- පනත් කෙටුම්පත් දෙකක් සදහා කථානායකගේ සහතිකය
- ගාසා තීරය තුල මන්දපෝෂණයෙන් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
- ගම්මන්පිලට එරෙහිව විමර්ශනයක්
- 2025 ජාතික ප්‍රතිශක්තිකරණ සමුළුවට අදාළ තාක්ෂණික වාර්තාව අමාත්‍යවරයා වෙත
- හිටපු නාවික හමුදාපති යළි රිමාන්ඩ්
- කර්මාන්ත 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති ප්‍රධානත්වයෙන්
- ගම්පහ විගමණික දරුවන් වෙනුවෙන් කාර්යාංශයෙන් රුපියල් ලක්ෂ 50ක්
- වෛද්‍ය බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්
Author: VNews
මද කිපීමේ සමය හේතුවෙන් මාස 04කට අධික කාලයක් විලංගු දමා බැඳ සිටි කතරගම දේවාලයේ වාසනා හස්තිරාජයාගේ යදම් ලිහිල් කිරීම අද පෙරවරුවේ සුබ මොහොතින් සිදු කෙරුණා. වසරකට වරක් අලි ඇතුන්ගේ කම්බුල් තෙමීම හෙවත් මද කිපීම සිදුවෙන අතර එම කාලයේදී ඇත් ගොව්වා විසින් ඇතාව ගස් බැදීම සිදුකරනු ලබනවා. එලෙස ගස් බැද දමා සිටි රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්ථි රාජයාගේ බැහුම් ලිහීම චාරිත්‍රාණුකූලව සුභ මොහොතින් සිදු කෙරුණා.
මුහුද රළු වීම පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද පෙරවරු 07 ට නිකුත් කළ එම නිවේදනය හෙට පෙරවරු 07 දක්වා බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්. මේ පිළිබද අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.
පෙර පාසල් ගුරුවරුන්ගේ මාසික දීමනාව සියයට සියයකින් වැඩි කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නව දීමනාව මෙම මාසයේ සිට ලබා දීමටයි රජය සැලසුම් කර ඇත්තේ. පෙර පාසල් ගුරුවරුන් සඳහා දැනට රුපියල් 2500ක දීමනාවක් හිමිවන අතර එය රුපියල් 5000ක් දක්වා වැඩි කර තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛය දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බවයි කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය සදහන් කළේ.
වර්තමානයට ගැළෙන පරිදි පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා. ඔහු කියා සිටියේ එම වෙනස්කම් සිදුකිරීමට දැඩි තීරණ ගත යුතුව ඇති බවයි. වී.එෆ් ගුවන් විදුලියේ විකාශය වු වී එයිට් වැඩසටහනට එක්වෙමින් සාගර කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළා.
අධ්‍යාපන අනධ්‍යන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වීමට අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමය සදහන් කළේ හෙට සහ අනිද්දා දින දෙක තුළ අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන බවයි. මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකවනවා. විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පැවසුවේ සිය ගැටළු අවම මට්ටමින් විසදා ගැනීමට අවශ්‍ය ලිඛිත එකගතාවක් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාරදී ඇති බවයි.
රටේ ජනතාව හැර වෙනත් කිසිදු පාර්ශවයක් සමග තමන්ට ගිවිසුම් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාවතගම ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. රට ගොඩනගන සමාජ ගිවිසුම ඇත්තේ ජනතාව සමග බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.
එල්.ටී.ටී.ඊ තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. එක්සත් රාජධානියේ තහනම් සංවිධාන ආභියාචන කොමිසම එල්.ටී.ටී.ඊ තහනම ඉවත් නොකළ යුතු බවට නියෝග කර තිබෙනවා. එරට මහාධිකරණ විනිසුරුවෙක් ප්‍රධානත්වය දරන එම කොමිසම එරට පාර්ලිමේන්තුව මගින් ස්ථාපනය කළ ස්වාධීන අධිකරණයක් වනවා.
ඉදිරි වසර 05 තුළ නැගෙනහිර පළාත පුළුල් සංවර්ධනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ සමඟ එක්වන්නැයි ජනපතිගෙන් ව්‍යාපාරිකයන්ට ඇරයුම් අනාගත පරපුර වෙනුවෙන් තමා ලබා දෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්ති ගරුක වීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රටේ සාර්ථක නායකයෙක්, දක්ෂ දේශපාලනඥයෙක් ලෙස ලද අත්දැකීම් අනුව අනාගත පරම්පරාවේ සාර්ථකත්වය වෙනුවෙන් ලබා දෙන උපදෙස කුමක්දැයි මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිත හමුවේදී, තරුණියක නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිතයින්ගේ මෙම හමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව ‘ගෝල්ඩන් රිවර්’ හෝටලයේදී ඊයේ (22) පැවැත්විණි. මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක්…
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහාය ලබාදෙන බව ටී.එම්.වී.පී. පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පැවසිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ටී.එම්.වී.පී. පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු පාක්ෂිකයින් අතර හමුවක් අද (22) මඩකලපුවේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වුණු අතර එහිදි මේ බව සඳහන් කෙරිනි. නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලැස්ම සාර්ථක කර ගැනීමට සහාය ලබාදුනහොත් පසෙන් යැපෙන නැගෙනහිර ජනතාවට දෙපයින් නැඟී සිටීමට අවස්ථාව හිමිවන බවද සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මෙහිදී පැවසීය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටේ ආර්ථිකය ගොඩනගන අතරම ජනවාර්ගික ප්‍රශ්නයටද ස්ථීර සාර විසඳුමක්…
ගාසා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව හමාස් සංවිධානය පවසනවා. ගාසා හි සරණගත කඳවුරුවලින් එකක් වන අල්ෂාටි ප්‍රදේශයේ නේවාසික කොටසකට සහ අල්ටුෆා ප්‍රදේශයේ නිවාස කිහිපයකට මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222