- 2029 නාමල් නිතරගයෙන් රටේ ජනාධිපති කරනවා
- බොරු අවියක් සහ මත්ද්‍රව්‍ය එක්ක මධුවා මාට්ටු
- රනිල් ගැන සතුටු හිතෙන ආරංචියක් – VEDIO –
- ඔන්න අපි නම් ඕවාට නෑ ! – VEDIO –
- රනිල් හෙට යලිත් අධිකරණයට – VEDIO –
- ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනයක් කතානායකට
- වියට්නාමයට සුළි කුණාටු අවදානමක්
- බස් රථ දෙකක් ගැටෙයි – 18කට තුවාල
Author: VNews
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම අද සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊට අදාළව වාචික අදහස් ලබා දීමට හැකියාව පවතිනවා. විදුලිබල පනතට අනුව මේ වසර තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන අතර ඊට අදාළ මහජන අදහස් ලබා ගැනීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබුණා.
ජාතිවාදය සහ ආගම්වාදයට යළි රට තුළ කිසිදු ඉඩක් නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මන්නාරම ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. එකමුතුභාවය තුළින් අභියෝග ජය ගැනීමට සියලු දෙනා එක්විය යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.
රාජ්‍ය සේවය නියෝජනය කරමින් වෘත්තීය සමිති 200 කට අධික සංඛ්‍යාවක් අද දිනයේදීත් සනීප නිවාඩු දමා සංකේත වැඩ වර්ජනයක නිරතවන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසනවා. තැපැල්, මිනින්දෝරු, ගොවි නියාමක, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර කීපයක රාජ්‍ය නිලධාරින් ඊයේ දිනයේ වැඩ වර්ජනයේ නිරත වුණා . මේ අතර වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සංගමයේ සභාපති එන්.එම් විජේරත්න මහතා පවසනවා . එමෙන්ම ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. මේ පවතින කාලගුණ තත්ත්වය පිළිබද පැහැදිලි කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා.
දුෂිතයින් ආරක්ෂා කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කිසිවිටක කටයුතු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාලක ගොඩහේවා මහතා පවසනවා. ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් නාලක ගොඩහේවා මහතා මේ බව ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා විශාල සේවයක් සිදුකරමින් සිටින බවයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගන්නට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඔවුන් මේ වන විට තරගාවලියේ තරග හතරකට මුහුණදී තරග තුනක් ජයගෙන ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 06ක්. එමෙන්ම ප්‍රසාද ලකුණු 06ක් ලබා ගෝල් මාවර්ල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා. ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටින ක්ලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයයි. ප්‍රසාද ලකුණු දෙක බැගින් ලබා සිටින දඹුල්ල සහ කැන්ඩි කණ්ඩායම් පිළිවෙලින් සිව්වන සහ පස්වන ස්ථාවල පසුවනවා.
මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතා පැවසීය. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (08 ) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. ආර්ථික අර්බුදය හමුවේ වුවද 2022 ට පෙර සිදු කළ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ගෙවීම් කටයුතු සඳහා පසුගිය දෙවසර තුළ රජය විසින් රුපියල් බිලියන 390ක් ලබා දී ඇති අතර කොන්ත්‍රාත්කරුවන් සඳහා රුපියල් බිලියන 300ක්ද ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 90ක්ද වශයෙන් එම…
මැතිවරණයක් ආසන්නයේ අයුක්ති සහගත වැඩවර්ජන දියත් කිරීමෙන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද අහිමි කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. මෙම වර්ජන, උද්ඝෝෂණ මඟින් බලාපොරොත්තු වන්නේ ජනතාවට ලැබෙමින් තිබෙන සහනදායී ජීවන තත්ත්වය කඩාකප්පල් කිරීම ද යන්නට විපක්ෂය පිළිතුරු සැපයිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
බුදු දහම සහ මේ වන විට අප ගමන් කරමින් සිටින නවීන විද්‍යාත්මක හා තාක්ෂණික ලෝකය අතර විශාල සම්බන්ධතාවක් ඇති බවත් ලෝකය හමුවේ ඇති ඉදිරි අභියෝග ජය ගැනිමේ මාර්ගය බුද්ධ දේශනාව තුළ ඇතුළත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ දර්ශනයත් මෙරට ඉතිහාසය, ශිෂ්ටාචාරය සහ බුදු දහම ලෝකයේ ව්‍යාප්ත වීම පිළිබඳව අධ්‍යයනය කළ හැකි සහ පාලි, සංස්කෘතික ඇතුළු භාෂා දැනුම වර්ධනය කර ගත හැකි නව ආයතනයක් මෙරට ස්ථාපිත කිරීමට සාකච්ඡා කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා ඉතිහාසයේ අනුරාධපුර මහා විහාරය සිදු කළ වැඩකටයුතු නැවත ආරම්භ කිරීම එහි අරමුණ බවද කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ…
ප්‍රංශ මැතිවරණයෙන් එරට වාමාංශික සන්ධානය ඉදිරියෙන් සිටිනවා. ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ජාතික රැළි පක්ෂය එරට පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතරයක් දිනා ගැනීමට අසමත් වුණා. නිකුත් වී ඇති නිල ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ වාමාංශික නව ජනතා පෙරමුණ ඇතුළත් සන්ධානය ජයග්‍රහණය කර ඇති බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222