Author: VNews

පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන සිසුවින් 5 දෙනෙකු ඇතුලු 27 දෙනෙක් සාදයක් පවත්වමින් සිටියදී කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කහතුඩුව ප්‍රදේශයේම මහල් නිවාස සංකීර්ණයක පැවති මේ සාදයේ දී මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට ලැබුනු තොරතුරක් ඔස්සේ සිදු කළ මෙහෙයුමකදීයි. පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන සිසුවෙකුගේ උපන්දින සාදයක් සඳහා FACEBOOK හරහා ආරාධනා ලැබ කහතුඩුව – උඩුවන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකට පැමිණි විසි හත් දෙනකු මත්ද්‍රව්‍ය පානය කරන බවට තොරතුරක් කහතුඩුව පොලිසියට ලැබී තිබිණ. ඒ අනුවයි ඊයේ රාත්‍රියේ කහතුඩුව පොලිසියේ විශේෂ පොලිස් කණ්‌ඩායමක් අදාල සාදය පැවැති නිවාස සංකීර්ණයට පැමිණ සාදයට එක්ව සිටි පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

තව කියවන්​න

ශ්‍රී පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා   රාත්‍රියේ වරින් වර විදුලිය විසන්ධි විම නිසා ශ්‍රි පාද වන්දනාකරුවන් මෙන්ම එම මාර්ගයේ පිහිටි වෙලදසැල් හිමියන්නල්ලතන්නිය නගරයේ සංචාරක හෝටල් හිමියන් දැඩි අසිරුතාවයට පත් වී තිබෙනවා. අවස්තා තුනකදි මෙලෙස විදුලි බලය විසන්ධි වු බවත්, රාත්‍රි 11 පමණ වන තෙක් වරින් වර පැයක පමණ කාලයක් විදුලි බලය විසන්ධි වු නිසා ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් විදුලි බලය යලි යථා තත්ත්වයට පත් වන තෙක් එම මාර්ගයේම රැඳී සිටි බවයි වන්දනාකරුවන් කියා සිටින්නේ.

තව කියවන්​න

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ගතවූ සතියේ සියයට 5.2 කින් අතිප්‍රමාණය වී තිබෙනවා. යුරෝ, ස්ටර්ලින් පවුම්, ජපන් යෙන් මෙන්ම අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂ්වද රුපියලෙහි අතිප්‍රමාණය වීමක් දක්නට ලැබෙන බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

තව කියවන්​න

මුම්බායි හි පැවති 2024 ලෝක රූ රැජිණ තරගයේදී කිරුළ දිනා ගැනීමට චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා සමත් වුණා. එහිදී අනුශූරිය ලෙස ලෙබනනයේ යස්මිනා සයිටූන් පත් වුණා. වසර 28කට පසු මෙම තරගාවලියේ සත්කාරකත්වය දැරූ ඉන්දියාව නියෝජනය කළේ 22 හැවිරිදි සිනි ෂෙට්ටි විසින්. කෙසේ වෙතත් මෙම තරගයේදී 2022 වසරේ ෆෙමිනා මිස් ඉන්දියා වර්ල්ඩ් කිරුළ හිමිකරගත් මුම්බායි හි උපන් ෂෙට්ටිට තරගයේ පළමු 4 දෙනා අතරට හෝ පැමිණීමට අවස්ථාවක් හිමිවුණේ නැහැ.

තව කියවන්​න

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි වාර්තා වෙන්නේ. බස්නාහිර, සබරගමුව සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

තව කියවන්​න

මෙරට නිදැල්ලේ හැසිරෙන සුනඛ ගහණය පාලනය කිරීමට නිසි වැඩපිළිවෙලක් නොමැතිකම හේතුවෙන් ජලභීතිකාව ඉහළ යෑමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මේ වන විට ලක්ෂ හැටකට අධික වීදි සුනඛයින් දිවයින පුරා නිදැල්ලේ සැරිසරන බවට අනාවරණ වි ඇති අතර, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම සුනඛයින්ට වඳ සැත්කම් සිදුකිරීමේ වැඩසටහන ද මේ වන විට අඩපණ වී ඇති බවයි. කොළඹ නගරය ඇතුළු දිවයින පුරා නගර ආශ්‍රිතව මෙන්ම, පොදු ස්ථානවලදිද නිදැල්ලේ සැරිසරන සුනඛයින් බහුල වශයෙන් එම ස්ථානවල සැරිසරන අයුරු දක්නට ලැබෙනවා.

තව කියවන්​න

වැඩිහිටි සිනමා තරුවක් වන Sophia Leone අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මීට දින කිහිපයකට පෙර Sophia Leoneගේ සිරුර ඇගේ මහල් නිවාසයේ තිබී හමුව ඇති බවයි වාර්තා වෙන්නේ. ජීවිතක්ෂයට පත්වන විට ඇයට වයස අවුරුදු 26ක්.

තව කියවන්​න

ගම්මිරිස්, ඉඟුරු, කහ ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා .ආනයන හා අපනයන පාලන රෙගුලාසි යටතේ ඊට අදාළ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් තීන්දුවකට අනුව එම පියවර ගෙන ඇති බව වාර්තා වන්නේ . ඒ අනුව, ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු, කහ සහ අනෙකුත් කුළුබඩු වර්ග ආනයන හා අපනයන පාලන ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව ආනයනය කිරීමට අවසර හිමිව තිබෙනවා .

තව කියවන්​න

පළාත් පාලන ආයතන තුළ සිටින සේවකයින් ස්ථීර කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා . ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ද මේ වනවිට ලැබී ඇති බව ඔහු සඳහන් . ඒ අනුව පළාත් පාලන ආයතන වල සේවකයින් 8,400ක් ස්ථීර කිරීමට නියමිතයි .

තව කියවන්​න

වියලි කාලගුණයත් සමග කැලෑ ගිනි තැබීම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. දිවයිනේ ප්‍රදේශ රැසකින් මේ වනවිටත් මෙවැනි ගිනි තැබීම් වර්තවනවා . මීට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ.

තව කියවන්​න