Author: VNews

ලංකා ප්‍රිමියර් ලීග් 2024 ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට බලපෑම් කළේ යයි කියන දඹුල්ල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු හිමිකරු, බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (07)නියෝග කළේය. රුපියල් ලක්ෂ 05 මුදල් ඇපයක් සහ මිලියන 10 බැවින් වූ ශරීර ඇප දෙකක් සැකකරුට නියම කෙරිණි. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා විදේශගත වීමට තැත් කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය මැයි මස 22 දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

තව කියවන්​න

රත්තරන් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. අද රන් මිල සටහන පහතින් දැක්වේ කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,370.00 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.202,950.00 කැරට් 22 ග්‍රෑම් 1 – රු.23,260.00 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.186,050.00 කැරට් 21 ග්‍රෑම් 1 – රු.22,200.00 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.177,600.00

තව කියවන්​න

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර , සබරගමුව හා දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ නිවේදනයේ සදහන්.

තව කියවන්​න

2024 විස්සයි විස්ස ලොක් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගයක් හෙට පැවැත්වීමට නියමිතයි. එහිදි ශ්‍ර ී ලංකාව බංග්ලාදෙශ් කණ්ඩායමට එරෙහිව තරග වදිනු ඇති. හෙට තරගයේ සූදානම පිළිබද අදහස් දැක්වීම සදහා අද විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. මෙම මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පති ිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පැවසුවේ හෙට තරගය ජයගහ්‍ර ණය කිරීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ මානසික මට්ටමකින් සිටින බවයි.

තව කියවන්​න

රුපියල් තිස් පන් ලක්ෂ අසූ හය දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී ල ඒවා රැගෙන ආ කාන්තාව ද සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඇය පොල්ගහවෙළ ල පොතුහැර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවකි. ඇයගේ සැමියා ඩුබායි හි පදිංචි වී සිටින අතර ඇය මීට පෙර වතාවක් ද නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

තව කියවන්​න

මාතලේ කෘත්‍රිම හොකීපිටිය සහ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රිම හොකීපිටිය ජූලි මස 15 වනදාට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සැළසුම් කර තිබෙන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසීය. ක්‍රීඩා සම්මේලන කිහිපයක පවතින නීතිමය ගැටළු කඩිනමින් විසඳාලමින් ක්‍රීඩාවේ නව යුගයක් නිර්මාණය කිරීමට මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ඒ මහතා සඳහන් කළේය. ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න

ගංවතුරෙන් පීඩාවට පත් වූ සෑම නිවසකටම රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. නිවස පිරිසිදු කර ගැනීම ආදී කටයුතු වෙනුවෙන් එම මුදල ලබා දෙන බවත්, ආපදා තත්ත්වයෙන් අර්ධ හා පූර්ණ හානි සිදු වූ සියලු නිවාස හා ගොඩනැගිලි පිළිබඳ තක්සේරු වාර්තා ලබා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා සඳහන් කළේය. සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවගේ සුව දුක් සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට අද (07) එක් වෙමිනි. ගං වතුරෙන් විනාශ වු ප්‍රදේශයේ නිවාස…

තව කියවන්​න

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ ‍පළමු පියවර රජය විසින් තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කුමන ආණ්ඩුවක් බලයට පැමිණිය ද, කුමන නායකයෙක් රට භාරගත්තද එම එකඟතාව සමඟ ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟිය හැකි වනුයේ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කිරීමෙන් පමණක් බව ද අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඒකල ප්‍රදේශයේ ඉදි කෙරුණු Cephalosporin එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (06) පස්වරුවේ එක්වෙමිනි. මෙල්වා සමූහ ව්‍යාපාරය යටතේ Sands Active පුද්ගලික සමාගම විසින් මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කර…

තව කියවන්​න

පවතින අයහපත් කාළගුණය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු මුහුදේ නොයන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනු ලබනවා.

තව කියවන්​න

දිස්ත්‍රික්ක 10කට නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. අද අලුයම04 සිට හෙට අලුයම 04 දක්වා මෙම අනතුරු ඇගවීම් බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසන්නේ.

තව කියවන්​න