- අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි නැවත විමර්ශනයට සුදානමක්
- ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්
- මෙම මාසයේ උද්ධමනය ඉහළට
- අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා වන අමාත්‍යාංශයීය කමිටුව ප්‍රථම වරට රැස්වෙයි
- ඉරානයේ සිටින ජර්මන් ජාතිකයන්ට දැනුම්දීමක්
- ට්‍රම්ප්ගේ තීරුබදු නීති විරෝධී බව එරට අධිකරණයක් තීන්දු කරයි
- ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
- බේරෙ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක්
Author: VNews
ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඉකුත් මාස 18ක පමණ වැනි කාලය තුළ නව පනත් 75ක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර රටට අවශ්‍ය මූලික වෙනස සිදුකිරීමට හැකියාව ලැබුණු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය පිරිස සැමරීම සඳහා ස්මාරකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබීය. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජගත් වීරසිංහ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටී. සනාතනන්, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෆර්සානා හනීෆා, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි සූරියආරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි යන මහත්ම මහත්මීන්ගේ සාමාජිකත්වයෙන් යුතු මෙම කමිටුව 2023-05-22 වනදා ගනු ලැබූ කැබිනට් තීරණයට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සාර්ක් මහලේකම් ගොලාම් සර්වාර් (Golam sarwar) මහතා අතර හමුවක් අද(12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. සාර්ක් රටවල් අතර ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘතිවලට අදාළව මතුව තිබෙන ගැටලු විසදා ගැනීම පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර ඒ සඳහා අපක්ෂපාතීව මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා සාර්ක් මහ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය. මෙරට ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එහිදී සාර්ක් රටවලින් ලබාගත හැකි සහාය පිළිබඳව ද අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය මොඩර්න් ආර්ට් සඳහා සංවර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටී නම් එම ක්‍රමවේදය සමඟ ඉදිරියට යා හැකි බවත් එසේ නොමැති වුවහොත් නැවතත් කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක ඖෂධ, පොහොර සපයා ගත නොහැකිව මෙන්ම ඉන්ධන සහ ගැස් පෝලිම්වල දුක් විදීමට ජනතාවට සිදු වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු ආංශික අධික්ෂණ කාරක සභා සඳහා සහභාගිවන තරුණ නියෝජිතයන් සමඟ ඊයේ (11) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවට එක්වෙමිනි. අද වේදිකා මත විවිධ…
වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද පස්වරුවේ මාරක අනතුරක් සිදුවී තිබෙනවා . එම අනතුරෙන් එකම පවුලේ තිදෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වනවා . බිබිල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ වෑගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබෙනවා .
කුවේට් හි ඉදිකිරීම් සමාගමක සේවකයින් පිරිසක් නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලක සිදුවූ ගිනි ගැනීමකින් 41 දෙනෙක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අතර ඉන්දියානු ජාතිකයින් ද සිටින බව සඳහන් වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.79ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.26ක් ලෙස ඉහළ ගොස් තිබේ. අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
පසුගිය 8 වනදා එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ මාරක දුම්රිය අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට වුණි. සැමියාගේ දේහය පිලිබදව අවසන් කටයුතු සිදු කිරීමටද පෙර ඊයේ දහවල් පපුව රිදෙන බව පැවසූ බැවින් කඩිනමින් ඇයව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇති අතර පසුව ඇයද ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊශ්‍රායලය ගාසා තීරය තුළ සිදුකරන සියලු යුද මෙහෙයුම් අත්හිටවිය යුතු බව යෝජිත සටන් විරාමයට ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානය නිවේදනය කරනවා. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ සටන් විරාමයට හමාස් සංවිධානයේ ප්‍රතිචාරය ඊයේ භාරදී තිබුණා. ඒ අනුව යෝජිත සටන්විරාමය සඳහා හමාස් සංවිධානය ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
පානදුර, නල්ලූරුව රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක විෂ රසායනික මිශ්‍රණයක් ආඝ්‍රාණය වීමෙන් එහි සේවය කළ සේවකයින් 30 දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා. අදාල ආයතනය තාවකාලිකව වසාදැමීමට පියවර ගත් බව පොලිසිය පැවසුවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222