Author: VNews

අයහපත් කාලගුණයෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමේ දී පැරණි චක්‍රලේඛවලින් බැහැරව නව චක්‍රලේඛ අනුව කටයුතු කිරීමට නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ගංවතුරෙන් බලපෑමට ලක් වූ කඩුවෙල ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් සොයා බැලීමට සහ එම ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට අද (08) එක් වෙමිනි. ගංවතුර බැස යාමෙන් පසුව ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී සොයා බැලු සාගල රත්නායක මහතා ජනතාවට නැවත පදිංචිවීම් පහසුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින්…

තව කියවන්​න

ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දෙදින නිල සංචාරයක් සදහා 06/09 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය එතුමා සමග දූත පිරිසක් ද මෙම සංචාරය සදහා එක් වී සිටියහ. ඔවුන් 06/09 දින උදෑසන 08.32 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ. ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රික පිරිස රැගත් මෙම ගුවන් යානය 06ර/09 දින දහවල් 11.40 වනවිට ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් තොටුපොළ වෙත ගොඩ…

තව කියවන්​න

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යළිත් වරක් එරට අගමැතිවරයා ලෙස හෙට දිවුරුම් දෙනවා. දිවුරුම් දීමේ උත්සවය හෙට පස්වරු හයටයි පැවැත්වෙන්නේ. භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 293ක් ලබා ඉන්දීය මහමැතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟ මෝදි තුන්වන වරටත් ඉන්දීය අගමැතිවරයා ලෙස තේරී පත්වුණා. දිවුරුම් දීමේ උත්සවයට ලොව රටවල් රැසක රාජ්‍ය නායකයන් එක්වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

සිව් හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ කුකුළ් චමින්ද අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා ඒ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශය මතයි . කෙසේ වෙතත් බන්ධනාගාර පරිශ්‍රය තුළදී සැකකරුට පහරදීමක් සිදුවී නැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ.

තව කියවන්​න

STARLINK ව්‍යාපෘතිය පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ විසින් සිය X ගිණුමෙහි සටහන් තබා තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර සිටින්නේ මේ හරහා විප්ලවීය වෙනසක් ඇති කළ හැකි අතර විශේෂයෙන් මෙරට තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාවන බවයි. එමෙන්ම වේගවත් සහ වඩාත් විශ්වාසදායක අන්තර්ජාලය සමඟින්, මෙරට තරුණ තරුණියන්ට ගෝලීය අධ්‍යාපන සම්පත් වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (08) වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

තව කියවන්​න

වයඹදිග සිරියාවේ පාසල් ළමුන් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගඟකට පෙරලීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තව කියවන්​න

ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් ගමන් ගත් ගුවන් යානය කඩා වැටීම හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔහු පියාසර කරමින් සිටි කුඩා ගුවන් යානයක් වොෂින්ටනයේ සියැටල් නගරයට උතුරින් වූ ජලයට කඩා වැටී ඇති බවයි නිලධාරීන් පවසා ඇත්තේ. ඇන්ඩර්ස්ගේ පුත් ග්‍රෙග් තම පියා කුඩා ගුවන් යානය පියාසර කරමින් සිටි බවත්, සිකුරාදා පස්වරුවේ ඔහුගේ සිරුර ගොඩගනු ලැබූ බවත් තහවුරු කර තිබෙනවා.

තව කියවන්​න

එඬේරමුල්ල දුම්රිය හරස්මාර්ගයක දී අද උදැසන සිදු වූ දුම්රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා . අප වාර්තාකරු පැවසුවේ එම දුම්රිය හරස් මාර්ගයේ දී මෝර්ටරථයක් දුම්රියේ ගැටීමෙන් එම අනතුර සිදු ව ඇති බවයි. මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන් ගත් 54 හැවිරිදි බියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 34 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පුද්ගලික අංශයේ රැකියාවක නියුතු කාන්තාවක් බව පොලීසිය පවසනවා .

තව කියවන්​න

2023 වසරට අදාළව පැවැත්වුණු සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. විභාග කොමසරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ පෙරේදා පිළිතුරුපත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණත් දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එම පරීක්ෂණ කටයුතු අද දක්වා කල් දැමුණු බවයි.

තව කියවන්​න