- යොවුන් වියේ ගැබ් ගැනීම් පැමිණිලි ඉහලට
- වාරිමාර්ග දෙපාර්තමේන්තුවට විෂය භාර ඇමතිගෙන් පැසසුම්
- කලා වැව ආශ්‍රිතව සිදු කරන ජපන් ජබර ශාඛ ඉවත් කිරීම අද සිට
- ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග ආරම්භක වේලාවන්වල සංශෝධනයක්
- පාකිස්ථානයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට
- නයිජීරියාවේ බෝට්ටුවක් පෙරලීමෙන් 60 ක් මියයයි
- ජල සැපයුම අත්හිටුවයි
- මෙරට විදෙස් සංචිත ඉහලට
Author: VNews
කොළඹ නගර සීමාවේ ඉතා අනාරක්ෂිත ආකාරයේ තාප්ප, ගොඩනැගි, ගස් තබාගෙන ඒවාට පිළියම් නොයොදන පෞද්ගලික අංශයේ ආයතනවලට හා පදිංචිකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබෙනවා.
ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙන් වන එලොන් මස්ක් සමඟ ඉන්දුනීසියාවේදී සාකච්ඡා කළේ, ‘ස්ටාර්ලින්ක්’ අන්තර්ජාල සේවාව මෙරටට ලබා දීම සම්බන්ධයෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ‘ starlink අන්තර්ජාල සේවාව ලැබීමෙන් පසු කොළඹින් පිටත Wi-Fi සම්බන්ධතා ගැටලුද විසදෙන බව යාපනයේ පැවති තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා
තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ, රීමල් සුළි කුණාටුව හේතුවෙන් දිවයින වටාවන මුහුදු ප්‍රදේශයෙත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් ඉතා තද සුළං සමඟින් තද වැසි ඇතිවිය හැකි බවයි.
පවතින සුළං තත්ත්වය සමඟ අද රාත්‍රියේ කොළඹ මාර්ග කිහිපයක් වසා තැබෙනවා. ඒ අනුව කොළඹ මලලසේකර මාවත හන්දියේ සිට තුන්මුල්ල හන්දිය, ජේම්ස් පීරිස් මාවත හන්දිය සිට රොටුන්ඩා උද්‍යානය සහ, කොළඹ 2 බ්‍රේබෲක් පෙදෙස වාහන ගමනාගමනයට වසා තැබෙන බවයි වාර්තා වෙන්නේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් මෙහිදී තරග වදිනු ඇති. චෙන්නායි හිදී පැවැත්වෙන මෙම තරගය අද රාත්‍රි 07.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ලෝකයේ ශක්තිමත්ම පන්දුයැවීමේ බලඇණිය ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන මහතා පවසනවා. වී එෆ්.එම් යු ටියුබ් නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට අවසන් පුර්ව වටය දක්වා පැමිණිමට අවස්ථාවක් පවතින බවයි කුමාර් ධර්මසේන මහතා සදහන් කළේ.
2050 වසරේදී ලොව වයස්ගත ජනගහනය බිලියන 1.6ක් දක්වා ඉහළ යනු ඇති බවට පුරෝකතනය කර තිබෙනවා. එය ගෝලිය ජනගහනයෙන් සියයට 21 ක් වනු ඇති. 2021 වසරේදී වැඩිහිටි ජනගහණය වාර්තා වී තිබුණේ මිලියන 761ක් ලෙසයි. විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ජනගහනය වයස්ගත වීම ආපසු හැරවිය නොහැකි ගෝලීය ප්‍රවණතාවක් බවයි.
2024 ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්පත් කැඳවීම හෙට සිට සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ හෙට සිට ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඒ සදහා අයදුම් කළ හැකි බවයි. කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා. 2024 ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
රට බංකොලොත් කළ පාර්ශව සමග ගණුදෙනුවක් නොමැති එකම පක්ෂය සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පොළොත්නරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. මේ අතර ජනතා අපේක්ෂා ඉටුවන නව රජයක් ගොඩනගන බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ රටේ දේශපාලනය ජාතික ජන බලවේගය වටා කේන්ද්‍රගතව ඇති බවයි. වව්නියාව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් අනුර කුමාර මහතා මේ බව ප්‍රකාශ කළා.
රට බංකොලොත් භාවයෙන් මුදාගැනීමෙන් පසුව රැකියා විරහිත තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුවලට විසදුම් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධාන කර තිබු යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මෙහිදී යාපනය ප්‍රදේශයේ තරුණ , තරුණියන්ගේ ගැටළු සදහා ජනාධිපතිවරයා සෘජුව පිළිතුරු ලබා දුන්නා. එමෙන්ම තරුණ , තරුණියන්ගේ කුසලතා විදහා දැක්වෙන සංස්කෘතිය ප්‍රසංගය නැරඹීමට ද ජනාධිපතිවරයා එක්වුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222