Author: VNews

ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ. වෘත්තීය පුහුණු හා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීම පිළිබඳ කොරියානු රජයට කෘතවේදීත්වය පළ කරමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී අදහස් දැක්වූ අතර ඉදිරියේ දී ප්‍රශස්ත මට්ටමේ කොරියානු වෘත්තීය පුහුණු අවස්ථා සඳහා අදාළ වන පරිදි ශ්‍රී ලංකාවේ පුහුණු පාඨමාලා සැකසීම පිළිබඳ උනන්දුව හා අවධානය යොමු කරන බව ද කී යග එසේ ම ඒ සඳහා එරටේ සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී…

තව කියවන්​න

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් කුමන හෝ ආණ්ඩුවක ඇමැති ධූර දරා තිබෙන බවත් මේ නිසා හැත්තෑ හය වසරක ශාපය සම්බන්ධයෙන් අනෙකට චෝදනා කර තමන් සුදනා වීමට කිසිවෙකුටත් නොහැකි බවත් දෙවන පරපුර නායක උවිදු විජේවීර මහතා පවසයි. ආණ්ඩු පිහිටු වූ මෙන්ම ආණ්ඩු පිහිටු වීමට දායක වූ පක්ෂ නායකයින් අද නව දේශපාලන බලවේග ගොඩ නගන්නට උත්සහ කරන බව ද ඒ මහතා කීය. එට්කා ගිවිසුමල දහතුන බලාත්මක කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් මහජන අත්සන් ලබා ගැනීම වෙනුවෙන්  මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේ දී පැවැති වැඩසටහනට එක් වෙමින් උවිදු විජේවීර මහතා මෙසේද පැවසුවේය. එට්කා ගිවිසුමල දහතුන බලාත්මක කිරීමල රටේ…

තව කියවන්​න

මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් එක්ව රුසියාවේ හමුදා සේවය සඳහා ශ්‍රි ලාංකික තරුණයින් යොමු කරවීමේ ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වන බවත්ල අදාල ජාවාරම සඳහා හසුනොවන ලෙසත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රි ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි. සංචාරක වීසා මගින් රැසියානු හමුදා සේවයට එක්වී විවිධ දුෂ්කරතාවයන්ට ලක්වී ඇති පිරිසකගේ ඥාතීන් පසුගියදා අමාත්‍යවරයා හමුවී ඇති අතරල අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිය පැමිණිලි ඉදිරිපත් කර ඇත. රුසියානු හමුදාවේ ඉහළ වැටුප් සහිත රැකියා ලබාදෙන බව පවසා විශ්‍රාමික හමුදා සාමාජිකයින් මේ සඳහා බඳවා ගෙන ඇති අතරල නමුත් ඔවුන්ට සිදුව තිබුණේ වැන්ගර් කුලි හමුදාවේ සේවය සඳහා යාමටයිග එහිදි ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරි…

තව කියවන්​න

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එබැවින් රජයේ කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට රජය ආරම්භ කළ සියලු වැඩසටහන් සාර්ථක කර ගැනීමට බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100කට පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් අද :08* පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමිනි. විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් මස 02 වැනිදා පවත්වන ලද ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩිම ලකුණු ලබා ගත් අයැදුම්කරුවන් අතරින් 2100 දෙනකු වෙනුවෙන් මෙසේ ග්‍රාම…

තව කියවන්​න

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟා වන හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය වීම කෙරෙහි ද රජය අවධානය යොමු කර තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය. පසුගිය දින කිහිපයේ සිට මෙරට මුහුණ දිමට සිදුව තිබෙන දැඩි හිරු රශ්මිය අනාගතයේ අයහපත් දේශගුණික විපර්යාසවල සලකුණක් බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස අවම කර ගැනීම කෙරෙහි කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ…

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල මඟින් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙන්ම අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහායි. මෙහිදී මෙම ශිෂ්‍යත්ව 2024 මැයි මස සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදානය කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

තව කියවන්​න

මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්‍රදේශයේ කණු මතින් ඉදිකර ඇති කොටසක කොන්ක්‍රීට් කදම්භයක් කඩා වැටීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සොයා බැලීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා . පසුගිය මැයි 4 වනදා එම කොටස කඩා වැටුණු අතර කොන්ක්‍රීට් කණු අතර කොන්ක්‍රීට් කදම්භ ස්ථානගත කිරීමේදී රබර් බෙයාරින් පෑඩ් මත ස්ථානගත කරන බවත් එම කොන්ක්‍රීට් කදම්භය ඉන් ඉවත්ව පෙරළී කඩා වැටී ඇති බවත් සදහන් . ඒ හේතුවෙන් තවත් බාල්ක දෙකකට ද හානී සිදුවී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ . එබැවින් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය 01 කොටසේ ඒ සම්බන්ධයෙන් පුළුල් ලෙස පරික්ෂා කර බැලීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය…

තව කියවන්​න

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාලව ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා සකස්කරන ලද තාක්ෂණික වාර්තාව රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා ලද නමුත්, එකඟ වූ පරිදි මෙතෙක් පොරොන්දු ඉටුවී නොමැති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා. අදාළ තාක්ෂණික වාර්තාවේ කොටසක් මැයි මාසයේ වැටුපට එක් කරන බවත්, ඉතිරි කොටස ලබාදීම පිළිබඳව සති හතරක් ඇතුළත නිල දැණුම් දීමක් සිදු කරන බවත්, රජයේ එකඟතාවය වූ බවත්, ඉතිරි කොටස පිළිබඳව මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බවයි ඔහු පවසන්නේ. ඒ හේතුවෙන්, මැයි 09 වෙනිදා සිට නැවත වතාවක් සෞඛ්‍ය සේවාව තුළ වර්ජනයක් කැඳවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කළ බවයි  සඳහන් කරන්නේ

තව කියවන්​න

සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා. අද විභාගයේ පළමු දිනය වන අතර බංගොඩ ප්‍රදේශයෙන් අවාසනාවත්න පුවත් වාර්තාවනවා. විභාගය සදහා ආශිර්වාද ලබා ගැනීමට බලංගොඩ ප්‍රදේහයේ දේවාලයක් වෙත ගිය සිසුවෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්වුණා. ක්ලන්ත තත්ත්වය පත්වු සිසුවා රෝහල් ගත කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්වු බවයි අප වාර්තාකරු සදහන් කළේ.

තව කියවන්​න

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යළි රක්ෂිත බන්ධානාගාර ගතකර තිබෙනවා. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ කෙහෙළිය රක්ඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් අට දෙනා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි. එමෙන්ම ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.

තව කියවන්​න