත තෝමස් කණ්ඩායමේ අශේන් පෙරේරා ලකුණු 51 කට රාජකීය පළමු ඉනිමේ කඩුලු 4 බිද හෙලුවා. ශාන්ත තෝමස් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු සංඛ්‍යාව 297 ක් රැස් කළා.

තව කියවන්​න

ප්‍රංශ අත්ලාන්තික් වෙරළ තීරයේ සියගණනක් මුහුදු පක්ෂීන් මිය ගොස් ඇති අතර, අසාමාන්‍ය ලෙස අධික ශීත කුණාටු හේතුවෙන් ඔවුන් පෝෂණය වීම වළක්වන බව පරිසරවේදීන් පවසයි. වසර ආරම්භයේ සිට ප්‍රංශ අත්ලාන්තික් වෙරළ තීරයේ සාමාන්‍ය ගිලෙමොට් 500 කට වැඩි ප්‍රමාණයක් – පෙන්ගුවින් සහ පෆින් වලට සම්බන්ධ මුහුදු පක්ෂීන් – මියගොස් ඇති බව ප්‍රංශ කුරුල්ලන් සඳහා වන ලීගය ඇස්තමේන්තු කර ඇත. ලාභ නොලබන සී ෂෙපර්ඩ් ප්‍රංශයේ ස්වේච්ඡා සේවකයෙකු වන ඇන්ටොයින් ප්‍රෙවල් පැවසුවේ ශීත ඍතුවේ දී ගිලෙමොට් වෙරළ තීරයන් නිතිපතා සිදු වන නමුත් පසුගිය සතිවල පරිමාණයට නොවන බවයි.

තව කියවන්​න