- හිටපු නාවික හමුදාපති යලිත් රක්ෂිත බන්ධනාගාරයට
- මාකදුරේ මදූෂ්ගේ බිරිඳගෙන් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් – VIDEO –
- නාමල්ගෙන් නි:ඇමති සුනිල්ට එන්තරවාසි !
- හමාස් නායකයන්ට දැවැන්ත ප්‍රහාරයක්
- වැරදි කරන පොලිස් නිලධාරීන් ගැන ඇමති අවධානයෙන් – VIDEO –
- මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු රිමාන්ඩ්
- පාසල් විද්‍යාගාර වෙනුවෙන් මිලියන 500ක්
- ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතට කථානායකවරයා අත්සන් තබයි
Author: VNews
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති වාරණ නියෝගයට එරෙහිවයි. කොළඹ දිසා අධිකරණය මගින් නිකුත් කර ඇති එම වාරණ නියෝගය විසුරුවා හැරීමේ තීන්දුවක් නිකුත් කරන ලෙසයි මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ.
වසර දෙකකට පෙර පැවති තත්ත්වයට වඩා 200් %කින් රටේ ආයෝජන පරිසරය යහපත් අතට පත් වී ඇති බවත් 2024 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති ඉලක්කය මෙම වසර අවසානය වන විට තෙගුණ කළ හැකි බවත්ල ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. ආයෝජන රට තුළට පැමිණීමට නම් රටේ දේශපාලන ස්ථාවරභාවයල මූල්‍ය ස්ථාවරභාවය මෙන්ම අනාගතය පිළිබඳ නිශ්චිතතාවයත් පැවතිය යුතු බවත්ල මේ වන විට රටට ආයෝජන පැමිණෙමින් ඇති බැවින් එම ස්ථාවරත්වය රට තුළ තිබෙන බව තහවුරු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කර සිටියේිස්ථාවර රටකට සැවොම එක මඟකට’…
ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. අදාළ පනත් කෙටුම්පත් එළඹෙන ජූනි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ මඟින් ස්ත්‍රී පුරුෂ සමානාත්මත්තාව හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමල කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවීම සහ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට හැකි වන බවද පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
සිය ගැටළු සඳහා තවදුරටත් බලධාරීන් විසදුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී රාජකාරිවලින් ඉවත් වී වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසනවා. එහි ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා කියා සිටියේ, ග්‍රාම නිලධාරීන්ගේ ගැටළුම විසඳීමට රජයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි. ඒ අනුව ගැට`ඵවලට විසදුම් ඉල්ලා ඉදිරි දිනවල විරෝධතා සංවිධානය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
මේ වන විට පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා කිහිපයක් වාර්තා වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ අක්‍රමිකතා කිහිපයක් සිදුවුවද ප්‍රශ්න පත්‍ර පිටවීමක් පිළිබද වාර්තා වී නොමැති බවයි. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළා. ප්‍රශ්න පත්‍රයක රහස්‍ය භාවය ලෙස සැලකෙන්නේ විභාගය ආරම්භ වී පළමු පැය භාගය තුළ බවයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සදහන් කළේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බව පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව පවසනවා. සබරගමුව විශ්වවිද්‍යාලයේ පවතින අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේදී අනාවරණ වී තිබුණා. ඒ අනුව එම අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කර කඩිනම් වාර්තාවක් සකස් කරන ලෙස කෝප් කමිටුව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරිය දැනුම් දුන්නා. අදාළ වාර්තා විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බවයි කෝප් කමිටුව සදහන් කළේ.
වෙසක් පොහොයට සමගාමීව සංවිධාන කරන දන්සල් සඳහා අව්‍යශය සෞඛ්‍යමය උපදෙස් ලබා දීමට සූදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කලේ ලඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට ගොස් දන්සල ලියාපදිංචි කර ඊට අදාළ උපදෙස් ලබා ගත හැකි බවයි. මේ අතර මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පාචනය සහ උණ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම් සිදුවනවාග එබැවින් එළඹෙන වෙසක් සමයේදී ලබා දෙන දන්සල් සඳහා ජලය භාවිත කිරීමේදී සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුතු මානුෂිය ජනතා සන්ධානය පාර්ලිමේන්තුවේ ලියාපදිංචි කර තිබෙනවා. නව සන්ධනය සදහා පක්ෂ 23ක් එක්ව ඇති බවයි දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ. ඉදිරියේදී එළඹෙන මැතිවරණ සදහා හදවත ලකුණ යටතේ මානුෂිය ජනතා සන්ධානය තරග කරන බවයි දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ.
ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙස පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් රෙඩ් සහ ග්‍රීන් කණ්ඩායම අතරයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් රෙඩ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 212ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ග්‍රිීන් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 174ක් පමණයි. ඒ අනුව එම තරගය ලකුණු 38කින් ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ග්‍රීන් කණ්ඩායම සමත් වුණා.
ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සදහා අයදුම්පත් කැදවීම ආරම්භ කර තිබෙනවා. එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට පෙර මෙලෙස අයදුම්පත් කැදවන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ. ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු ක්‍රිඩක රාහුල් ඩ්‍රාවිඩ්ගේ කොන්ත්‍රාත් කාලය ලබන මාසයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222