Author: VNews

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ රාත්‍රියේ ගිංතොටදී පීලි පැනීමකට ලක්වූ රුහුණු කුමාරි දුම්රිය මේ වන විට පීලිගත කර ඇති බවයි. දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය ගිංතොට දක්වා සීමා කර තිබුණා.

තව කියවන්​න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ උප සභාපතිවරයා ලෙස යළිත් ඉම්රාන් කවාජා පත්ව තිබෙනවා. ඔහුගේ නව ධූර කාලය දෙසැම්බර් පළමු වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් අයි.සී.සී සභාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව ඇත්තේ ද එම දිනයේදීයි. කවාජා පළමු වරට 2008 වසරේදී අයි.සී.සී අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වුණු අතර ඔහු 2017 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙ උප සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

තව කියවන්​න

මහ මැතිවරණයට අදාළව තවත් පැමිණිලි 123ක් වාර්තා වී තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මහ මැතිවරණයට අදාළව මේ දක්වා සමස්ත පැමිණිලි 1259ක් වාර්තා වී ඇති බවයි. මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සම්බන්ධයෙන් වැඩි වශයෙක් පැමිණිලි යොමුවන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.

තව කියවන්​න

ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ 2025 වසරේ ජනවාරි 20 වනදා ඔස්ටේ්‍රලිනු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණිමට නියමිතව ඇති බවයි. අයි.සී.සී ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තීරණාත්මක තරග දෙකක් සහ එක් එක්දින තරගයක් ඔස්ටේ්‍රලියානු තරග සංචාරයට අතුලත්වනවා. දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. ලබන ජනවාරි මස 29 වනදා පළමු ටෙස්ට් තරගය ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන්නේ පෙබරවාරි මස 06 වනදායි. ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර එක්දින තරගය පෙබරවාරි මස 13 වනදා පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, කල්පිටිය වන්නිමුන්දලම ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 30 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, බලපත් රහිතව නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කර සඟවා තිබූ හක් බෙල්ලන් ගණනින් එක්දහස් එකසිය අසූවක (1180) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව, 2024 ඔක්තෝබර් මස 30 වන දින වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය සහ කල්පිටිය පොලිස් ස්ථානය එක්ව, කල්පිටිය වන්නිමුන්දලම ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම නිවසේ බලපත් රහිතව නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කර සඟවා තිබූ හක් බෙල්ලන් ගණනින් එක්දහස් එකසිය අසූවක (1180) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට…

තව කියවන්​න

ජනතා විමුක්ති පෙරමුණේ විජිත් හේරත්, වසන්ත සමරසිංහ ලා ‘සල්ලි අච්චු ගැහුවේ නෑ කියලා ඔළුව කකුල් දෙක අස්සේ ගහන් නටනවා.   මාලිමාවේ ආර්ථික කවුන්සිලයේ ඉන්න පේරාදෙණියේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ත්, IMF එකත් එක්ක සෙල්ෆි ගහපු ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි ත් සල්ලි අච්චු ද්‍රවශීලතාව පාලනයට ගෙන ඇති පියවර මුදල් අච්චු ගැසීමටක සමාන බව පිළිගන්නවා. ආණ්ඩුවේ නායකයෝ ජනමාධ්‍යයටයි, සමාජ මධ්‍යයටයි බනිමින් ඇත්ත එළිවෙන එක වලක්වා ගන්න හදනවා.   එළහරකයි – මී හරකයි නගුලේ බැදලා හාන්න බැරි බව දැන් ඡන්දදායකයින්ට තේරෙනවා, යැයි නාඋල පැවති ජන හමුවක් අමතමින්  මාතලේ සජබ දිස්ත්‍රික් නායිකා රෝහිණී කවිරත්න පැවසුවාය.  වාර වෙන්දේසිය (Term auction), එක්රැය වෙන්දේසිය (overnight auction) හරහා මහ බැංකුව මුදල් මවන බව,…

තව කියවන්​න

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක මුදල මාසික වේතනයට එකතුකරන්න – ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රජයෙන් ඉල්ලයි අපේ රජය විසින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක මුදල ලබන ජනවාරියේ සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ මාසික වේතනයට එක්කිරීමට තීරණය කර තිබුණු බව හිටපු ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය. ආහාර සලාක මුදල ඔවුන්ගේ වැටුපට එක්කිරීම සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් නිරන්තරයෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් ඉල්ලීම් කර  තිබුණි.  එබැවින් වත්මන්  රජය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හා සිවිල් ආරක්ෂක බලකායට ඔවුන්ගේ ඉල්ලීම් ලබා දෙන ලෙස හිටපු ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්  ඉල්ලා සිටී. තවද ත්‍රිවිධ හමුදා සාමජිකයන්ට සහ සිවිල් ආරක්ෂක බලාකායේ සාමජිකයන්ට  වත්මන් වැටුප් ක්‍රමය සංශෝධනය…

තව කියවන්​න

ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව, ප්‍රථම විද්‍යුත් මුහුදු සිතියම ලෙස, ගාලු වරායේ නව විද්‍යුත් සිතියම එළිදැක්වීම 2024 ඔක්තෝබර් මස 31 වන දින එම කාර්යාලයේදී සිදුකෙරිණි. 2024 අංක 7 දරණ ජල ශාස්ත්‍රීය පණත මඟින් ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය වෙත පැවරූ ජාතික වගකීම ඉටුකිරීම සනිටුහන් කරනු ලබන මෙම ගාලු වරායේ විද්‍යුත් සිතියම එළිදැක්වීම මඟින්, ඊට පෙර භාවිතා කළ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් 1907 වර්ෂයේ ප්‍රකාශයට පත් කර ඇති, ඉතා පැරණි දත්ත සහිත අංක GB500819 දරණ ගාලු වරායේ විද්‍යුත් සිතියම භාවිතයෙන් ඉවත් වේ. එමෙන්ම, 1907 වර්ෂයේදී එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් නිකුත් කර ඇති ගාලු වරායේ පැරණි විද්‍යුත් සිතියම අවම නිරවද්‍යතාවයක් ඇති දත්ත සහිත…

තව කියවන්​න

 යුරෝපයට ශීත ඍතුව ආරම්භ වීමත් සමග , පෝලන්තයේ ප්‍රධාන නගර තුනක සිට , එරට සංචාරකයන් රැගත් ගුවන් යානා තුනක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර , ඒ අතරින් වෝර්සෝ නුවර (Worsaw ) නුවර සිට පැමිණි එන්ටර් එයාර් ගුවන් සේවයේ      ( Enter Air ) ප්‍රථම මංගල ගුවන් යානය   ( Inogaral Flight ) 11/01 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . මෙම එන්ටර් එයාර් ගුවන් යානා 11/01 දින සිට සෑම දින 10 කට වරක් , පෝලන්තයේ වෝර්සෝ ( Worsaw ), කැතොවීසා ( Katowice ) සහ පොස්නන් ( Poznan ) යන නගර වල සිට එක් දිනකට තුන බැගින් , එළඹෙන…

තව කියවන්​න

හෙටට (31) යෙදී ඇති දීපවාලී උත්සවය හේතුවෙන් පහතරට එළවළු සඳහා ඉල්ලුම වැඩිවීමත් සමග එම එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ උඩරට එළවළු මිල සාමාන්‍ය තත්ත්වයක පැවතියත් පහතරට එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි වෙළෙදුන් පවසන්නේ.

තව කියවන්​න