Author: VNews

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාට මරණීය තර්ජන එල්ල වී තිබෙනවා. ඔහුගේ කාර්යාලට ලැබුණු දුරකතන ඇමතුමකින් මෙලෙස රාජ්‍ය අමාත්‍යවරයාට මරණීය තර්ජන එල්ල වී ඇති බවට කොටුව පොලිසිය පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණා. ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා. ඉදිරි මැතිවරණ කටයුතු සදහා ඉදිරිපත්වීමට ඉඩ නොදෙන බවට පවසමින් මෙලෙස ශෙහාන් සේමසිංහ මහතාට තර්ජනය කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

තව කියවන්​න

අපොස සමාන්‍ය පෙල විභාගයට පෙනි සිටිමට ගොස්  අතුරුදහන් වු පාසල් සිසුවියන් දෙදෙනා කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක සිටියදි 15 දින රාත්‍රියේ එම සිසුවියන් දෙදෙනාගේ ඥාතින් විසින් පොලිසිය වෙත දැනුම් දුන් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය. ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව ජාතික පාසලේ ස්ථාපනය කර ඇති විභාග මධ්‍යස්ථානය වෙත 14 දින උදැසන විභාගයට පෙනි සිටිමට ගිය සිසුවියන් දෙදෙනා විභාගයට පෙනි නොසිට කිසිවෙකුට නොදන්වා එදින නිවසට නොපැමිණි නිසා එම සිසුවියන් දෙදෙනාගේ දෙමව්පියන් විසින් ගිනිගත්හේන පොලිසියට පැමිණිලි කර තිබුණි. රැකියාවක් සොයාගැනිමේ අපෙක්ෂාවෙන් සිසුවියන් දෙදෙනා කොළඹට ගිය බවත්ල පසුව කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ගොස් 15 දින රාත්‍රියේ…

තව කියවන්​න

අසනිප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලි සිටින නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කරන ග්‍රාමසේවා නිලධාරිවරුන් 16 දින හැටන් ප්‍රදේශයේ සර්ව ආගමික ස්ථාන වෙත ගොස් ආශිර්වාද පුජාවන් වලට සහභාගි විමෙන් අනතුරුව ආගමික නායකයින් හමු වි සන්දේශයක් භාර දිම සිදු කෙරිණ. ශ්‍රි ලංකා ග්‍රාමසේවා නිලධාරින්ගේ සංගමයේ නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සභාපති නිශාන්ත කුමාරගේ මහතා කියා සිටියේ අසනිප නිවාඩු වාර්තා කරමින් තුනක් තිස්සේ දිවයින පුරා ග්‍රාමසේවා නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලි සිටින බවත් එම සියළු දෙනා වෙනුවෙන් සහ සිය ඉල්ලිම් ඉටු කරදෙන ලෙස ආගමික ස්ථාන වෙත ගොස් ආගමික වතාවන් සිදුකර පුජාවන් පැවැත් වු බවයි. ග්‍රාමසේවා නිලධාරින්ගේ සේවාවට සේවා ව්‍යාවස්ථාවක් ලබාදෙන ලෙස…

තව කියවන්​න

දඔුල්ල ප්‍රදේශයේ  ලොකු ළූණු වගාකරුවන්ගේ ඉල්ලීම මත ඔවුනගේ අස්වැන්නට  හොඳ  මිළක් ලබාගැනීමට ආරක්‍ෂක රාජ්‍යය අමාත්‍ය  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මැදිහත්  වේ දඹුල්ල හා ලග්ගල ආසනයේ සමස්ත ලොකු ළූණු ගොවීන් මිට වසර ගණනාවක සිට ළූණු වගාව ඉතා සාර්ථක මට්ටමින් පවත්වාගෙන ගියද, පසුගිය කාල වකවානුවේදී මිළ පහලයාම හේතුවෙන් ලොකු ළූණු වගාවෙන් ඉවත්වීමට කටයුතු කල අතර, ඒ හේතුවෙන් වෙළඳපලේ ලොකු ළූණු මිළ පාරිභෝගිකයාට දරාගත නොහැකි මට්ටම දක්වා වැඩි විය. මීට පිළියමක් ලෙස මෙම වසරේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තුළින් ලොකු ළූණු වගාකරුවන් දිරිමත් කර නැවත ඔවුන් වගා කටයුතු සඳහා පොළඹවා ගන්නා ලදි. ඒ අනුව, විශාල ගොවිබිම් ප්‍රමාණයක ලොකු ළූණු වගා කිරීමට කටයුතු…

තව කියවන්​න

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ල රුසියාවේ හිටපු තානාපති සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් කඩිනමින් රුසියාව බලා පිටත් කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මෙම අදහස් පළ කළේිස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද :16* ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න

අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා මේ වනවිට ටීනියා නැමති චර්ම රෝගයක් ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබෙනවා. එම රෝගය පිළිබඳ නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් දීර්ඝ කාලීනව බලපෑම් එල්ල විය හැකි බවයි වෛද්‍යවරුන් පවසන්නේ. රජරට සියලු ප්‍රදේශවල මෙම චර්ම රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණෙන රෝගීන්ගේ විශාල ඉහල යාමක් වාර්තා වනවා.

තව කියවන්​න

විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට සිදුවීම නිසා රුපියල් මිලියන 162ක අමතර වියදමක් දැරීමට සිදුවී ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණ වුණා. ලංකා විදුලි බලමණ්ඩලයේ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී වැඩිදුරටත් අනාවරණය වුණේ එම වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවලින් උත්පාදනය කිරීමට තිබූ විදුලි ඒකක කිලෝවොට් 195,000ක් අහිමි වී ඇති බවයි.

තව කියවන්​න

වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත මහත්මිය සඳහන් කළේ ඉන් 24 දෙනෙකු අවුරුදු 15ට අඩු දරුවන් බවයි.

තව කියවන්​න

පසුගිය වසර 02තුළ පමණක් නව නිති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර රට තුළ දූෂණය පිටුදැකීම වෙනුවෙන් ද විප්ලවීය පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා .

තව කියවන්​න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් සිදුකල පුද්ගලයන් තුන්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදි අනෙක් සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් පැමිණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගයින්ගෙන් කොල්ල කෑම් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ඔවුන් එලෙස කිරිදිවැළ , කිරුලපන , කටාන , වෙන්නප්පුව , අවිස්සාවේල්ල , යක්කල , පෑලියගොඩ , ආදුරුප්පු වීදිය , මරදාන , පන්නල සහ කොටහේන යන පොලිස් බල ප්‍රදේශ තුළ කොල්ලකෑම් සිදුකර තිබෙනවා.

තව කියවන්​න