- මේ දක්වා සහල් සම්බන්ධ වැටලීම් 3,000ක්
- විභාග පැවැත්වෙන කාල සීමාව ගැන දැනුම්දීමක්
- වැලිගම මාරක අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- කරණ්දෙණිය ඝාතනයේ සැකකරු අත්අඩංගුවට
- මෝටර් රථ දෙකක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
- මිලියන 85ක කුෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
- විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වෙනි තැනට
- ද්විත්ව ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
Author: VNews
මෙවර 96වන ඔස්කාර් සම්මාන උළෙලේ චිත්‍රපට තරම්ම විලාසිතාවද වඩාත් කැපී පෙනෙන්නට වුණා.
හොලිවුඩ් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන 96 වන ඔස්කා සම්මාන උළෙල ලොස් ඇන්ජලිස්හි ඩොල්බි රඟහලේදී පැවැත්වුණා. සම්මාන උළෙල කවුරුත් පුදුමයට පත් කරමින් Jhon Cena ” Best Costume Desing ” සම්මානය වෙනුවෙන් නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කරන්න වේදිකාවට පැමිණ ඇත්තේ නිරුවතින් වීම විශේෂත්වයකි. එය කාගෙත් මවිතයට පමණක් නොව හාස්‍යයට ද හේතුවක් වී තිබුණ බවයි වාර්තා වන්නේ.
පකිස්ථාන ජනාධිපති ධුරය අසීෆ් අලී සර්දාරිට හිමිවෙද්දී, පකිස්ථාන ‘ජනාධිපති ආර්යාව’ යන නමින් අසීෆ් අලී සර්දාරිගේ දියණිය අසීෆා බූතෝ හැඳින්වීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අසීෆ් අලී සර්දාරි යනු ඝාතනයට ලක් වුණු පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ සැමියායි. අසීෆ් අලී සර්දාරිට එක් දියණියක සහ පුතෙකු සිටිනවා. සාමාන්‍යයෙන් රටක ‘ජනාධිපති ආර්යාව’ යන ධුරය පිරිනැමෙන්නේ, ජනාධිපති ධුරයට පත් වන පුද්ගලයාගේ බිරිඳට වුවත්, සර්දාරි වැන්දඹුවකු බැවින්, ‘ජනාධිපති ආර්යාව’ ධුරය දියණියට පිරිනැමීමට සර්දාරි තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .
අස්වැසුම දෙවන අදියරේ ප්‍රතිලාභ ජූනි මාසයේ සිට ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා. අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම ලබන 15 වනදා අවසන් වන අතර, ඒවා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සහතික කිරීමෙන් පසු ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි.
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා . එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන, අනෝජා කළුවාරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, වියළි කාලගුණ තත්ත්වය මාස දෙකකට අධික කාලයක් පවතින්නේ නම් ජලය මුර ක්‍රමයට ලබා දීමට සිදුවන බවයි .
විදුලිබල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. එහිදී මෙම නව පනත් කෙටුම්පතේ නිෂ්කාශන කටයුතු සඳහා නීති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත්, කැබිනට් අනුමැතියෙන් පසු ලබන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා සඳහන් කළා. එහිදී ඔහු සඳහන් කළේ මිල සූත්‍රය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් කැඳවා ඔවුන්ගෙන් විමසීම් සිදු කොට ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට සූදානම් බවයි.
නාවලපිටිය සහ ඉඟුරු ඔය දුම්රිය ස්ථාන අතර මාර්ගයට ගසක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. මේ වනවිට දුම්රිය සේවකයින් විසින් ගස ඉවත්කිරීමේ කටයුතුවල නිරතව සිටින බවටයි අප වාර්තාකරු පැවසුවේ. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයේ සුළු ප්‍රමාදයක් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේදී සිදු වූ බිහිසුණු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා මාර්තු 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. සංගීත ප්‍රසංගයක් නරඹා යමින් සිටි පුද්ගලයින් පිරිසක් යටකර පළාගිය කැබ් රථයේ ගමන් ගත් පිරිස මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා මෙම බිහිසුණු අනතුරින් තුන්දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අයි.එම් .එෆ් නියෝජිතයන් සමඟ හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී නොවන බව නිවේදනය කර තිබෙනවා . ඒ බව විපක්ෂ නායකවරයාගේ ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් මඟින් ලිඛිතව දන්වා ඇති බව සදහන් . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දෙන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණා. මෙම සාකච්ඡාව හෙට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
වී මිලදී ගැනීමේ කටයුතු හෙට දිනයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මුදල් අමාත්‍යාංශයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් නොලැබුණහොත් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඒ සඳහා මුදල් යොදවන බවයි අමාත්‍යවරයා පවසන්නේ. මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ දිනවල සිදුවනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222