Author: VNews

ඔලුවිල් වරාය ප්‍රතිසංස්කරණය කර එය රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසනවා. පසුගිය සමයේ පැවති පෝලිම් යුගය අවසන් කර ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ හේතුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහය දෙන බව ඔහු කියා සිටියා.

තව කියවන්​න

උතුරු පයාගල සහ කටුකුරුන්ද දුම්රිය ස්ථාන අතරදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

තව කියවන්​න

රජයේ රෝහල් සඳහා වසරකට අවශ්‍ය පිළිකා ඖෂධ ප්‍රමාණයේ පළමු තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම අද  පෙරවරුවේ සිදු කෙරුණා. එම අමාත්‍යාංශය සහ ඇමරිකාවේ ඩේ සේන්ස් චැරිටීස් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට අනුව මෙම ඖෂධ ප්‍රදානය සිදුව තිබෙනවා.

තව කියවන්​න

පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පිහිටි පාසල් 11ක් ලබන 18වෙනිදා සිට 20වෙනිදා දක්වා වසා තැබීමට උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි ජාතික පාසැල, වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය, නිවත්තකචේතිය ජාතික පාසැල, සහිරා ජාතික පාසැල, විවේකානන්ද මහා විද්‍යාලය, දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය, මිහින්තලේ මහා විද්‍යාලය, මිහින්තලේ කම්මලක්කුලම විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාණ විද්‍යාලය වසා තැබීමට නියමිතයි.

තව කියවන්​න

පෑලියගොඩ ඇතැම් මාළුවල තොග මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. මාළු කිලෝග්‍රෑම් එකක තොග මිල පහතින්, සාලයා – රු.450.00 බලයා – රු.1300.00 හුරුල්ලෝ – රු.950.00 ලින්නා – රු.110.00 ලේනාවා – රු.1300.00 කෙන්දා – රු.1250.00 කෙලවල්ලා – රු.1600.00 පරව් – රු.1600.00 කුම්බලාවා – රු.1300.00 කොප්පරා – රු.2300.00 තෝරු – රු.3800.00 හබරලි – රු.1300.00 පියා මැස්සෝ – රු.1300.00 බයිටා – රු.1000.00 ලෝ මැස්සා – රු.1200.00 ඉස්සෝ – රු.1500.00 සිට දැල්ලා – රු.1500.00 සිට

තව කියවන්​න

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන ජුනි 20 වැනිදා දක්වායි.

තව කියවන්​න

බත්තරමුල්ල, තලාහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ ඇගේ ස්වාමි පුරුෂයා සහ ඔහුගේ මිතුරෙකු විසින් මීට දින 05 කට පමණ පෙර මෙම ඝාතනය සිදුකර ඇති බවයි. 31 හැවිරිදි මියගිය කාන්තාව සහ එම වයසේම පසු වන ඇගේ සැමියා වන සැකකරු තලාහේන ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිිව සිට ඇති අතර, පසුගිය 06 වනදා ඔවුන් දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා. අනතුරුව ඇයගේ සැමියා සහ 44 හැවිරිදි ඔහුගේ මිතුරා මෙම ඝාතනය සිදු කිරිමෙන්  තලංගම පොළිසියට පැමිණිලි කර ඇත්තේ නිවසේ ඝාතනයක් සිදුව ඇති බවයි.

තව කියවන්​න

ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති සේවකයන් අද  වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කර තිබෙනවා. වැටුප් විෂමතා සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි එම සංගමයේ සභාපති හේමචන්ද්‍ර ගුණසිංහ සඳහන් කළේ.

තව කියවන්​න

පෞද්ගලික බස් රථයක් සහ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් දින උදැසන රිය අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙක් බරපතල ලෙස තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකරුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ හේතුවෙන් ඔවුන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ පැවසුවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටී ඇමරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීම නිසා අවහිර වූ බැල්ටිමෝර් වරාය නැව් මාර්ගය සති 11කට පසු විවෘත කර තිබෙනවා. එරට හමුදා ඉංජිනේරු බළකාය පැවසුවේ එම මාර්ගය මේ වනවිට ගමනාගමනය සඳහා සුදුසු බවයි. පාලම කඩා වැටීමත් සමග ටොන් 50,000 ක සුන්බුන් ඉවත් කිරීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තව කියවන්​න