Author: VNews

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඒ සඳහා ඉන්දියාව සහ තවත් විදෙස් රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ  මඩකලපුවේ ටී.එම්.වී.පී. පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු පාක්ෂිකයින් අතර එම පක්ෂ මුලස්ථානයේ පැවති හමුවක දී.

තව කියවන්​න

ඊශ්‍රායල හමුදාව පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයේ සිදුකළ හමුදා මෙහෙයුමක් අතරතුරදී සිදුකළ අමානුෂික ක්‍රියාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භකළ බව ඊශ්‍රායල ආරක්ෂක බලධාරීන් පවසයි. එහිදී ඊශ්‍රායල හමුදා භටයින් පිරිසක් තුවාල ලබා සිටි පලස්තීන වැසියෙක් ව සිය ජීප් රථයේ බොනට්ටුවේ ගැටගසා ගෙන එම හමුදා මෙහෙයුම සිදුකර ඇති බව වාර්තා විය.

තව කියවන්​න

පසුගිය වසරට සාපේක්ෂව වසරේ මේ දක්වා කාලය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම 20% ඉහළ ගොස් ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා පවසනවා.

තව කියවන්​න

නීති විරෝධී ලෙස ඉන්දීය මුහුදු සීමාවට ගිය ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු තමිල්නාඩූ වෙරලාරක්ෂක නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට පත් වී ඇත්තේ පුත්තලම ප්‍රදේශයෙන් මුහුදු ගිය තරුණ ධීවරයින් දෙදෙනෙකු බව යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකු පැවසූ බව අප වාර්තාකරු සඳහන් කළා.

තව කියවන්​න

අධික සුළං තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ඉඟුරුඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයට ස්ථාන කිහිපයකින්ම ගස් කඩා වැටිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට අද  දින අලුයම සිට බාධා පැමිණ ඇත.

තව කියවන්​න

පැලවත්ත – නෙළුව මාර්ගයේ යට්ටපාත ප්‍රදේශයේදී මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් බෝක්කුවක් සහිත ස්ථානයකින් මාර්ගයේ ඉවතට පැන අසල ඇති  විශාල ගසක ගැටීමෙන් සිදුවූ අනතුරක් සිදුව ඇත අනතුර හේතුවෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර බස්රථයේ ගමන්ගත් පුද්ගලයින් 12දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බව වාර්තා විය.

තව කියවන්​න

ඉතාලියේ කැප්රි දූපත් වෙත සංචාරකයින්ට පැමිණීම අත්හිටුවමින් පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා. ඒ, ජලය සම්බන්ධයෙන් හටගත් ගැටලුකාරී වාතාවරණය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව ප්‍රධාන නගරයකින් ජලය ලබා ගැනීම සඳහා එල්ල වී තිබූ තාක්ෂණික ගැටලුව නිරාකරණය කිරීමෙන් පසුව අදාළ තහනම ඉවත් කළ බව කැප්රි හි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව පළාත්වලටත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් හෙට (23) දිනයේත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව වයඹ පළාත සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලටත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

තව කියවන්​න

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔහුගේ නාමය AI ස්ටීව් ලෙස ඡන්ද පත්‍රිකාවල සඳහන් වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

උප්පැන්න සහතිකයක් නොමැතිවීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සඳහන් කලේ මේ මස 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවය.

තව කියවන්​න