Author: VNews

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ආසන සමුළුව පසුගිය 26 වැනිදා අනුරාධපුර තලාව නගරයේ පැවැත්වුණු අතර ඊට එම දිස්ත්‍රික්කයේ ප්‍රබලයෙකු වන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහභාගී වුණේ නෑ.

තව කියවන්​න

පුත්තලම, මාදම්පේ, කටුපිටි ඔය පිටාර ගැලීම නිසා එම ප්‍රදේශයේ පවුල් 27කට අයත් පුද්ගලයින් 89 දෙනකු පීඩාවට පත්ව තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය මේ බව පවසනවා. එම මධ්‍යස්ථානය කළ දැනුම් දීමක් මත නාවික හමුදා භට පිරිසක් සහන කටයුතුවලට ගොස් තිබෙන බව නාවික හමුදාව පැවසුවා.

තව කියවන්​න

ජල ගැලීම් හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී තිබූ කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ගමනාගමනය යළි ආරම්භ කර තිබෙනවා. අද  දහවල් සිට දුම්රිය ධාවන යථා තත්ත්වයට පත් කළ බවයි දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී එන්. ජේ ඉදිපොළගේ සඳහන් කළේ. මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යටවීම නිසා පසුගිය 21 වනදා සිට දුම්රිය ධාවනය කොළඹ සිට බංගදෙණිය දක්වා සීමා කෙරුණා.

තව කියවන්​න

හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන 70ක් වංචා කලේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවන පතිරාජ මහත්මිය අද  නියෝග කළා.

තව කියවන්​න

වෙළඳපොළේ අද  රන් අවුන්සයක මිල රුපියල් 703,266ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,810ක් ලෙස සඳහන් වී ඇති බව සඳහන් වෙනවා.

තව කියවන්​න

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ දිනවල පැවැත්වෙන ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ 100 වැනි සමරු උත්සවයේ සමුළුවට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජූනි මස 27 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කළා. මෙම නඩුව අද  කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ කැඳවනු ලැබුවා.

තව කියවන්​න

ගොවියා රටේ අංක එකට ගෙන ඒමේ ස්මාර්ට් ක්‍රමවේදයක් තම රජයක් තුළ ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ ත්‍රිකුණාමලයේ පැවැති සක්වළ වැඩසටහන අමතමින්.

තව කියවන්​න

සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතු වලින් තවදුරටත් වැලකී සීටින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශයේ විටින් විට පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා සුළඟේ වේගය ඉහළ යා හැකි බව සඳහන්. එබැවින් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වල නිරත වන පිරිස් ඇත්නම් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යාත්‍රා කරන ලෙසද ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

තව කියවන්​න

RCB කණ්ඩායම ඉන්දීය ප්‍රිමිය ලීගයෙන් ඉවත් වීමත් සමග විරාට් කෝලී 20-20 ලෝක කුසලානයට පෙර විවේකයක් ඉල්ලා ඇති බවට වාර්තා වෙනවා. මෙම ඉල්ලීම BCCI වෙත ඉදිරිපත් කර ඇති අතර ඔවුන් ඔහුට ඒ සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරන්නේ කෝලී බංග්ලාදේශය සමග පැවැත්වෙන පුහුණු තරගයට සහභාගී වීම අවිනිශ්චිත බවයි.

තව කියවන්​න