Author: VNews

2024 ජුනි මාසය  ජාතික පෝෂණ මාසය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම්  කර ඇත.  ඒ් වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම්  උත්සවය අද දින (26)  පෙරවරුවේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්  ගාල්ල Hall De Galle ශාලාවේදී පැවැත්විණි. සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා පාරිභෝගිකයාට ඇති අයිතිය විශේෂයෙන් අවධාරණය කරමින් “සෞඛ්‍ය සම්පන්න ආහාර අපේ අයිතියයි: සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා පාරිභෝගිකයා බලගැන්වීම” යන කාලීන තේමාව යටතේ මෙවර ජාතික පෝෂණ මාසය ප්‍රකාශයට පත් කර තිබේ. මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ .. වර්ථමානය වන විට අධිරුධිර පීඩනය , හෘර්ද අකර්ණිය, දියවැඩියා ඇතුළු රෝගී තත්වයන් විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත් එය ඉතාම නරක තත්වයක් බවය. මෙම…

තව කියවන්​න

මුලතිව්ලපුදුකුඩිඉරිප්පු නගරයේ පෞද්ගලික ආයතනක ඉහළ මාලයේ පැවති ජල ටැංකියක් පිරිසිදු කිරීමට ගිය තරුණයින් දෙදෙනෙකු අද දහවල් විදුලි සැර වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ විදුලිසැර වැදීමෙන් බරපතල තත්වයේ පසුවු තරුණයින් දෙදෙනෙකු පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කොට ඇති බවයි. මුලතිව්ලපුදුකුඩිඉරිප්පුල 10 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු එලෙස රෝහල්ගත කළ බවද පොලිසිය පැවසීය. පළමුව තරුණයෙකු පෞද්ගලික ආයතනයේ ඉහළ මාලයේ පැවති වතුරු ටැංකිය පිරිසිදු කිරීමට ගොස් ඇති අතරල අදාළ තරුණයා පහළට නොපැමිණීම සම්බන්ධයෙන් විමසා බැලීමට තවත් තරුණයෙකුද ආයතනයේ ඉහළ මාලයට ගොස් ඇති අතරල එහිදි තරුණයින් දෙදෙනාට විදුලිය වැදී ඇති බවට පොලිසිය සැක පළ කරති.

තව කියවන්​න

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මේ වන විට සම්මත වී තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේය. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න

පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට රජයේ විශේෂ  අවධානය යොමු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව තුළ ආයෝජන දිරිමත් කරමින් කොළඹ වරාය නගරය අක්වෙරළ ක්‍රියාකාරකම් සඳහා ද පහසුකම් සලසෙන මූල්‍ය කලාපයක් ලෙස නිර්මාණය කිරීම තම අරමුණ බවත් ඒ තුළ ව්‍යවසායන් දියුණු කිරීම සහ ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කිරීම වැනි කටයුතු දෙස් විදෙස් ආයෝජකයන් වෙත පැවරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ 2024 ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි. ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතා නොකළ විභවයන් උපයෝගී කර ගැනීම’ යන තේමාව යටතේ පැවැත්වෙන 2024 ‘DigiEcon’ ගෝලීය…

තව කියවන්​න

කොළඹ, ලෝටස් පාර ප්‍රදේශයේදී තම උද්ඝෝෂණයට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වා හෙට  ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

තව කියවන්​න

හෙට සහ අනිද්දා සියලු සේවාවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ මේ බව කියා සිටියා.

තව කියවන්​න

ශ්‍රී ලංකා ප්‍රීමියර්ලීග් තරගාවලියේ කාලසටහන නිකුත් කර තිබෙනවා. ඒ අනුව එහි සමාරම්භක උත්සවය ජූලි 01 වැනිදා පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය තව දින 04කින් එනම් මෙම මස 30 වැනිදා රාත්‍රියේ සිදු වීමට නියමිතව තිබෙනවා. අවසන්වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු වුණේ පසුගිය මැයි 31 වැනිදායි. එම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩු වූ අතර දෙකක මිල ගණන් නොවෙනස්ව පැවතුණා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දැමූ අතර එහි මිල රුපියල් 355ක් ලෙසයි සටහන් වූයේ. එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පැවතුණ අතර එහි මිල රුපියල් 420ක් ලෙස වාර්තා වුණා.

තව කියවන්​න

චීනයේ චැන්ග්ෂා නගරයට වාර්තාගත වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. ඊයේ උදෑසන නවයේ සිට දහය දක්වා කාලය අතරතුරදී මිලිමීටර් 65 ඉක්මවූ වර්ෂාපතනයක් චැන්ග්ෂා නගරයට ලැබී ඇති බවයි චීනයේ කාලගුණ සේවය නිවේදනය කරන්නේ. නගරයේ මාර්ග ජලයෙන් යටව ඇති අතර මාර්ගයන්හි ගමන් කළ නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙනවා. උමං මාර්ග රැසක් ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

කොළඹ, ලෝටස් පාර ප්‍රදේශයේදී තම උද්ඝෝෂණයට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වා හෙට  ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි. අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමඟාමීව ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද (26) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කළේය.

තව කියවන්​න