Author: VNews

පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර තිබු ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට දින නියම වී තිබෙනවා. සරත් ෆොන්සේකා මහතාව සමගි ජන බලවේගයෙන් ඉවත් කිරීම සහ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබු අතර එම වාරණ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය අභියාචණාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ගොණුකර තිබුණා. ඒ අනුව අදාළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලු අභියාචණාධිකරණය එම පෙත්සම ලබන 21 වනදා සලකා බැලීමට දින නියම කර තිබෙනවා.

තව කියවන්​න

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද පස්වැනි දිනටත් ක්‍රියාත්මකවනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වැඩවර්ජයක් ආරම්භ කළේ පසුගිය දෙවැනිදා සිටයි. වැටුප 15% කින් කප්පාදු කිරීම , මාසික හිලව් දීමනාව වැඩි නොකිරී එම ඉල්ලීම්වලට අයත්වනවා. වර්ජනය හේතුවෙන් දිවයිනේ විශ්වවිද්‍යාල 17 ම දෛනික කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

තව කියවන්​න

ග්‍රාම නිලධාරී තුන් වන ශ්‍රේණියේ නව බදවා ගැනීමේ නාම ලේඛණය නිකුත් කර තිබෙනවා. අදාළ ලේඛණය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය මගින් ලබා ගතහැකිවනවා. ග්‍රාම නිලධාරීන් තුන්වන ශ්‍රේණියේ පුහුණුව සදහා සුදුසුකම් ලැබු අයදුම්කරුවන් 1942කගේ නම් මෙම ලැයිස්තුවට ඇතුලත් කර ඇති බවයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ.

තව කියවන්​න

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා මුලික සංචිතයේ ක්‍රිඩකයින් මෙරට අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය හමුවී තිබෙනවා. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජුලි චන්ග් මහත්මිය සදහන් කළේ මෙය ක්‍රිඩා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සදහා වැදගත් අවස්ථාවක් වනු ඇති බවයි. ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයින්ගේ දක්ෂතා අමෙරිකාවේ සිටින ක්‍රිකට් ලෝලින් විශ්මයට පත්කරනු ඇති බවයි ඇය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ. ඇමරිකාවේදී සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් හිදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 14 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

කටුනායක ගුවන් තොටුපළේ විසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇති කළ පුද්ගලයාට සහ සිද්ධිය පටිගත කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්. ඉකුත් දා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ වීසා නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇති ඪත්‍ී ආයතනය ඉන්දීය ආයතනයක් නොවන බවයි එහිදී ඔහු සඳහන්කර සිටියේ. නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයකින් තොරව ඒකමතිකව පසුගිය නොවැම්බර් 23 වන දින සම්මත වූ බවය. වීසා ගාස්තු පිළිබඳ ගැටලුවත් එම සම්මත කරගත් යෝජනාවලට අයත් වූ බව පැවසු අමාත්‍යවරයා නොවැම්බර් මාසයේ සම්මත වුවත් ‘ෑඕ හෙවත්…

තව කියවන්​න

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට ත්‍රස්ත තර්ජන එල්ල වී ඇති බවට වාර්තා වනවා. ලෝක කුසලාන තරගාවලියට පෙර කැරිබියන් දුපත් කිහිපයකට මෙලෙස ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමේ අවධානමක් පවතින බවයි වාර්තා වන්නේ. පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය ජුනි පළමුවනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටි ඇති වාර්තවනවා. මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් මෙලෙස කඩා වැටී ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ. මෙම ප්‍රදේශයේ මාර්ගය ඉදිකරමින් පවතින්නේ වෙල්යායක වන අතර එහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අවධියේ දමන ලද හරස් කොන්ක්‍රීට් බාල්කයක් මෙසේ මැදින් කඩා වැටී තිබෙනවා. පවතින තත්වය අනුව මාර්ගය ඉදිකර අවසන් වීමෙන් පසු අධිවේගී මාර්ගයේ ගමන් කිරීම මහත් අනතුරකට හේතුවක් වනු ඇති බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කලේ.

තව කියවන්​න

හොරණ ප්‍රදේශයේ අද සිදුවු වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරු විදෙස් ගතවීම සදහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ කුඩා උඩව ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයෙක්’

තව කියවන්​න

මුහුද රළුවීම පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුවල කල්පිටිය සිට කොළඹල ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයවල මුහුදු රළල උස මීටර් 2.5 *3.0* ක් පමණ සහ තරංග කාලය තත්පර 12 * 16* ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව සඳහන්. එසේම කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමි”මේ හැකියාව ද පවතින බව එම නිවේදනයේ දැක්වෙනවා. එබැවින් කල්පිටිය සිට කොළඹල ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය විටින් විට රළු විය හැකියි එම නිසා මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවික කටයුතුවල ‍යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව…

තව කියවන්​න

මෙරට ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව මනෝ වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. ජාතික ළමාරක්ෂක අධිකාරිය ද පවසන්නේ ජංගම දුරකථනවලට අසීමිත ලෙස ඇබ්බැහි වූ දරුවන් ඉන් බේරා ගැනීම සඳහා මැදිහත් වන ලෙසට මව්පියන්ගෙන් ඉල්ලීම් රැසක් ලැබෙමින් පවතින බවයි.

තව කියවන්​න