Author: VNews

මත්පැන් යැයි සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ දියරයක් ශරීරගත වීමෙන් බරපතළ තත්ත්වයෙන් පසු වූ තවත් ධීවරයෙක් මියගිය අතර, මේවන විට මියගිය මුළු සංඛ්‍යාව හතරදෙනෙකු බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසන්නේ.

තව කියවන්​න

මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයාධිපතිනියටත්, පොලිස්පතිවරයාටත් තවත් ආයතන කිහිපයකටත් දැනුම් දී තිබෙනවා. මෙසේ දැනුම්දී ඇති ආයතන අතර, ලංකා විදුලිබල මණ්ඩලය, ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයද ඇතුළත්. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථානවල පුරප්පාඩු පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස සියලුම ග්‍රාම නිලධාරින්ට පසුගිය සතියේදී දැනුම්දුන් බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ.

තව කියවන්​න

රටේ ආර්ථිකය නිවැරදිව ගොඩ නැගීමට කටයතු නොකළහොත් ශ්‍රී ලංකාවත් තවත් කින්නියාවක් බවට පත්වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . ඒ මහතා මේ බව කියාසිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමින් . වොයිස් කට් -රනිල් වික්‍රමසිංහ

තව කියවන්​න

අම්බලන්ගොඩ බලපිටිය ප්‍රදේශයේ අවමංගල්‍ය රථයක් තුළදී මල්ශාලා හිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු ඝාතනයට ලක්වූ පුද්ගලයා යටතේ සේවය කළ අයෙකු වන බවයි අනාවරණ වී ඇත්තේ. සිය බිරිඳ සමඟ පැවති අනියම් සම්බන්ධයක් හේතුවෙන් මල්ශාලා හිමිකරු සමග අවස්ථා කිහිපයකදීම බහින්බස් වීම් සිදුවූ බව සැකකරු පාපොච්චාරනය කර තිබෙනවා.

තව කියවන්​න

ග්‍රාම නිලධාරින් අදත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නියෝජිතයින් සමග ඊයේ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙනුයි මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට ඔවුන් යොමුවී ඇත්තේ. කෙසේවෙතත් ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාව සකස් නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන් වුණා.

තව කියවන්​න

මන්නාරම මඩු තච්චනාමරදමඩු ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් අට දෙනකු අසාද්මිකතාවකයක් හේතුවෙන් මන්නාරම රෝහලට ඇතුළත් තිබෙනවා. මෙම පිරිස විසින් එඬරු ඇට ආහාරයට ගෙන ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වී ඇත්තේ.

තව කියවන්​න

ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කළ පසුගිය වසරේ ඔක්තෝම්බර් හත්වනදා සිට රාත්තල් 2000 ක් බරැති බෝම්බ දස දහසක් ඇමරිකාව, ඊශ්‍රායලයට ලබාදී ඇති බවට අනාවරණ වී තිබෙනවා. ඇමරිකානු ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු මේ බව තහවුරු කර තිබුණා.

තව කියවන්​න

කොළඹ ප්‍රදේශ රැසකට අද පෙරවරු 9.00 සිට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා . ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රාදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙලෙස ජලය අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් මොරටුව මහ නගර සභා බල ප්‍රාදේශයට එම කාල සීමාව තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දින සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ . එමෙන්ම එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ත් 50 ත් අතර තද සුළං ඇති විය හැකි බව‍යි.

තව කියවන්​න

දේශීය ව්‍යාපාරිකයා රැකීමට සිය ආණ්ඩු පාලනයක් තුල සිදු කර බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා . ඒ මහතා මේ බව කියාසිටියේ කුලියාපිටිය ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් . වොයිස් කට් -නාමල් රාජපක්ෂ

තව කියවන්​න