Author: VNews

දිස්ත්‍රික් 07ක් සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ හෙට අලුයම 03 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇති බවයි. බදුල්ල , මහනුවර, කෑගල්ල, රත්නපුර, කළුතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් සදහා මෙලෙස නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

තව කියවන්​න

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් සකස් නොකරන්නේ නම් ඉල්ලා අස්වන බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය බෙනී ගාන්ට්ස් ප්‍රකාශ කර තිබෙනවා. ගාසා හි හමාස් පාලනය අවසන් කිරීම සහ බහුජාතික සිවිල් පරිපාලනයක් පිහිටුවීම ඇතුළුව ”‍උපායමාර්ගික ඉලක්ක”‍ හයක් සාක්ෂාත් කරගැනීමේ සැලැස්මක් ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබුණා.

තව කියවන්​න

ගතවූ සතිය තුල ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සියයට එකකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80.06ක් ලෙස දැක්වෙන අතර, එය ප්‍රතිශතයක් ලෙස 1.0% පහක ඉහළ යෑමක්.

තව කියවන්​න

15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146 දෙනෙකුට උසස්වීම් ලබා දීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. මෙම උසස්වීම් ලබාදීම සිදු කරන්නේ සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතිව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින්.

තව කියවන්​න

එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලියකට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ලබන මස 15, 16 සහ 21 යන දිනයන් වලදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඔවුන් ශ්‍රී ලංකාව සමඟ එක්දින තරග 03කට සහභාගී වනවා.

තව කියවන්​න

ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිවයිනෙන් පිටත්ව ගියා . ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ අද සිට මැයි 20 වන දින දක්වා ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වීමට නියමිතයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 20 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනයක් සිදුකිරීමට කිරීමට නියමිතව තිබෙනවා . මේ අතර සිය නිල සංචාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඇතුළු එරට…

තව කියවන්​න

මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා. යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ. උතුරේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය මෙන්ම ඉඩම් නිදහස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

තව කියවන්​න

ලොව ප්‍රකට මෙටා සමාගමේ ෆෙස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල සම්බන්ධයෙන් යුරෝපා සංගමය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලවල ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා ඇති නීති උල්ලංගනය කර ඇති බවටයි මෙටා සමාගමට චෝදනා එල්ල වී ඇත්තේ. අදාළ සමාජ මාධ්‍ය ජාලා මගින් දරුවන් තුළ විවිධ ඇබ්බැහිවීම් නිර්මාණය වන බවත් දරුවන්ගේ මානසික සෞඛ්‍යට එමගින් හානි සිදුවන බවත් අනාවරණ වී තිබෙනවා.

තව කියවන්​න

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා . අධික තීව්‍රතාවයක් සහිත වර්ෂාපතන තත්ත්වයන් සමඟ නගරාශ්‍රිතව ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානම ද අධික බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබෙනවා . වර්ෂාවේ තීව්‍රතාවය හා ප්‍රමාණය මත ගංවතුර තත්ත්වයේ ප්‍රබලතාවය හා අවදානම රඳාපවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා . මේ අතර දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත්කර ඇති නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනය අද පස්වරු 4 දක්වා දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි. මේ අතර අධික වර්ෂාපතනයත් සමග ගල් සහ පස් කඳු…

තව කියවන්​න

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අමෙරිකාවේදී පුහුණු තරග දෙකකට එක්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පළමු පුහුණු තරගය ලබන 28 වනදා නෙදර්ලන්තයට එරෙහිවත් දෙවන පුහුණු තරගය අයර්ලන්තයට එරෙහිව ලබන 31 වනදායි පැවැත්වීමට නියමිතයි. ෆ්ලෝරීඩාහිදී පැවැත්වෙන මෙම තරග දෙකම මෙරට වෙලාවෙන් රාත්‍රි 08ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න