- රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නෙවෙයි – විපක්ෂ නායක
- 2029 නාමල් නිතරගයෙන් රටේ ජනාධිපති කරනවා
- බොරු අවියක් සහ මත්ද්‍රව්‍ය එක්ක මධුවා මාට්ටු
- රනිල් ගැන සතුටු හිතෙන ආරංචියක් – VEDIO –
- ඔන්න අපි නම් ඕවාට නෑ ! – VEDIO –
- රනිල් හෙට යලිත් අධිකරණයට – VEDIO –
- ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනයක් කතානායකට
- වියට්නාමයට සුළි කුණාටු අවදානමක්
Author: VNews
“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිම ඔප්පු ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 25 ක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම වැඩසටහන් තුළින් ජයග්‍රහණය කරන්නේ මෙරට ගොවි ජනතාව බව පැවසු ජනාධිපතිවරයා ගොවි ජනතාව නඟා සිටුවමින් රට සංවර්ධනය කරා ගෙන යාම තම අරමුණ බවද පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (30) පෙරවරුවේ වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ…
අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රටට ආදරය කරන සියලුදෙනා එක්කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිවරයා මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බවද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් අද (30) මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි. “එක්ව ජයගමු – අපි මාතර” මැයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා…
වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමිමේ අරමුණින් කාසල්රි ජලාශයට තිලාපි මත්ස්‍ය ඇගිල්ලන් ලක්ෂයක් මුදා හැරිම (29) දින පස්වරුවේ සිදු කෙරුණා. මධ්‍යම පළාත් සභාව සහ කාසල්රි ජලාශයේ ධිවර සමිතියේ ප්‍රතිපාදන මතයි වැඩසටහන සිදු කළේ. උඩවලව මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද තිලාපි මත්ස්‍ය ඇගිල්ලක් ලක්ෂයක් මෙසේ ජලාශයට මුදා හැරියා.
හෙට සිට ක්‍රියාත්මක වන බස් ගාස්තු අඩු කිරීම සම්ප්‍රධානුකූලව ක්‍රියාත්මක වීමට හැකියාවක් නැති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. ඒ සඳහා අවශ්‍ය නිර්නායක සහ සටහන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බස් රථවලට ලබා දීමට කටයුතුකර නැති බව ඔහු ප්‍රකාශ කළා.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඉන්දීය කණ්ඩායම 2024 විස්සයි විස්ස ලෝක කුසලනය දිනා ගැනීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශර්මා සිය සමුගැනීමට ප්‍රකාශයට පත්කළා. එමෙන්ම ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රිඩක විරාත් කෝලි ද ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
අතිරේක ආදායමක් උත්පාදනය කළ හැකි නිර්මාණශිලි ව්‍යවසායකත්ව වැඩපිළිවෙලක් රටට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. වී.එෆ් ගුවන් විදුලිය ඔස්සේ විකාශය වු වී එයිට් වැඩසටහනට එක්වෙමින් චන්න ජයසුමන මහතා මේ බව කියා සිටියා. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිමට නම් අධි පරිබෝජනවාදී ජීවන රටාවෙන් සමස්ත ජනතාව මිදිය යුතු බව ද මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කළා.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ නීතිරීති සංශෝධනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබනෙවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කලේ එම ක්ෂේත්‍රය සඳහා සහන ලබාදීම හා බදු පැනවීම සම්බන්ධයෙන් යළි අවධානය යොමු කිරීමට ජනාධිපතිවරයා සූදානම් බවයි. රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ප්‍රථම වරට පැවති ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කලා.
කිළිනොච්චියේ ඉරණමඩු ජලාශයේ දිය නාමින් සිටි පාසල් ශිෂ්‍යයෙකු හදිසියේම දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. එසේ අතුරුදන් වූ සිසුවා සෙවීමට ධීවරයින් පොලීසිය හා ගම්වාසීන් ඉරණමඩු වැව තුළ සෝදිසි කටයුතු සිදු කරමින් සිටින නමුත් මෙතෙක් ඔහුව හමු වී නොමැති බවයි වාර්තා වන්නේ.
මැතිවරණය පැවැත්වෙන්නේ ප්‍රංශ පාර්ලිමේන්තුව හෙවත් ජාතික මන්ත්‍රණ සභාවේ ආසන 577 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට අදාලව පාර්ලිමේන්තු මැතිවරණය අද ආරම්භ වෙනවා. එහිදී මෙම මැතිවරණය අදියර දෙකකින් සමන්විත වන අතර, පළමු අදියර අදත්, දෙවැනි අදියර ලබන ජූලි 07 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.
යතුරු පැදිවලින් පැමිණ කාන්තාවන්ගේ රන්මාල කඩන කල්ලියක් පිළිබඳ වාර්තා වනවා. රුපියල් ලක්ෂ 11කට අධික වටිනා රන්මාල දෙකක් එකම දිනෙක කඩාගෙන ගොස් තිබෙන බවයි වාර්තා වුණේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222