Author: VNews

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානය් අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට රාත්‍රී 12 දක්වා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ මේ බව බවසා සිටියේ. 3000 පමණ සේවකයන් මහල් අටක ගොඩනැගිල්ලක සේවය කරන අතර වසරකට වැඩි කාලයක් විදුලි සෝපාන දෙකක් අක්‍රිය තිබිය දී, වසරක් තිස්සේ පරිපාලනය විසදුම් දෙන්නේ නොමැති වීම මෙම වර්ජනයට හේතුවයි .

තව කියවන්​න

පවතින වියළි කාලගුණය හමුවේ අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ දෛනික ජල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් බවයි පැවසෙන්නේ. මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබා දීම හෝ සීමා කිරීමට සිදුව ඇති බවයි, ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන අනෝජා කලුආරච්චි සඳහන් කළේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවෙන් 2023 වසරේදී ලාදුරු රෝගීන් 1550 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා. ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන්ගේ තත්වය පිළිබඳව 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් පනත අනුව කරන ලද තොරතුරු ඉල්ලීමකදී ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

දරුවන් වෙනුවෙන් රටේ අනාගතය ගොඩනැගෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීමේ අභියෝගය භාරගෙන ඇති බවයි ඒ මහතා පවසන්නේ. මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ පාසල් දරුදැරියන් දෙදහසක් සඳහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් සාගල රත්නායක මහතා එම අදහස් පළකළා.

තව කියවන්​න

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග රක්ෂිත වලට ගිනි තැබිම් හේතුවෙන් ජල මුලාශ සිඳීගොස් හැටන් ඇතුළු වතුකරය පුරා උග්‍ර පානිය ජල ගැටළුවක් මතු වී තිබෙනවා. උඩරට දුම්රිය මාර්ගයේ වටවල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ගය දෙපස පිහිටි රක්ෂිත වලට කිසියම් පිරිසක් විසින් පසුගිය දින කිහිපය තුල ගිනි තැබිම් හේතුවෙන් අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ගිනිගෙන විනාශ වී තිබෙනවා. එම රක්ෂිතවල වෙසෙන සතුන් දඩයම් කිරිමේ අරමුණින් කිසියම් පිරිසක් විසින් මෙසේ රක්ෂිත වලට ගිනි තබන බවත්, ගිනි තැබිම් හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල දිවා කාලයේ අධික උණුසුම් කාලගුණ තත්ත්වයක්ද පවතිනවා.

තව කියවන්​න

ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර පවසනවා. ඒ සඳහා, ඉහළ ධනවත් පුද්ගල අංශය නමින් විශේෂ ඒකකයක්ද ඇතිකර එහි විමර්ශන කටයුතු සඳහා විශේෂඥයින් 10දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද පත්කර ඇති බවයි ඇය සඳහන් කළේ.

තව කියවන්​න

Whatsapp හරහා ආගමට අපහාස වන ආකාරයේ පණිවිඩ හුවමාරු කිරීමේ චෝදනාවක් මත පකිස්ථානයේ සිසුවෙකුට එරට අධිකරණයක් විසින් මරණීය දණ්ඩනය නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පකිස්ථානයේ ෆෙඩරල් විමර්ශන ඒජන්සිය (FIA) මඟින් මෙම 22 හැවිරිදි සිසුවාට එරෙහිව 2022 වසරේ දී නඩු පවරා තිබෙන අතර, එම නඩුවට අදාළව 17 හැවිරිදි තවත් සිසුවෙකුටද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ බවයි එම වාර්තාවේ සඳහන්.

තව කියවන්​න

දශකයක් වැසි ගොස් තිබු උඩුදුම්බර කලවල ප්‍රාථමික විද්‍යාලය නැවතත් සිසු අයිතියට මධ්‍යම පළාත් අධ්‍යාපන ආමාත්‍යාංශය මගින් නව ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් නගාසිටුවීමේ වැඩසටහන යටතේ වැසීගිය පාසල් නැවත ආරම්භ කිරීමේ ප්‍රවේශය 2024 මාර්තු 06 වන දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් තෙල්දෙණිය අධ්‍යාපන කලාපයෙන් ආරම්භ කෙරින. මෙලෙස ආරම්භ කරන ලද්දේ තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් උඩුදුම්බර අධ්‍යාපන කොට්ඨාශයේ කලවල ප්‍රාථමික විද්‍යාලයයි. දුෂ්කර ගම්මානයක පිහිටි මෙම පාසල 1963 වර්ෂයේදී ආරම්භ කොට ඉතා සාර්ථකව පවත්වාගෙන ගොස් ඇති අතර කාලීනව ඇතිවූ විවිධ හේතු පදනම් කරගෙන වැසීයාමට ලක්වී ඇත්තේ 2013 වර්ෂයේදීය. නැවත වසර 10 කට පසුව නව ව්‍යාපෘතිය යටතේ මප…

තව කියවන්​න

පාකිස්තානයේ නව ජනාධිපතිවරයා ලෙස අසීෆ් අලි සර්දාරි පත්ව තිබෙනවා. ඔහු පාකිස්තාන ජනාධිපති ධුරයට පත්වූ දෙවන අවස්ථාව මෙයයි. පාකිස්තාන මැතිවරණ කොමිසම නිවේදනය කළේ සර්දාරි ඡන්ද 411 ක් ලබාගෙන ඇති බවයි. ඔහුගේ ප්‍රතිවාදය වූ සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂය සහාය දක්වන මෙහ්මූඩ් ඛාන් හිමිකරගෙන ඇත්තේ ඡන්ද 181ක් පමණයි.

තව කියවන්​න

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී හා ගුවන් විදුලි නිවේදිකා රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි. මේ වන විට ඇයගේ දේහය බොරැල්ලේ පිහිටි මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා

තව කියවන්​න