- මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ඉන්දුනීසියාවේ සහාය
- ගොඩගැසී ඇති නඩු භාණ්ඩ සම්බන්ධයෙන් දැනුම්දීමක්
- සුඩානයේ නායයාමකින් දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
- විෂ වායූ ආඝ්‍රහණය වූ 32 ක් රෝහලට
- කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ සඳහා ටෙන්ඩර් කැඳවයි
- 11 හැවිරිදි පිරිමි ළමයකු වෙඩි තබා ඝාතනය කෙරේ
- සතිෂ් ගමගේ සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්
- බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතින් 585ක්
Author: VNews
තම අරමුණු ඉටුවන තුරු ගාසා තීරයේ සටන් විරාමයක් නොමැති බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ හමාස් සංවිධානයේ හමුදා සහ පාලන බලය විනාශ කර ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කරගන්නා තුරු ගාසා තීරයේ ස්ථිර සටන් විරාමයකට එකඟ නොවන බවටයි.
රුපියල් මිලියන දෙලක්ෂ 35,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 05 වනදා සිදු කෙරෙනවා. මහ බැංකුව පැවසුවේ එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 40,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි.
ශ්‍රායලයේ මාස අටක යුද්ධය නතර කිරිමේ බලාපොරොත්තු මතු කරමින් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ඉදිරිපත් කළ සටන් විරාම යෝජනාව සාධනීය ලෙස පිළිගන්නා බව හමාස් සංවිධානය පවසනවා. අලුතෙන් ඉදිරිපත් කර ඇති ගාසා සටන් විරාමයක් සදහා වන නව ඊශ්‍රායල යෝජනාව කල්පවත්නා සටන් විරාමයක් හා සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සදහා මාර්ග සිතියමක් බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.
ග්‍රාමීය ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍යවරයා පවසනවා. මේ යටතේ ග්‍රාමීය කාන්තා ව්‍යවසායකයින් ලක්ෂ 05ක් බිහි කිරීමට අපේක්ෂිතයි.
ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග සාර්ථක කරගැනීම සඳහා තරුණ සහභාගීත්වය අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඉදිරි අයවැයේදී මුදල් මුද්‍රණය නොකරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. තවත් වසර 15කින් ආර්ථික අර්බුදයක් ඇතිවුවහොත් කිසිවෙකුත් සහය නොදක්වනු ඇති බවයි ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ.
මෙරට මූල්‍ය අංශයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් විදේශ ණය නොගෙවා සිටීමට අවස්ථාව හිමිව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කලේ 2027 වන තෙක් දේම සහනය හිමිවන බවයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ පැවති උත්සවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කලේ රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බවයි. එමෙන්ම රටක් ලෙස තවත් බොහෝ දුරට යාම සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරද කාලීන වෙනස්කම්වලට බඳුන් විය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කලේ.
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරිවරයෙකු කොළඹදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම දුෂණ අපරාධ කාර්යංශය විසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකාර සහකාර රේගු අධිකාරිවරයා සන්තකයේ තිබී විදෙස් දුම්වැටි 7000ක් පමණ සොයා ගත් බව පොලිසිය සදහන් කළා. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටුව පොලිසිය වෙත භාර දී තිබෙනවා.
රට යළි ආර්ථික අර්බුදයකට ඇද දැමීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධවීමට හැකියාව පවතින්නේ එවැනි පාර්ශවයන්ට පමණක් බවයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. රටේ ආර්ථිකය පිළිබද සුබවාදී අරමුණක් රජයට පැවතිය ද විපක්ෂයේ කණ්ඩායම් වලට ඇත්තේ දේශපාලන අරමුණක් පමණක් බවයි ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.
ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය මේ වසර සඳහා වු අමෙරිකානු ඩොලර් බිලියන 01 අයෝජන ඉලක්කය මේ වන විට සපුරා අවසන් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. අදාළ ඉලක්කය මේ වසරේ පළමු කාර්තුව තුළදීම අවසන් කිරීමට ආයෝජන මණ්ඩලයට හැකිවු බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළා. රජය සමග ආයෝජන ගිවිසුම්ගත ආයෝජකයින් ද මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා.
ග්‍රාමිය ආර්ථිකය ඉහළ නැංවීම රජයේ මුලික අරමුණක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කාන්තාවන්ට නව ව්‍යවසායකයින් ලෙස නැගී සිටීමට රජය පුර්ණ සහය ලබා දෙන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222