Author: VNews

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහි සභාපති ආර්.එම්.ඒ.එල්.එම් රත්නායක මහතා වී නිව්ස් වෙත පැවසුවේ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්කෙරන බවයි. ජුලි 17 වනදායි පසුව ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ දිනය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිසමට හැකියාව පවතින බව ද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා. .

තව කියවන්​න

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබද අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව ඊයේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අවස්ථාවේදීයි මේ බව දැනුම් දී ඇත්තේ. ඒ අනුව අද දින පැවැත්වීමට නියමිතව තිබු ඊට අදාළ විවාදය සහ ඡන්ද විමසීම නොපැවැත්වීමට මෙහිදී තීරණය කෙරුණා. මේ අතර හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා හෙට පාර්ලිමේන්තු පරිශ්‍රයට රැගෙන ඒමට නියමිතයි. මේ හේතුවෙන් එදිනට පාර්ලිමේන්තු කටයුතු නොපැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම වළක්වාගත නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එබැවින් මෙම ආර්ථික වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට මේ රටේ සියලු පුරවැසියන්ගේ සහාය අවශ්‍ය කාලය එළැඹ තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය සේවයේ වසර හැටක (60) දීර්ඝ සේවා කාලයක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් ප්‍රවීණ භාෂා උපදේශක ආර්.එස්. ජයසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක්විය. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රවීණ භාෂා උපදේශක ආර්.එස්. ජයසිංහ මහතාගේ සේවය අගයමින් ලිපියක් ප්‍රදානය කිරීම අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භ වීමට පෙර ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදු විය. ප්‍රවීණ භාෂා උපදේශක ආර්.එස්. ජයසිංහ මහතා 1961 අගෝස්තු මස 01 වන දින මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවයට එක්වී ඇති අතර 1974 ජූලි 03 වැනි දින අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ භාෂා උපදේශකවරයකු ලෙස පත්වී තිබේ. ඒ අනුව 2024 ජුලි 03 වැනි දිනට ඔහු අමාත්‍ය…

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2024 ජුලි 01) අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ඩව් යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසිපස් දෙනෙකු (25) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, අද දින (2024 ජුලි 01) අළුයම් කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික…

තව කියවන්​න

මේ වන විට ලබන වී අස්වනු ප්‍රමාණය දෙගුණ කර ගත යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති ඉලක්කය ඉදිරි වගා කන්න හයක් තුළ සපුරා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා පැවසීය. මේ සඳහා තාක්ෂණික පැකේජයක් හඳුන්වා දී ඇති බවත් සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයෙන් ඔබ්බට ගොස් වැඩිවන ආහාර අවශ්‍යතාව සපුරාලීමේ වගකීම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට…

තව කියවන්​න

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහි සභාපති ආර්.එම්.ඒ.එල්.එම් රත්නායක මහතා වී නිව්ස් වෙත පැවසුවේ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්කෙරන බවයි. ජුලි 17 වනදායි පසුව ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ දිනය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිසමට හැකියාව පවතින බව ද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

තව කියවන්​න

ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය අරඹමින් අරලිය ගහ මන්දිරයේ සේවා කටයුතුවල නිරත වූ බාලදක්ෂයින් වෙත පළමු සේවා කාර්ඩ් පත ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමය මගින් සංවිධානය කරනු ලබන ජාතික බාල දක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය ජුලි මස 1 සිට 31 දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින 110,000 අධික බාල දක්ෂයින් මෙම කාලය තුළ බාල දක්ෂ සේවාවන්වල නිරත වීමට අපේක්ෂා කෙරේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා “ තමන්ගේ ශ්‍රමය කැපකොට යම්කිසි වැඩ කටයුත්තකට සිය ශ්‍රමය ලබා දීමේ බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා ක්‍රියාවලිය  ශත වර්ෂයකටත් වැඩි කළක් සිට අපේ රටේ…

තව කියවන්​න

ව්‍යවසායකත්වය පිළිබඳ අවබෝධයක් හා පුහුණුවක් පාසල් වියේ සිට ම සිසු සිසුවියන්ට ලබා දිය යුතු බවත් නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය සමග 9 ශ්‍රේණියේ සිටිය දී එනම් 14 වැනි විය පමණ වන විට දරුවන්ට සිය දෙමාපියන් ද සමග සාකච්ඡා කර ඉදිරි වෘත්තීය දිශානතිය තෝරා ගැනීමේ අවකාශ හිමි වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. ඒ අනුව සාමාන්‍ය පෙළින් පසු අධ්‍යාපනය අවසන් කරන සිසුසිසුවියන්ට මෙම ව්‍යවසායකත්වය පිළිබඳ හැදෑරීමේ වැඩි උපයෝගීතාවයක් පවතින බව කී අමාත්‍යවරයා 6 ශ්‍රේණියේ සිට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දීමත්, මෙම පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය හරහා උදා කරන බව ද පැවසී ය. අ.පො.ස උසස් පෙළ අධ්‍යයන කටයුතු සිදුකරන පාසල් තුන්දහසක…

තව කියවන්​න

ව්‍යවසායකත්වය පිළිබඳ අවබෝධයක් හා පුහුණුවක් පාසල් වියේ සිට ම සිසු සිසුවියන්ට ලබා දිය යුතු බවත් නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය සමග 9 ශ්‍රේණියේ සිටිය දී එනම් 14 වැනි විය පමණ වන විට දරුවන්ට සිය දෙමාපියන් ද සමග සාකච්ඡා කර ඉදිරි වෘත්තීය දිශානතිය තෝරා ගැනීමේ අවකාශ හිමි වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. ඒ අනුව සාමාන්‍ය පෙළින් පසු අධ්‍යාපනය අවසන් කරන සිසුසිසුවියන්ට මෙම ව්‍යවසායකත්වය පිළිබඳ හැදෑරීමේ වැඩි උපයෝගීතාවයක් පවතින බව කී අමාත්‍යවරයා 6 ශ්‍රේණියේ සිට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දීමත්, මෙම පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය හරහා උදා කරන බව ද පැවසී ය. අ.පො.ස උසස් පෙළ අධ්‍යයන කටයුතු සිදුකරන පාසල් තුන්දහසක…

තව කියවන්​න