- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
මේ වසරේ ගතවූ මාස 10 තුළ පමණක් දුම්රිය පීලි පැනීම් 86ක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඉන් වැඩිම පීලි පැනීම් වාර්තා වන්නේ උඩරට දුම්රිය මාර්ගයෙන්. මෙරට දුර්වලතම දුම්රිය මාර්ගය ලෙසින් හැඳින්වෙන මුහුදුබඩ මාර්ගයේ ද බොහෝ අවස්ථාවල පීලිපැනීම් වාර්තා වන අතර, එහි ආසන්නතම සිදුවීම වාර්තා වූයේ පසුගිය 28 වැනිදායි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පැමිණිලි 1042 ක් මේ දක්වා ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව අද නිවේදනයේ කළේ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා 10 ක්ද නීති උල්ලංඝනය කිරීම් 1011 ක් සහ වෙනත් පැමිණිලි 21 වන බව සදහන්.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය අද දින පැවැති අතර එය සාමකාමී අයුරින් පැවැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. එමෙන්ම ඉදිරි මැතිවරණ කාලයේදීද සාමකාමී වාතාවරණයක් පවත්වනැයි සියළු අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව ඔහු කියා සිටියා. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අද පැවැති මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ අද පැවැති තැපැල් ඡන්දය සාමකාමිව පැවැති බවයි.
රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් මෙරට අපනයනකරුවන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අපනයනකරුවන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. අපනයන වෙළෙඳ පහසුකම් සැලසීමට අනෙකුත් රාජ්‍ය ආයතන සහ ශ්‍රි ලංකා රේගුව ඒකාබද්ධ කර ගනිමින් තනි සේවා කවුළුවක් නිර්මාණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයනවලට සම්බන්ධ රජයේ ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා ඩිජිටල්කරණයේ වැදගත්කම පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය. එසේම බලශක්ති මිල සැලකිය යුතු මට්ටමකින් පහළ දැමීම, විදේශ අයෝජන ප්‍රවර්ධනය, ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශය ලබා ගත හැකි පරිදි තානාපති සේවා…
කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද 12,745.6ක් ලෙස වාර්තාවුණා. මෙම අගය 2022 පෙබරවාරි 3වැනිදායින් පසු වාර්තා වන ඉහළම අගය බවයි සඳහන් වෙන්නේ
පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් මිලියන 57ක් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කළ බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, හෙක්ටයාර් 1ක් සඳහා රුපියල් 15,000 බැගින් ඊයේ (28) දිනයේ බැංකු ගිණුම් වෙත යොමු කළ බවයි, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ.
පසුගිය දිනවලට සමගාමීව අද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය සටහන් වූයේ රුපියල් 289.08ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 298.16ක් ලෙසයි.
විෂය බාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා . එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග අද පැවැති සාකච්ඡා අසාර්ථක බවයි පරිපාලන ගැටලු කිහිපයක් මුල් කරගෙන මෙම සාකච්ඡා පැවැත්වෙනවා
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222