- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
දිවයින පුරා පිහිටි විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සදහා අනුයුක්ත කොට ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඉවත් කර නොගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ඔවුන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වෙමින් පවතින බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ. නමුත් එම ප්‍රචාරය සම්පූර්ණයෙන් සාවද්‍ය වන අතර, රජය හෝ ආරක්ෂක අමාත්‍යංශය එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
2024 ජනවාරි මස පළමුවනදා සිට ඔක්තෝබර් මස 25 දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 1,898ක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ රිය අනතුරුවලින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ පදිකයන් බවයි. මෙම වසරේ සිදුවූ රිය අනතුරු සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළා.
සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ හෙට දින සිට මෙම සතිය ක්‍රියාත්මක වන බවයි. මෙහිදී සරම්ප රෝගය නැවත ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගනු ඇති. එමෙන්ම, විශේෂ එන්නත් සායන ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සදහන්වනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. මධ්‍යම සහ ඌවපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සදහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
සති අන්තය වන විට බොරතෙල් මිලෙහි වැඩි වීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, ඩබ්ලිබ් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 69. 49ක් ලෙස සටහන් වූ අතර, එය 0.3% වැඩිවීමක්. එමෙන්ම, සති අන්තය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 73. 10ක් ලෙස සටහන් වුණා.
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා. හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් ඔහුව මෙලෙස ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට යොමු කිරීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු බැවින් ඔහුට විශේෂ ආරක්ෂාවක් සැපයිමටත්, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටත් මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගයේ සටහන් කර තිබූ බවයි.
2024 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් පුර්ව වටයේදී නේපාලය ලකුණු 40කින් පරාජයට පත් කරමින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 123ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායමට කඩුලු 6ක් දැවී රැස් කළේ ලකුණු 83ක් පමණයි.
පවතින වැසි සහිත කාලගුණය හමුවේ අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා. අධිවේගි මාර්ග මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී.ච් ගුණසිංහ මහතා දැනුම් දෙන්නේ, පැයට කිලෝමීටර් 60 ක වේග සීමාවේ ගමන් කරන ලෙසයි.
ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ එම රෝහලේ පිලිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා විසින් එම රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින්.
හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද පැවැත්වෙනවා. ඒ අනුව අර්ධ අවසන් පුර්ව වටයේ පළමු තරගයට එක් වන්නේ සත්කාරක හොංකොං කණ්ඩායම සහ ඔස්ටේ්‍රලියානු කණ්ඩායමයි. ළහිරු සමරකෝන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගී වූ තරග දෙකම ජය ගනිමින් අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබුවා. ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේ සහභාගී වන තරගය නේපාලයට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.20ට ආරම්භ වීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222