Author: VNews

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට (06) සවස 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වයඹ පළාතේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

ඉන්දු පැසිෆික් කලාපය තුළ චීනයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එම කලාපයේ රටවල් දැඩි අවධානයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රටවල් කිහිපයක්ම චීනයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරන අතරවාරයේ ඊට එක් වූ නවතම රට බවට නවසීලන්තය පත්ව ඇති බවයි එම විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඒ අනුව චීනයේ පැසිෆික් කලාපයේ ආරක්‍ෂාව සඳහා සිදු කරන ඇගිලි ගැසීම් සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දක්වා ඇති බව නවසීලන්තයේ විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් පවසනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට පුර්ණ සහය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. එහි සභාපති මසට්ගුසු අසකාවා මහතා , මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමුවු අවස්ථාවේදීයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ. මෙරට ක්‍රියාකාරී ආර්ථික සැලස්ම මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ඇගයීමට ද ලක්කළා. ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියේ ප්‍රගතිය සහ මෙරට ආර්ථික ස්ථාවරත්වය වැඩි දියුණු කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ 57 වන වාර්ෂික සමුළුවට සහභාගිවීම සදහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාස් සේමසිංහ මහතා ජෝජිවාවට ගොස් ඇති අතර එහිදීයි මෙම හමුව සිදුව ඇත්තේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබා දෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ක්‍රිකට් ආයතනය පවසන්නේ, ටෙස්ට් ක්‍රීඩකයින් දිරිගැන්වීම සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රමුඛත්වය ලබාදීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බවයි. නව තරග ගාස්තු අනුව එක් එක් ක්‍රීඩකයාගේ තර්ක කොන්ත්‍රාත්තුව මත පදනම්ව මෙම ගාස්තු ඉහළ නැංවීම සිදු කර ඇති බව සඳහන්. ක්‍රීඩකයෙකුට තරගයකින් ඇමරිකානු ඩොලර් 15,000කට ආසන්න මුදලක් හිමි වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 44කට ආසන්න වනවා.

තව කියවන්​න

දඹදිව වන්දනාව සඳහා ගිය මාතර – වැලිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු අතුරුදන් වූ පුවතක් වාර්තා වනවා. දෙමාපියන් ඉල්ලා සිටින්නේ රජය මැදිහත්වී ඔහුට සිදු වූ දේ සොයා දෙන ලෙසයි. මෙලෙස අතුරුදන් වූ 44 හැවිරිදි චරිත සුනෙත් නම් පුද්ගලයා පසුගිය මාර්තු 28 වැනිදා සිය මිතුරෙකු සමඟ දඹදිව වන්දනාවට ගොස් ඇත්තේ දින පහක් සඳහායි. මිතුරා පවසා ඇත්තේ මොහු පසුගිය 2 වනදා අලුයම හෝටලයන් පිටත්ව ගිය බවයි. ඉන්පසු ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නැති බවයි මිතුරා ඥාතීන් වෙත පවසා ඇත්තේ

තව කියවන්​න

පොදු සමා කාලය තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් නවදහසක් නීත්‍යාණුකුලව සේවයෙන් ඉවත් කළ බව යුද හමුදා මුලස්ථානය පවසනවා. නිවාඩු ලබා සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින් සදහා පසුගිය අප්‍රේල් 20 වනදා සිට සති දෙකක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබුණා. ඒ අනුව අදාළ කාලය තුළ හමුදා සාමාජිකයින් 9770ක් සේවයෙන් ඉවත් වී ඇති බවයි යුද හමුදා මුලස්ථානය සදහන් කළේ. අදාල පොදු සමා කාලය ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය , මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ දී දේව කන්නලව්වක නිරත වී තිබෙනවා. එම සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ සිය වෘත්තිය ගැටළුවලට විසදුම් ඉල්ලා මෙලෙස දේව කණ්නලව්වක නිරත වු බවයි. සේවා ව්‍යවස්ථාව සහ දීමනා ගැටළුවලට මැයි 08 වනදාට පෙර රජය විසදුම් ලබා නොදුනහොත් සමස්ත ග්‍රාම නිලධාරී ප්‍රජාව වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බවයි නන්දන රණසිංහ මහතා සදහන් කළේ.

තව කියවන්​න

දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා. විපක්ෂ නායක කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ. එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා. මෙම වසර මෙරට දේශපාලනයේ තීරණාත්මක වසරක් වනු ඇති බවයි සජිත් ප්‍රේමදාස මහතා ජපාන විදේශ කටයුතු අමාත්‍යවරියට පෙන්වා දී ඇත්තේ. රට ගොඩනැගිමට ඇති සැලසුම් පිළිබදව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කරුණු පැහැදිලි කර තිබෙනවා.

තව කියවන්​න

2024 ඡන්ද හිමි නාම ලේඛණය සම්බන්ධයෙන් හිමිකම් සහ විරෝධතා ගොණු කිරීමට ලබා දී තිබු කාලය හෙටින් අවසන් වනනවා. ග්‍රාම නිලධාරීවරුවන් මගින් අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ද හිමිකම් සහ විරෝධතා ගොණු කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. කෙසේවෙතත් ඡන්ද හිමි නාමලේඛණයට හිමිකම් සහ විරෝධතා ගොණු කිරීමට ලබා දී ඇති කාලය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ. මේ අතර මැතිවරණ කොමිසම ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අනිද්දා යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

ජපන් රජයේ ණය ආධාර මත මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය වන යෝකෝ කමිකාවා මහත්මිය අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී ඇය පෙන්වා දුන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කළ පසු සහ ද්විපාර්ශ්වික ගිවිසුම කඩිනමින් අවසන් කිරීමේ අභිප්‍රාය ශ්‍රී ලංකා රජය තහවුරු කළ පසු එලෙස අදාළ ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කළ හැකි බවයි . ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහාය දීමට ජපානය සූදානම් බවද ඇය තවදුරටත් පෙන්වා දී තිබෙනවා .

තව කියවන්​න