- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
ඔස්ටේ්‍රලියානු විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය තාවකාලිකව කඩුලු රකින ක්‍රිඩක ජෝෂ් ඉන්ග්ලිස්ට ලබා දී තිබෙනවා. ඒ පාකිස්ථානයට එරෙහි විස්සයි විස්ස තරගාවලිය සදහා නම් කළ ඔස්ටේ්‍රලියානු සංචිතයට නිත්‍ය නායක මිචෙල් මාෂ් මෙන්ම ට්‍රැවිස් හෙඩ් ද ඇතුළත් නොවීම හේතුවෙනුයි. එමෙන්ම පාකිස්ථානය සමග පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී ද ඔස්ටේ්‍රලියානු කණ්ඩායම මෙහයවීමේ වගකීම ජෝෂ් ඉන්ග්ලිස්ට පවරා තිබෙනවා.
තීරු බදු නොගෙවා අලෙවි කිරීමට සූදානම් කර තිබු විදේශ දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුරාබදු නිලධාරීන් විසින් රාජගිරිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි දුම්වැටී 5400කට අධික ප්‍රමාණයක් සමග සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. අදාළ විදේශිය දුම්වැටී තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 5කට අධික වන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ.
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස හා එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුලත්. ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය චරිත් අසලංකට හිමිව ඇති අතර කුසල් ජනිත් පෙරේරා ද යළි එක්දින කණ්ඩායමට කැදවා තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය නොවැම්බර් මස 9 සහ 10 යන දෙදින පැවැත්වෙන අතර එක්දින තරගාවලිය නොවැම්බර් 13 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වු ධීවරයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය , කුච්චවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ. එමෙන්ම සැකකාර ධීවරයින් සමග ඩිංගි යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවකට සෞඛ්‍ය බලධාරීන් විසදුම් ලබා නොදීමට එරෙහිව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය අවසන් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 1642 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මෙම සමස්ත පැමිණිලි සංඛ්‍යාව තුළ ප්‍රචණ්ඩ ක්‍රියා 15 ක් ද නීති උල්ලංඝණය කිරීම් 1592 ක් සහ වෙනත් පැමිණිලි 35 ක් ඇතුළත් වනවා.
ලබන වසරේ දී පාසල් සිසුන්ට අවශ්‍ය සම්පූර්ණයෙන් නිල ඇඳුම්, පරිත්‍යාග කිරීමට චීන රජය සූදානම් බව මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් පවසනවා. ඔහු මේ බව සදහන් කර ඇත්තේ, ගම්පහ කැප්පෙටිපොළ ජාතික පාසලේ පැවති අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.
අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. විෂයභාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් මතයි එම කමිටුව පත්කර ඇත්තේ. සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ සමෘද්ධිලාභීන් ලෙස ප්‍රතිලාභ ලබමින් සිටි, අස්වැසුම ප්‍රතිලාභ අහිමි වූ පුද්ගලයින් පිළිබඳව මෙහිදී සොයා බලන බවයි.
ඩිජිටල් ආර්ථිකය පිළිබදව නව අමාත්‍යංශයක් ගොඩනගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මහනුවර පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමට කටයුතු කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සදහන් කළා.
රට ඉදිරියට ගෙනයාමට නම් පළපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. පළපුරුද්දක් නොමැති පිරිසකට රටේ අනාගතය භාර නොහැකි බවයි රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222