Author: VNews

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් 2024 ජුනි 26 වැනි දින සිට 27 වැනි දා දක්වා රුසියානු සමූහාණ්ඩුවේ සංචාරයක නිරත වූ අතර රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අන්ද්‍රේ රුඩෙන්කෝ සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කර්නල් ජෙනරාල් ඒ.වී.ෆොමින් යන මහත්වරුන් සමඟ රුසියානු සන්නද්ධ හමුදාවන්හි කොන්ත්‍රාත් පදනම මත සේවයේ යොදවා සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූහ. ක්‍රියාන්විතයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් 17දෙනා පිළිබඳව, මියගිය සහ තුවාල ලැබූවන් සඳහා වන්දි ගෙවීම, සම්බන්ධ කරගත නොහැකි ශ්‍රී ලාංකිකයන්ගේ දුක්ඛිත තත්ත්වය, ස්වේච්ඡාවෙන් ආපසු සියරට බල යෑමේ හැකියාව, කොන්ත්‍රාත්තු කඩිනමින් අවසන් කිරීම සහ වේතනය විධිමත් කිරීම යන කරුණු කෙරෙහි මෙම සාකච්ඡා වලදී අවධානය යොමු විය. සේවයේ යොදවා ඇති ශ්‍රී ලාංකිකයින්ගේ ගැටලු සහ අවශ්‍යතා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නිරන්තරයෙන්…

තව කියවන්​න

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ චෝදනා මත සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ තබුත්තේගමදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සතුව තිබී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 06ක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ඉදිරි සංවර්ධන  වැඩකටයුතු පිළිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (27) පැවැත්විනි. මෙහිදි රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සියළු කාර්ය මණ්ඩලවල අවශ්‍යතාවයන් පිළිබදව, රෝහලෙන් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන්, නව පැකේජ ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රතිකාර සේවාවන් දියත් කිරිම, ‌සවස් කාලයේ ගාස්තුවලට යටතේව ලබාදෙනු ලබන විහේෂඥ වෛද්‍ය සේවාවන් කාර්යක්ෂම කිරිම,  රෝහලට පැමිණෙන රෝගීන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් පිළිබදව විශේෂ අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන්නට විය. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නිලධාරින්ට උපදෙස් දෙමින් කියා සිටියේ රෝහලේ ඉහත අවශ්‍යතාවයන් පිළිබදව ප්‍රමුඛ අවධානය යොමු කරමින් එම සේවාවන් කඩිනමින් විදිමත්…

තව කියවන්​න

කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙසත්, එම වාර්තා අනුව මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් තුළ ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙසත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව මෙම ගැටළු විසඳීම සඳහා අදාළ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය සැලසුම් සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය. සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කය තුළ…

තව කියවන්​න

ඇසළ පෙරහර මංගල්‍යය 2024 අගෝස්තු මස 05 සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් ආරම්භ වන බවත් පළමුවැනි කුඹල් පෙරහර අගෝස්තු මස 10 දින ආරම්භ වී අගෝස්තු 14 දින දක්වා මහනුවර නගරයේ වීදි සංචාරය කරන බවත් පළමුවැනි රංදෝලි පෙරහැර අගෝස්තු මස 15 ආරම්භ වන බවත් එදින සිට පුරා දින 5 ක් මහනූවර නගරයේ වීදි සංචාරය කර අගෝස්තු මස 19 වැනි පුන් පොහෝ දින අවසන් මහපෙරහැර පැවැත්වීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේතූමන් ප්‍රදිප් නිලංග දෑල නිලමෙතුමා අද ශ්‍රී දළදා මාලිගාවේදී 2024 පෙරහර මංගල්‍යය වෙනුවෙන් පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා මේ අවස්ථාවට මහා සංඝරත්නය බස්නායක නිලමේවරුන් මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් මහතා ආරක්ෂක අංශ…

තව කියවන්​න

20-20 ශ්‍රේණිගත කිරීම්වල තුන් ඉරියව් ක්‍රීඩකයින්ගෙන් පළමු තැන ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා. එහි දෙවන ස්ථානය හිමි කර ගෙන ඇත්තේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මොහොමඩ් නබී එමෙන්ම ඉන්දියාවේ හර්දික් පාණ්ඩ්‍යා තෙවන ස්ථානයේ පසුවෙනවා

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක පුහුණුකරු ධුරයෙන් මහේල ජයවර්ධන ඉල්ලා අස්වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මහේලගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී ඇති බවයි.

තව කියවන්​න

අද රාත්‍රී 8.00ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරිමට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබුණා. පස්වරු 4.00ට පමණ මෙම කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී පැවැත් වී තිබෙනවා. මෙහිදී ජනාධිපතිවරයා විසින් අද රාත්‍රියේදී සිදුකිරීමට යන විශේෂ ප්‍රකාශය හා ණය ප්‍රතිව්‍යුහගතකරනය වැඩසටහන සහ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිළිකර තිබෙනවා.

තව කියවන්​න

රුපියල් මිලියන 2572 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 191 කට අධික  තොගයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 06 ක් නාවික හමුදා භාරයට  ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් කොළඹ සිට නාවික සැතපුම් 120 ක් පමණ (කිලෝමීටර් 222 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාව යොදවා නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 2572 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 191 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) 2024 ජුනි මස 24 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු…

තව කියවන්​න

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින්, 1983 සිට 2009 කාලය දක්වා ඇති වූ ගැටුමෙන් පැන නගින ප්‍රජා අභියෝගයන් පිළිබඳ නිරීක්ෂණ එක් රැස් කිරිම සහ ඒ සඳහා විසඳුම් සෙවීම අරමුණු කොටගෙන, එහි මොනරාගල දිස්ත්‍රික්කයේ පාර්ශවකරුවන් සඳහා 2024 ජූනි මස 05 වනදා සිට 08 වනදා දක්වා රැස්වීම් මාලාවක් පවත්වනු ලැබීය. එම කාලය තුළ, සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයීය කාර්ය මණ්ඩලය විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට ඇති ප්‍රධාන ගැටළු සහ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා විවිධ පාර්ශවකරුවන් සමඟ රැස්වීම් 12 ක් පවත්වන ලදී. මෙම කණ්ඩායම මොනරාගල දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. පී. එස්. බී. රත්නායක මහතා සමඟ…

තව කියවන්​න