- ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන ලෙසට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
- ප්‍රදේශ කිහිපයකට වැසි
- පූර්ණ චන්ද්‍රගහණය අද රාත්‍රියේ
- පොහොට්ටුවේ චෝදනාකරුට අපක්ෂපාතීව පරීක්ෂණ කරන්න
- එජාප – සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවක්
- රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි
- පද්මෙගේ රසායනික ද්‍රව්‍ය සඟවන් සිටි පොහොට්ටු පාක්ෂිකයන් අත්අඩංගුවට
- රජයේ වැරදි පෙන්වා දෙන අයටත් දැන් මරණ තර්ජන එල්ල වෙන්න පටන් අරන්
Author: VNews
වෙසක් උත්සවය වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව විශේෂ දන්සැලක් සංවිධානය කොට තිබෙනවා. ඒ අනූව හෙට (23) සහ (24) දෙදින මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් 300,000ක් වෙනුවෙන් දන්සැල පවත්වනවා.
LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංකව දෙවන වටයේදී ජැෆ්නා කණ්ඩායම මිලදීගනු ලැබුවා ඒ ඩොලර් 40,000ක මුදලකටයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට ලක්වී අදට වසර තුනක් පිරෙනවා. මේ හේතුවෙන් ජීවනෝපාය කරගැනීමට නොහැකි හැඳල සහ පමුණුගම ප්‍රදේශවල ධීවරයින් සිය ගැටලුවලට විසඳුම් ඉල්ලනවා. ඒ වෙනුවෙන් ධීවර සමිති 9 ක සාමාජිකයින් මුහුණදී ඇති ගැටලුවට විසඳුම් ඉල්ලා අද විරෝධතා පා ගමනක නිරත වුණා. ඔවුන් වත්තල ඇලකන්ද නගරය තෙක් පා ගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරත වූණා.
වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000ක ඩැට් දීමනාව ඉල්ලා වෘත්තිය සමිති 72ක් පළාත් කේන්ද්‍ර කරගනිමින් දියත් කරන වෘත්තිය ක්‍රියාමාර්ගය අද බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වුණා. පරිපූරක, අතුරු වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් වර්ජනයට එක්ව සිටිනවා.
දිවයිනේ සියලුම පාසල්වලට හෙට දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අධ්‍යාපන අමාතාංශය නිවේදනය කරන්නේ හෙට දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බවයි. එසේම පවත්නා තත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවතින බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
බොරැල්ල කනත්තේ තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් බොරැල්ල දේවි බාලිකා විද්‍යාලය අසල මාර්ගය අවහිර වී තිබෙනවා. මෙම අනතුර අද උදෑසන සිදුව ඇති අතර, එම ස්ථානයෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිව ඇති බව වාර්තා වෙනවා. කොළඹ නගර සභාවෙන් එම ගස ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර අනතුරින් වාහන කිහිපයකටත් හානි සිදුව තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සැකකාරියක ලෙස නම් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට භාර වී තිබෙනවා. සිය නීතිඥයින් මඟින් මෝසමක් ඉදිරිපත් කරමින් ඇය අධිකරණයට භාරවීමට පැමිණි බවයි වාර්තා වන්නේ.
ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසට සිදු වූ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් ඉරානයේ හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් ඇමරිකාවට චෝදනා එල්ල කර තිබෙනවා. ඔහු පවසන්නේ ඇමරිකාව ඉරානයට පැන වූ සම්බාධක හේතුවෙන් විදෙස් රටවලින් නවීන ගුවන්යානා සහ ගුවන්යානා කොටස් මිලදී ගැනීමට ඉරානයට නොහැකි වූ බවයි.
ගාසා තීරයට මේ දක්වා එල්ල වී ඇති ඊශ්‍රායල ප්‍රහාර වලින් මාධ්‍යවේදීන් 148 දෙනෙකු මියගොස් තිබේ. එරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය බලධාරීන් විසින් සිදුකළ ගණනයක දී මෙම දත්ත හෙළිදරව් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රාජ්‍ය මූල්‍ය වඩාත් ශක්තිමත් කරන රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනත ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කලේ නව ලෝකයට ගැළපෙන ශක්තිමත් මූල්‍ය පනතක අවශ්‍යතාවය සපුරාලමින් මෙම පනත ගෙන එන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222