Author: VNews
රත්නපුර, කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ට වඩා තරමක තද වැසි හෙට දිනයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලටත්, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලටත්, මහනුවර දිස්ත්‍රික්යේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙරට පුහුණුව ලත් වෛද්‍යවරු සහ හෙදියන් විශාල පිරිසක් රට හැරයාම බරපතළ තත්ත්වයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පේදුරුතුඩුව මූලික රෝහලේ ඊයේ පැවති උත්සවයකදියි. මේ අතර, නෙදර්ලන්තයේ රජයේ ප්‍රතිපාදන මත ඉදිකරන ලද ශාන්ත පීතර රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර අංශයේ ගොඩනැගිල්ල විවෘත කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
රුසියාවේ මොස්කව්හි අගනුවර ආසන්නයේ පිහිටි රඟහලකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුන් සිව්දෙනා ඇතුළුව සැකකරුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය පවසනවා . ප්‍රහාරය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 93 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වන අතර තුවාලකරුවන් ගණන 100 ඉක්මවා තිබෙනවා . මේ අතර, රුසියානු රජය පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මියගිය අයෙකුගේ ඥාතීන්ට එරට මුදලින් රුබල් මිලියන 3ක් සහ තුවාල ලැබූ පිරිස සඳහා එක් අයෙක් වෙනුවෙන් රුබල් මිලියනයක් ලබාදීමට කටයුතු කරන බවයි . විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් මේ වනවිට බාරගෙන ඇති බවයි .
පාසල් පෙළ පොත් කොටස් 3කට වෙන් කර ඉගැන්වීම හරහා පොත් බෑගයේ බර 3න් 2කින් අඩුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බදුල්ලේදී ඌව පළාතේ පාසල්වල විදුහල්පතිවරුන් අමතමින්. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යවයා කියා සිටියේ දෙමාපියන් පෞද්ගලික පන්ති සඳහා වැඩි මුදලක් වියදම් කරන බවයි. අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන එන අතර එවිට පෞද්ගලික පන්ති සදහා සහභාගිවීම අඩුවනු ඇති බවයි.
ඓතිහාසික කතරගම පුදබිම කේන්ද්‍ර කරගනිමින් සිඟමන් යදින දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ මෙම දරුවන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කළත් මව්පියන් විසින්ම එම දරුවන් නැවත සිඟමන් යැදීමට යොමු කරන බවයි වයස අවුරුදු 05,10,16 වැනි වයස් සීමාවන්ට අයත් දරුවන් රැසක් තම මව්පියන්ද දැනුවත්ව මෙලෙස යාචක වෘත්තියේ යොදවා මුදල් ඉපයීම සිදු කරන අතර, මෙම දරුවන් වැඩි පිරිසක් පාසල් නොයන බවයි සඳහන් වන්නේ.
දේශගුණය සහ ප්‍රබල එල් නිනෝ තත්ත්වයන් හේතුවෙන් මුහුදු මට්ටම 2022 වසරේ සිට 2023 වසර දක්වා අඟල් 0.3කින් පමණ ඉහළ ගොස් ඇති බව නාසා ආයතනය පවසනවා. 1993 වසරේ සිට 2023 දක්වා ගෝලීය සාමාන්‍ය මුහුදු මට්ටම අඟල් 4ක් පමණ ඉහළ ගොස් ඇති බවයි චන්ද්‍රිකා දත්ත මත පදනම්ව එම ආයතනය සිදු කළ විශ්ලේෂණයකින් පෙන්වා දෙන්නේ.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (23) එළවලු කිලෝ 1ක මිල ගණන් පිළිබඳ තොරතුරු නිකුත් වී තිබෙනවා. කැරට් කිලෝවක මිල රුපියල් 240ක් වන අතර, බෝංචි ද කිලෝවක මිල රුපියල් 240ක් ලෙසයි සටහන් වී ඇත්තේ. එමෙන්ම වට්ටක්කා කිලෝවක මිල රුපියල් 280ක් වන අතර, තක්කාලි කිලෝවක මිල රුපියල් 240ක් ලෙසයි සඳහන් වන්නේ.
ලන්ඩන් – වේල්ස් කුමරිය වන කේට් මිඩ්ල්ටන් හට පිළිකාවක් වැළදී ඇතිබව ඇය නිවේදනය කළා . කෙසේ වෙතත් තමන් ඒ සදහා ප්‍රතිකාර ලබාගන්නා බවයි විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ඇය කියාසිටියේ . කේට් කුමරිය පසුගිය ජනවාරි මාසයේදී උදර සැත්කමකට ද මුහුණ දුන්නා. මේ අතර ඇගේ මාමණ්ඩිය වන චාල්ස් රජු ද පිළිකාවක් සදහා ප්‍රතිකාර ලබමින් සිටිනවා .
ඉන්දියාවේ ලඩාක් ප්‍රදේශයේ වැසියන් පිරිසක් රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වනවා. අධික ශිත කාලගුණය මධ්‍යයේ පැවති විරෝධතා සදහා බෞද්ධයින් 1500ක පමණ පිරිසක් සහභාගි වී තිබෙනවා. ඔවුන්ගේ ඉල්ලීමට අනුව 2019 වසරේ දී ලඩාක් ප්‍රදේශය කාශ්මිරයෙන් වෙන් කිරීමට ඉන්දීය රජය පියවර ගත්තා. උතුරු ඉන්දියාවේ පිහිටා ඇති ලඩාක් ප්‍රදේශයේ ලක්ෂ තුනක පමණ පිරිසක් වාසය කරන අතර ඔවුන් මුස්ලිම් ජාතිකයින් හා බෞද්ධාගමිකයින් වනවා. මේ වන විට ජම්මු හා කාශ්මිර් ප්‍රාන්තය / ලඩාක් හා ජම්මු කාශ්මිර් ප්‍රාන්තය ලෙස කොටස් දෙකකට වෙන්ව පවතිනවා. කෙසේ වුවද රජය තමන්ට පොරොන්දු වු පරිදි වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කිරීමකින් තොරව කටයුතු කරන බවත් ලබා දුන් පොරොන්දු ඉටු නොකරන බවත්…
ආර්ජන්ටිනාව තුළ ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 2023 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ආර්ජන්ටිනාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව එක්ලක්ෂ විසිදහසකට අධික වනවා. ඒ අතුරින් වැඩිම රෝගී සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය මාස දෙක තුළ දී බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. ඉතිහාසයේ ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වු කාලය ලෙස ද 2023 වසරේ ආරම්භයේ සිට මේ දක්වා කාලය සැලකිය හැකියි. එමෙන්ම වාර්තා වී ඇති රෝගී සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 200%කින් පමණ ඉහළ යාමක් බව ද සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. එම කාලය තුළ දී ආර්ජන්ටිනාවෙන් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 79ක්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222