- විපක්ෂයේ පක්ෂ සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්
- වැල්ලවාය තණමල්විල මාර්ගයේ රිය අනතුරක්
- දේශබන්දුගේ පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි
- එංගලන්ත කණ්ඩායමට ඉතිහාසගත ජයක්
- අධිකරණ තීන්දුවක් ආපසු හරවන ලෙසට ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්
- ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසාන අනතුරු ඇඟවීමත් නිකුත් කරයි
- ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්
- පානදුර නිලංගගේ ගෝලයෝ දෙන්නෙකුත් කොටු වෙයි
Author: VNews
ප්‍රදේශ කිහිපයක කුඩා ධීවර යාත්‍රා අද දහවල් 12 සිට නැවත දැනුම් දෙන තුරු මුහුදු නොයන ලෙසට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශයට පිටත්ව ගොස් තිබෙනවා. එම සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ , මාර්ගය විවෘතව තැබීම සම්බන්ධයෙන් එහිදී අවසන් තීරණයක් ගනු ඇති බවයි. මේ අතර ඊයේ පස්වරුවේ මලිත්තගොල්ල ප්‍රදේශයෙන් වසා දැමුණු ඇල්ල – වැල්ලවාය මාර්ගය, රථ වාහන ධාවනය සඳහා අද උදෑසන යළි විවෘත කෙරුණා.
ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදියි. මේ හේතුවෙන් ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය සදහන් කළා. ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.
ර යුධ ජයග්‍රහණයෙන් වසර 15ක් ගතවුවද රණවිරුවන් වෙනුවෙන් යුතුකම් ඉටුව නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගාල්ලේ නෙළුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.
රාජ්‍ය පාලනයේ අත්දැකීමේ නොමැති පාර්ශවයකට බලය ලබා දීමෙන් රට තවත් අස්ථාවර වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසනවා. වී.එෆ්.එම් යු ටියුබ් නාලිකාවේ අද විශාකය වු වී එයිට් වැඩසටහනට එක්වෙමින් දයාසිරි ජයසේකර මහතා මේ බව ප්‍රකාශ කළා.
රුසියාවේ කුලි හමුදාවන් සදහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 400ක් ඉක්මවා වාර්තා වී තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ ඊට අදාළ පැමිණිලි 411ක් ලැබී ඇති බවයි. අදාළ පැමිණිලි ලබා ගැනීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් විශේෂ ඒකකයක් ද පසුගියදා ස්ථාපිත කර තිබුණා. මෙරට ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් ද කිසිදු පුහුණුවකින් තොරව රුසියානු හමුදාවට බදවාගෙන ඇති බවට අනාවරණ වී තිබෙනවා.
15 වන ජාතික රණවිරු දිනයට සමගාමීව යුද හමුදා සාමාජිකයින් පිරිසකට උසස් වීම් ලබා දී තිබෙනවා. යුධ හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ හමුදා සාමාජිකයින් 1509 දෙනෙකුට මෙලෙස උසස් වීම් ලබා දී ඇති බවයි. එමෙන්ම රණවිරු දිනයට සමාගාමිව නාවික හමුදා සාමාජිකයින් 1346 දෙනෙකුට උසස් වීම් ලබා දීමට නාවික හමුදාව පියවර ගෙන තිබුණා.
ඉන්දුනීසියාවේ පැවති 10 වැනි ලෝක ජල සංසදයේ ඉහළ පෙළේ රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ එලොන් මස්ක් හමුවී තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. අධික වර්ෂාව, තද සුළං සහ නායයෑම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 11කට අයත් පුද්ගලයින් 47 දෙනෙකු පීඩාවට පත්වී ඇති අතර නිවාස 11කට අර්ධ හානි සිදුවී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළා. රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 04කට හානි සිදුවී ඇති අතර පුද්ගලයින් 21 දෙනෙකු පීඩාවට පත්වී තිබෙනවා. කෑගල්ල, රඹුක්කන ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් නිවසකට අර්ධ හානි සිදුවී ඇති බව සඳහන්.
දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළගොස් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ අත්තනගලු ඔයේ ජල මට්ටම දුනමලේ ප්‍රදේශයෙන් ඉහළගොස් ඇති බවයි. මේ හේතුවෙන් අත්තනගලු ඔය දෙපස ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ අතර මහවැලි , කළු ,ගිං, මාදුරු ඔයේ ජල මට්ටම්ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම රාජංගනය සහ අංගමුව ජලාශයේ වාන් දොරටු දෙක බැගින් විවෘත කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222