Author: VNews

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා . දැනට පවතින ක්‍රියා පටිපාටිය අනුව මාලදිවයින් වැසියන්ට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු දින 30ක සංචාරක වීසා බලපත්‍රයක් නොමිලේ ලබා ගත හැකි බවයි ඔවුන් එහි සඳහන් කර තිබෙන්නේ. එමෙන්ම දින 30කට වැඩි රැඳී සිටීමක් සඳහා, මාලදිවයින් ජාතිකයින්ට නොමිලේ මාස 6ක වීසා බලපත්‍රයක් සඳහා අන්තර්ජාලය හරහා අයදුම් කළ හැකි අතර මෙම වීසා බලපත්‍රයට පරිපාලන ගාස්තුවක් අය කරනු ඇති බවද දන්වා තිබෙනවා . එසේ නොමැතිව දැනටමත් ශ්‍රී ලංකාවේ සිටින සහ වීසා දිගුවක් අවශ්‍ය මාලදිවයින් ජාතිකයින් සඳහා කොළඹ මාලදිවයිනේ මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ විය හැකි බව එම…

තව කියවන්​න

නීතිවිරෝධී ගබ්සාවක් සම්බන්ධයෙන් ජපානයේ දී ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉබරකි ප්‍රාන්තයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික සිසුවියක් වූ අවුරුදු 30ක තරුණියක් සහ ඇගේ පෙම්වතායි. ගබ්සාවට අධාර අනුබල දීමේ චෝදනාව මතයි පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇත්තේ. පසුගිය අප්‍රේල් 29 වැනි දින ද පෙම්වතාගේ නිවසේදී මත්ද්‍රව්‍ය භාවිත කර දරුවා ගබ්සා කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

තව කියවන්​න

මේ වසරේ අදාළ කාලය තුළ පළමුව ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ඒ සඳහා දැනටමත් මුදල් වෙන් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා. අද  පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට නොර්වේ කටයුතු කර තිබේ. එසේම ස්පාඤ්ඤය සහ අයර්ලන්තය ද පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට නියමිත බව වාර්තා වෙයි.

තව කියවන්​න

සැප්තැම්බර් 15 පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මැයි 27 සිට ජුනි 14 මධ්‍යම රාත්‍රිය දක්වා ඔන්ලයින් ක්‍රමයට සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් පවසනවා.

තව කියවන්​න

ගවයන් අතර පැතිර යන සමේ ගැටිති රෝගයක් හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිරි ගවයින් මිය යාමේ අවදානමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් දෛනික කිරි නිෂ්පාදනයද සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති අතර රෝගී වූ ගවයින් මස් පිණිස විකුණන බවටද තොරතුරු වාර්තා වනවා.

තව කියවන්​න

නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ තවදුරටත් අධික වැසි ඇතිවෙමින් පවතිනවා. ඉන් වැඩිම බලපෑම සිදු වී ඇත්තේ පුත්තලමටයි. පවතින වැසි තත්වයත් සමඟ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීමෙන් ජනතාවගේ දෛනික කටයුතු ද අඩාල වී තිබෙනවා.

තව කියවන්​න

එළඹෙන වෙසක් උත්සවය අරමුණුකර ගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. ඒ අනුව හාල්මැස්සෝ, ලොකු ළූණු, කඩල සහ සුදු සීනි වල මිල මෙලෙස අඩු කර ඇති බවයි සඳහන් වන්නේ.

තව කියවන්​න

ව්‍යාපාරිකයෙක් වන විරංජිත් තාඹුගල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා

තව කියවන්​න