Author: VNews

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී ඇත පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 22 වැනි දා ප්‍රකාශ කළේය.

තව කියවන්​න

මොස්කව් අගනුවර ප්‍රසංග ශාලාවකට වෙඩික්කරුවන් පිරිසක් කඩාවැදී එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් රුසියාව අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් 150 දෙනෙකු මියගොස් 140 කට අධික පිරිසක් තුවාල ලැබුවා. වෙඩි තැබීමට පැමිණි හතරදෙනෙකු යුක්රේනය බලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රුසියානු ෆෙඩරල් ආරක්ෂක අංශය අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 11ක්.

තව කියවන්​න

ලොකු ලූනු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබේ. මිල ඉහළ යාම පාලනය කිරීමට සහ දේශීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු තොග පවත්වාගෙන යාමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව ඉන්දීය රජය ප්‍රකාශ කර ඇත. පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දීය රජය විසින් ලොකු ලූනු අපනයනය තහනම් කළ අතර එය ලබන 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි. ලොකු ලූනු අපනයනය තහනම් කිරීමත් සමග ඉන්දීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු මිල සීඝ්‍ර ලෙස පහත වැටුණු අතර ඉදිරි මැතිවරණය ඉලක්ක කරමින් මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් අපනයනය තවදුරටත් තහනම් කිරීමට ඉන්දීය රජය…

තව කියවන්​න

මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පියවර ගෙන ඇත. පසුගිය ඔක්තෝබර් මස 16 වන දින ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කරනු ලැබීය. මැතිවරණ නීති රීති පිළිබඳ පරීක්ෂා කර බලා කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මැතිවරණ නීති සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම එම පරීක්ෂණ කොමිෂන් සභාවට පවරා තිබේ.

තව කියවන්​න

අද දිනයේත් සිරුරට දැනෙන අධික උණුසුමක් පැවතිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරුමැද පළාත්වලත් මන්නාරම, වවුනියාව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අධික උණුසුම් සහිත කාලගුණ තත්වයක් පැවතිය හැකියි. මේ අතර රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

තව කියවන්​න

57 වන අලු‍ත් සහල් මංගල්‍යය ලබන මස 06 දින පැවැත්වීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු සැළසුම් කර තිබෙනවා. 2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් කොටසක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කෙරෙනවා. උදාවන සිංහල හා දෙමළ අලු‍ත් අවුරුද්ද මෙන්ම 2024 යල කන්නයේ වගා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීම මෙහි අරමුණයි.

තව කියවන්​න

යුක්තිය මෙහෙයුම යටතේ තවත් සැකකරුවන් 880 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිසිය පැවසුවේ ඒ අතර කාන්තාවන් 14 දෙනෙකු ද වන බවයි.මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 58 දෙනෙකු රැදවුම් නියෝග යටතේ ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.එමෙන්ම සැකකරුවන් 20 දෙනෙකුගේ වත්කම් විමර්ෂනය කිරිමට නියමිත අතර පුද්ගලයින් 29 දෙනෙකු පුනුරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි පොලිසිය සදහන් කළේ.

තව කියවන්​න

රුසියාවේ මොස්කව් අගනුවරදී සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව තරයේ හෙළා දකින බව විදේශ අමාත්‍යාංශය පවසනවා . නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ සිවිල් වැසියන්ට එරෙහි මෙවැනි නිවට ප්‍රචණ්ඩ ක්‍රියා පිළිකුල් සහගත වන අතර ශිෂ්ඨ සමාජය තුළ ඊට ඉඩක් නොමැති බවයි . එසේම, තුවාල ලැබූ සියලු‍ම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද විදේශ අමාත්‍යාංශය පවසනවා . ශ්‍රී ලංකා රජය සහ ජනතාව විපතට පත් වූවන්ගේ පවුල්වලට, මහජනතාවට සහ රුසියානු සමූහාණ්ඩුවේ රජයට හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන බවද එම නිවේදනයේ සඳහන් .

තව කියවන්​න

තරගයට මඩ ගැසීම් සහ චරිත ඝාතන මුල් කරගත් දේශපාලන සංස්කෘතියක් තුළ, තම අරමුණ වී ඇත්තේ තරගයට වැඩකිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට මුදල් පරිත්‍යාගයක් සිදුකිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ. විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉදිරියේදී නව ව්‍යවසායකයින් ලක්ෂ 10ක් බිහිකිරීමටද බලාපොරොත්තු වන බවයි.

තව කියවන්​න

කූඨ ලෙස සකස් කළ බල්ගේරියානු ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ජපානයේ නරීටා වෙත පළා යාමට තැත් කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්තොටුපල පිටත්වීමේ පර්යන්තයේදී මෙලෙස අත්අඩංගුවට ගත් විදේශිකයාගේ වයස අවුරුදු 41 ක්. මොහු ඊයේ  දෝහා සිට කටාර් ගුවන් සේවයේ QR- 654 දරණ යානයෙන් මෙරටට පැමිණ තිබුණා. පසුව ඔහු ජපානයේ නරීටා බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේදී ඉදිරිපත් කළ ලිපි ලේඛණ පිළිබඳව සැක සිතී මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගේ ගමන් මලු පරීක්ෂාවේදී මෙම ව්‍යාජ බල්ගේරියානු ගමන් බලපත්‍රය සොයාගෙන තිබෙනවා.

තව කියවන්​න