- මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ – මහ බැංකුවෙන් දැනුම්දීමක්
- නාරාහේන්පිට නිවසක ගින්නකින් පුද්ගලයෙකු මරුට
- කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් සැකකරු ගැන තොරතුරු රැසක් එළියට
- තම පෙම්වතියව ඝාතනය කළ පෙම්වතෙකු සිය දිවි හානි කර ගනී
- ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානය සමග දැවැන්ත වෙළෙඳ ගිවිසුමක
- ඖෂධ අඛණ්ඩව සපයන්නැයි ජනපතිගෙන් සෞඛ්‍ය අංශවලට උපදෙස්
- මාරවිල වෙඩි තැබීමක් – කාන්තාවක මරුට – දරුවෙකුටත් තුවාල
- ඇමෙරිකාව යළිත් වරක් යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වන බව නිවේදනය කරයි
Author: Suraj Alwis
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර පසළොස්වක පොහෝ දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා. සිදුහත් බෝ සතාණන් වහන්සේ ගිහිගෙය කලකිරීම සහ අභිණිෂ්ක්‍රමණය කිරීම මෙන්ම රාහුල කුමරුගේ උපත සිදුවූයේ ද අද වැනි උතුම් පුර පසලොස්වක පොහොය දිනෙකයි. අප මහා තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව ඉසිපතන මිගදායේදි ප්‍රථමවරට පස්වග තවුසන් උදෙසා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදු කිරීම මෙන්ම බුදුරජාණන් වහන්සේ පළමු වරට යමහාමහ පෙළහරපෑම…
සීතාවක ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට එරෙහිව ගොනු කළ පෙත්සමේ නියෝගය ලබන සදුදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දී තිබෙනවා. මේ අනුව එදින දක්වා අදාළ නිලතල සඳහා තෝරා ගැනීමේ ඡන්ද විමසීම නොපවත්වන ලෙස වග උත්තරකාර පාර්ශවයට උපදෙස් ලබා දෙන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇතැයි සඳහන්. අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනු ඇති. සීතාවක ප්‍රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර එහි වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අදත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ වයඹ පළාතේද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින්විට හමන පැයට කිලෝමීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින්…
ඇමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති විනාශකාරී ගංවතුර තත්ත්වයෙන් දින කිහිපයකට පසු, එරට නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටද මේ වන විට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙනවා. විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, අධික මෝසම් වර්ෂාව හේතුවෙන් නිව් මෙක්සිකෝ කඳුකර ප්‍රදේශයක ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවයි. මෙම හදිසි තත්ත්වයත් සමග එහි රුයිඩෝසෝ කඳුකර නිකේතන ගම්මානයේ සහ ඒ අවට නිවාස සහ වාහන රැසක පුද්ගලයින් සිර වී සිටින බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා. මේ අතර ටෙක්සාස් කඳුකර ප්‍රදේශයේ ග්වාඩලූප් ගඟ පිටාර ගැලීම හේතුවෙන් සිදු වූ බිහිසුණු ව්‍යසනයෙන් දරුවන් ඇතුළු පුද්ගලයින් 109 දෙනෙකු…
ශ්‍රී ලංකාව විසින් සිදු කරන අපනයන සඳහා සියයට 30 ක අනෝන්‍ය තීරු බදු පැනවිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවන් ඊයේ රාත්‍රියේදී ධවල මන්දිරය විසින් මෙරට වෙත නිකුත් කළ නිවේදනයක මෙම නව බදු සංශෝධන ප්‍රතිශත දක්වා තිබුණා. අමෙරිකානු ජනාධිතිවරයා විසින් මීට පෙර ශ්‍රී ලංකාව වෙත පනවා තිබු අනෝන්‍ය තීරුබදු ප්‍රතිශතය සියයට 44 ක්. මෙම අනෝන්‍ය බදු පැනවීම අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. වෙළෙඳ ගනු දෙනු සහ තීරුබදු සම්බන්ධයෙන් ඊයේ දිනයේදී තවත් රටවල් හතක් වෙත ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් නව ලිපි නිකුත් කරනු ලැබුවා. ශ්‍රී ලංකාවට අමතරව, ඇල්ජීරියාව, ඉරාකය සහ ලිබියාව සඳහා ද සියයට 30…
ලබන 25 වන සිකුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 05.00 දක්වා අභාවප්‍රාප්ත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට කාලය වෙන් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් අනුව මෙම ශෝක යෝජනා පිළිබඳ විවාදය සිදු කෙරෙනු ඇති. මේ අනුව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක, ලකී ජයවර්ධන සහ මාලිනී ෆොන්සේකා යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙලෙස ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි. ශෝක යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, පස්වරු 05.00 සිට පස්වරු 05.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර…
කෙන්යානු රජයට එරෙහිව එරට පුරා පැවති විරෝධතා අතරතුර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් එකොළොස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ගැටුම් ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන ඇත්තේ ඒවා මර්දනයට පොලීසිය මැදිහත්වීමත් සමග බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කෙන්යාව පුරා ඊයේ දිනයේදී දැවැන්ත විරෝධතා මාලාවක් පැවැත් වුණා.1990 වසරේදී එවක පැවති ඒකාධිපති පාලනයට එරෙහිව පැවැති සබා සබා නමැති විරෝධතාවේ 35 වැනි සංවත්සරය නිමිත්තෙන් මෙම විරෝධතා පැවති බව සඳහන්. කෙන්යාවේ, නයිරෝබි අගනුවර ඇතුළු කලාප කිහිපයකම පැවති මෙම රැළි පසුව, මහජන විරෝධතා බවට පත්ව ඇත්තේ ඔවුන් වත්මන් ජනාධිපති විලියම් රූටෝ ට එරෙහිව විරෝධතා ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බවයි එම විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. මෑතකාලීනව පැවති රාජ්‍ය විරෝධී…
කඳාන, පොදු වෙළෙඳසැල අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව කඳාන රූපමුල්ල හංදිය සහ කඳාන නගරයේ කළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ. යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර කඳාන ප්‍රදේශයේදී පසුගිය තුන් වැනිදා වෙඩි තැබීමක් සිදු කර තිබුණා. එහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනාම රාගම රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව එක් පුද්ගලයෙකු මිය ගියා. අත්අඩංගුවට ගත සැකකරුවන් වයස අවුරුදු 25 සහ 26 යන වයස් කාණ්ඩවල පසුවන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
අමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 109 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට අමතරව තවත් පුද්ගලයින් 161 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මිය ගිය පිරිස අතර ළමා කඳවුරක සිටි ගැහැණු ළමුන් විසි හත් දෙනෙකු සහ කාර්ය මණ්ඩලය ද වන බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ. මේ අතර අදාළ ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය ඉදිරියටත් අයහපත් වනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය ද අනතුරු අඟවා තිබෙනවා. නව මෙක්සිකෝ ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වීම හේතුවෙන් නිවාස රැසක් හානියට පත්ව ඇති බවද සඳහන්. ජීවිත හානි වැඩිවීමත් සමඟ ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් නිසි පරිදි ලබා දී තිබේද? යන්න…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222