Author: VNews

අක්මීමන ප්‍රදේශයේ පුද්ගල ඝාතනයකට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව රත්මලාන ප්‍රදේශයේදී පිහිටි ලැගුම් හලක සැගව සිටියදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. අක්මීමන ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය පිළිබද පර්යේෂණ කටයුතු ලබන වසරේදී ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ ඒ සදහා රුපියල් බිලියනයක් වෙන් කරන බවයි. මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සියවන සංවත්සර සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. කෘත්‍රිම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් අදාළ පර්යේෂණ කටයුතු ලබන තෙක් කල් තැබීමට සිදුව ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

තව කියවන්​න

මෝදර ඉබ්බාවත්ත පොදු වැසිකිළිය අසළ සිදු කළ මෙහෙයුමකදී හෙරෝයින් සන්තකව සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මෝදර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 12යි මිලි ග්‍රෑම් 200ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. අතඅඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15 බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

තව කියවන්​න

දරුවෙකු ප්‍රසූත කළ බාල වයස්කාර පාසල් සිසුවියක් දරුවා රෝහලේ දමා පලායාමේ සිද්ධියක් යාපනය ශික්ෂණ රෝහලෙන් වාර්තා වෙනවා. අදාළ පාසල් සිසුවිය 15 හැවිරිදි වියේ පසුවන අතර ඊයේ සවස ඇය දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කර තිබෙනවා. ඒ අනුව මෙම සිසුවිය විසින් දරුවෙකු ප්‍රසූත කර ඇති අතර එම දරුවාව රෝහලේ දමා ඇය පැන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

ඇෆ්ගනිස්ථානයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. බග්ලන් පළාතේ දිස්ත්‍රික්ක පහකට අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් විශාල පිරිසක් අතුරුදන් වී තිබෙනවා. පසුගිය සති කිහිපය තුළ ඇෆ්ගනිස්ථානයට අසාමාන්‍ය ලෙස අධික වර්ෂාපතනයක් ඇතිවී තිබෙන බවත් විදෙස් වාර්තාවල සඳහන්. මෙම තත්වය හමුවේ 200කට වැඩි පිරිසක් තම නිවෙස් තුළ සිරවී සිටින බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

පොලීසිය ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා සැකකරුවන් 111,074 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ ඔවුන්ගෙන් සැකකරුවන් 4472ක් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින බවයි. මෙම මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 41ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 43ක්, මත්පෙති ලක්ෂ 03ක් සහ රුපියල් මිලියන 1500ක නීතිවිරෝධී වත්කම් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

තව කියවන්​න

මෙරට රත්තරන් වල මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොල දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව අද  පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොලේ කැරට් 22 රන් පවුමක මිල රු.177,600ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේ දී එය සටහන් වුණේ රුපියල් 175,700ක් ලෙසයි. මේ අතර ඊයේ රුපියල් 191,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වන විට රුපියල් 193,000ක් දක්වා රුපියල් 2,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොල ආරංචි මාර්ග වාර්තා කරනවා

තව කියවන්​න

හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක සමග එම ජාවාරමේ නිරත වු බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාවික හමුදා කෝප්‍රල්වරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා අනුරාධපුර කොට්ඨාස අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර කෝප්‍රල්වරයා ලබන 21වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහෙස්ත්‍රාත් අභිමානී සෙනවිරත්න මෙනවිය එහිදී නියෝග කළා.

තව කියවන්​න

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලත් අද  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බව එම නිවේදනයේ දැක්වෙයි. එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන ලෙසත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.

තව කියවන්​න

පෑලියගොඩ ආර්ථික මාධ්‍යස්ථානයේ එළවලු මිල තවත් පහළ ගොස් තිබෙනවා. කැරට් කිලෝවක මිල රුපියල් 150ක් වන අතර, මෑ කරල් මිල රුපියල් 50ක් බවයි සඳහන් වන්නේ. එමෙන්ම, බිට්රුට් කිලෝවක මිල රුපියල් 70ක් වන අතර, බෝංචි මිල රුපියල් 150ක් බවයි සටහන් වී ඇත්තේ. තවත් එළවලු කිහිපයක කිලෝවක මිල ගණන් පහතින්,බණ්ඩක්කා මිල රුපියල් 50කැකිරි මිල රුපියල් 60 තක්කාලි මිල රුපියල් 50 කරවිල මිල රුපියල් 50අමු මිරිස් මිල රුපියල් 150

තව කියවන්​න