Author: VNews

සිංගප්පුරුවේ අග්‍රාමාත්‍ය ලී සියැන් ලූන්ග් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. වසර 20ක ලී පාලන කාලය නිමාවට පත්කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ. සිංගප්පුරුවේ අග්‍රාමාත්‍ය ධුරය වැඩිම කාලයක් හෙබවු පුද්ගලයා ලෙස ද ඔහු සැලකෙනවා. ලී සියැන් ලූන්ග්ගේ පියා වන ලී කුවාන් යූ වසර 25ක කාලයක් සිංගප්පුරුවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවු අතර ඔහු නූතන සිංගප්පුරුව ගොඩනැගු පුද්ගලයා ලෙසයි සැලකෙන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය වර්ධනය වීම හේතුවෙන් දිවයිනේ වැසි තත්වයේ වැඩිවීමක් තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ඉක්මවු තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.

තව කියවන්​න

11 වන කිනාමි මිචිටාකා අනුස්මරණ තරගාවලියේදී ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ එම තරගාවලියේ මීටර් 400 පිරිමි ඉසව්වේ පළමුවන ස්ථානයට පත්වෙමින්. මෙම තරගයේදී ඔහු වාර්තා කළ කාලය තත්පර 45.92ක්. ජපානයේ ඔසාකා නුවරදීයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වුණා. මෙම තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා. ඒ අනුව අද තරග 4ක් පැවැත්වීමට නියමිතයි. සී.සී.සී සහ නුගේගොඩ කණ්ඩායම් අතර තරගය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගනයේදිත්, කැන්ඩි කස්ටම්ස් සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් අතර තරගය පනාගොඩදීත් පැවැත්වීමට නියමිතව තිබෙනවා. පොලිස් සහ රාගම කණ්ඩායම් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගනයේදී තරග වදින අතර පානදුර සහ කුරුණෑගල කණ්ඩායම් පනාගොඩදී තරග වැදීමට නියමියි.

තව කියවන්​න

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුර්ණ කාලීන සාමාජිකත්වය පලස්තීනයට ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් වු යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා. පලස්තීනයට පුර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබද ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත්ව තිබුණා. අදාළ යෝජනාවට ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල් 143ක් පක්ෂව ඡන්ද ලබා දී ඇති අතර රටවල් 09ක් විපක්ෂව ඡන්දය ලබා දී තිබෙනවා. එමෙන්ම තවත් රටවල් 25ක් අදාළ යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තව කියවන්​න

ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ නායයාම සක්‍රිය වු ස්ථානය අභ්‍යන්තරයේ ජලය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයාම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ගාමිණි ජයතිස්ස මහතා පැවසුවේ යන්ත්‍රයක් මගින් ජලය ඉවත් කිරීම ආරම්භ කළ බවයි. ඇල්ල කරදගොල්ල නායයාම පසුගිය 25 වනදා සක්‍රිය තත්ත්වයට පත්ව තිබුණා.

තව කියවන්​න

සබරගමුව පළාතේ පාසල් 1080ක ගුරු පුරප්පාඩු 4600ක් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි මහතා පැවසුවේ කඩිනමින් එම පුරප්පාඩු සම්පුර්ණ කිරීමට පියවර ගන්නා බවයි. එහි මුලික අදියර යටතේ පාසල් 425ක ගුරු පුරප්පාඩු සම්පුර්ණ කිරීමට නියමිතයි. ඒ අනුව සාමාන්‍ය විෂයන් සදහා ගුරුවරුන් 877ක් සහ උසස් පෙළ ගුරුවරුන් 159ක් සදහා පත්වීම් ලබාදීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ අවසන් ගැසට් නිවේදනය නිකුත් කිරීමට රජය සුදානම් බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. වතු හාම්පුතුන් අදාළ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් එකගතාවට නොපැමිණියහොත් ඉදිරි දින 15ක කාලය තුළ අවසන් ගැසට් නිවේදනය නිකුත් කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

අඩු ආදායම් ලාභි පවුල් ලක්ෂ 34ක් සදහා රජය සහල් කිලෝ 10 බැගින් ලබා දී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඒ අනුව සහල් ලබාදීමේ ජාතික වැඩපිළිවෙලෙහි පළමු අදියර සාර්ථකව අවසන් වු බවයි. එමෙන්ම අදාළ ලැයිස්තුවල පැවැති අඩුපාඩු මත මගහැරී ඇති පවුල් සදහා සහල් බෙදා දීම ද ඉදිරියේදී සිදුකරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

තව කියවන්​න

ජාත්‍යන්තර හෙද දින සැමරුම අරලියගහ මන්දිරයේදී අද  පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී දැනට පවතින ශ්‍රී ලංකා හෙද විදුහල හෙද විශ්වවිද්‍යාලයක් බවට පත් කරමින් එහි සමරු පලකය විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වුණා.

තව කියවන්​න