Author: VNews

ලෝකයේ දුර්ලභම ගීත ඇල්බමයක් ඔස්ට්‍රේලියානු කලාගාරයක ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ, සුප්‍රසිද්ධ Hip-hop කණ්ඩායම වූ Wu-Tang Clan විසින් පටිගත කරන ලද ඒවා බවයි සඳහන් වන්නේ.

තව කියවන්​න

බලපිටිය හරස්පල ධීවර තොටුපොළෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනකු රැගත් එක් දින ධීවර යාත්‍රාවක් පෙරළීම යාම හේතුවෙන් දෙදෙනෙක් මුහුදේ ගිලී ඇති බව වාර්තා වනවා. මෙම අනතුර අද (28) උදෑසන 5.30ට පමණ සිදුව තිබෙනවා. ඔවුන්ගේ යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්වී ඇති අතර එය අලුත්වැඩියා කරමින් සිටියදී දැඩි රළ පහරකට හසුව පෙරළී ගොස් තිබෙනවා.

තව කියවන්​න

නව ඊ-වීසා යටතේ ලංකාවට පැමිණෙන මාලදිවයින් සංචාරකයින්ට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. දැනට පවතින තත්ත්වය අනුව මාලදිවයින් වැසියන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී දින 30ක සංචාරක වීසා බලපත්‍රයක් නොමිලේ ලබා දෙනවා.

තව කියවන්​න

තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (28) උදෑසන 10.30ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ. ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70ත් දක්වා වැඩි වන අතර එම ප්‍රදේශයේ මුහුද ඉතා රළු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසත් නාවික හා ධීවර ප්‍රජාවන්ට දැනුම්දී ඇත.

තව කියවන්​න

සීමාසහිත ලංකා පොහොර සමාගම හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අදාළව යෝජිත අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පොහොර සමාගම් දෙකෙහි අරමුදල්වලින් රුපියල් මිලියන 844ක් වැය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.

තව කියවන්​න

කීරි සම්බා අලෙවිය සඳහා පාලන මිලක් සඳහන් කිරීම හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව  ප්‍රසිද්ධ තොග සහ සිල්ලර වෙළඳසැල් ව්‍යාපාරිකයෙකුපැවසුවේ කීරි සම්බා වල පාලන මිල රුපියල් 260කි. මෝල් හිමි ව්‍යාපාරිකයන්ගෙන් කිරී සම්බා රුපියල් තුන්සියකටත් වැඩි මුදලකට මිලදී ගැනීමට සිදුව තිබෙනවා

තව කියවන්​න

පවතින අයහපත් කාලගුණික තත්වයත් සමඟ වෙළෙඳපොලේ එළවළු සහ මාළු මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. මැනිං පොදු වෙළඳ සමිතියේ සභාපති අජිත් කළුතරගේ මහතා සදහන් කළේ මෙම තත්වය අඛණ්ඩව පැවතියහොත් එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි. මේ අතර මත්ස්‍ය මිල ගණන් ද මේ දිනවල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

තව කියවන්​න

2018 අංක 2 දරණ ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත සහ  2018 අංක 3 දරණ ආරක්ෂණ පියවර පනත යන පනත් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

තව කියවන්​න

පිලිපීනයට බලපා ඇති Ewiniar කුණාටුවේ බලපෑමෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා. එමෙන්ම Ewiniar කුණාටුවේ බලපෑමෙන් එරට ප්‍රදේශ රැසක ජල ගැලීම්, නාය යෑම් ඇතුළු ආපදා තත්වයන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවලට අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම පිණිස අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය වෙතින් සලසා දීමට ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

තව කියවන්​න