- පොලිසියට අලුතින් එන PCID
- වෑන් එකක හැපුණු කළුතර OIC කොළඹ ජාතික රෝහලට
- කාලගුණයෙන් නිවේදනයක්
- මැතිවරණ කොමිෂන් සභාව අයදුම්පත් 35ක් ප්‍රතික්ෂේප කරයි
- සඳුදා රෝහල්වල වර්ජනයක්
- සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට සුබ ආරංචියක්
- මාන්කුලම් නිවසක සැකකටයුතු මරණයක්
- අධිකරණ තීන්දු යූටියුබ්කරුවෙක් කලින්මකීම නීතියට කළ අපහාසයක්
Author: VNews
නාගත නව රැකියා වෙළෙඳපොළට සරිලන වෘත්තිකයන් බිහි කළ හැකි ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය හා සමස්ත අධ්‍යාපන පද්ධතිය පරිවර්තනීය වෙනසක් කරා ගෙන යෑමට දුෂ්කරතා රැසක් මධ්‍යයේ වුව රජය කැප වී ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද දින අරලියගහ මන්දිරයේ පැවති පත්වීම් ප්රදානය කිරීමේ වැඩසටහනට සහභාගී වෙමිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ෂෂෂ ශ්‍රේණියේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු 60ක් සඳහා පත්වීම් ලබා දුන් අතර උපාධි හා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 2,159ක් සඳහා ගුරු පත්වීම් ලබාදීම ද සිදු විය. දිවයිනේ ජාතික පාසල්වල පවතින අපොස උසස් පෙළ සිංහල,…
තලවකැලේ නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක උඩු මහලේ දින පස්වරුවේ ගින්නක් හටගත් බව තලවකැලේ පොලිසිය පැවසිය එම ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලේ උඩු මහලේ පැස්සුම් කටයුත්තක් සිදු කරන අවස්තාවේ ඉන් විසි වු ගිනි පොකුරකින් ගින්න හට ගන්නට ඇති බව සැකකරන බවයි පොලිසිය කියා සිටියේ හටගත් ගින්න තලවකැලේ නගරයේ පිහිටි සෙසු වෙලදසැල් වල සේවකයින් සහ තලවකැලේ පොලිසිය ප්‍රදේශවාසින් සමග එක්ව පාලනය කර ඇත. ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතරල ගින්න පිලිබදව තලවකැලේ පොලිසිය පරික්ෂණ පවත්වයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත අද (02) පස්වරුවේ පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්, එස්. රාසමාණික්කම් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර ප්‍රජාවම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක ඇති නමුත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් එය සුබවාදීව දැකීම ප්‍රතික්ෂේප කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය, රටේ ආර්ථිකය යළි ගොඩ නැගීම වෙනුවෙන් අත්‍යවශ්‍ය වූ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන සුබ…
ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළයුතු බවත් විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන බවත්, ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සොයා බැලීමට තමා නීතිපතිවරයාට උපදෙස් දී තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට පත්වීම් ප්රදානය හා උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරින් හට ගුරු පත්වීම් ප්රදානය කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (03) පැවති උත්සවයට එක්වෙමිනි. දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස මෙහිදී සියලු…
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, කිරි ගොවීන් සුරැකීමේ මධ්‍යස්ථාන ඇතුලු වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් පිරිසකට කොළඹ මාර්ග කිහිපයකට ඇතුලු වීම වළක්වාලමින් කොටුව සහ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණවලින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ඔවුන් අද පස්වරුවේ කොළඹදි සිදු කිරීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් මහජන පීඩාවක් ඇති වන බවට පොලිසිය සිදු කළ ඉල්ලීමකට අනුවයි.
පාසල් තුළ දූදරුවන්ගේ දෙමාපියන්ගේ පක්ෂ, ගුරුවරුන්ගේ පක්ෂ නොතිබිය යුතු අතර පාසල තුළ තිබිය යුතු වන්නේ දරුවන් සුරකින පක්ෂ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. හොඳම දේ දරුවන්ට කිව්වද සමහර පුද්ගලයන් දරුවන්ට යමක් දෙන විට ඊට අකුල් හෙළන බවත් ඔවුන් තමතමන්ගේ දේශපාලන මතිමතාන්තර ඉස්මතු කර ගෙන දරුවන්ට යමක් ලබා දෙන විට එයට බාධා කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමා නායකත්වය දරණ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නේ නම් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව, එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.
පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 17ක සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කරමින් මෙම වසරේ මේ දක්වා සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 105ක ආදායමක් සාර්ථකව රැස් කරගෙන තිබෙනවා. සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි සඳහන් කළේ ජුනි 30 වැනිදා වන විට සුරාබදු දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්කයට ළඟා වූ බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222