Author: Suraj Alwis

එංගලන්තයේ, ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා. ඊයේ දිනයේදී සවුත්එන්ඩ් ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ කුඩා ගුවන් යානයක් මද වේලාවකට පසු කඩා වැටි ගිනි ගැනීමත් සමග එරට බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. පොලීසිය, හදිසි සේවා සහ ගුවන් අනතුරු විමර්ශකයින් අනතුර සිදු වූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදුකරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. අනතුරින් තුවාල ලැබූවන් සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ. එමෙන්ම තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳද කිසිදු තහවුරු කිරීමක් සිදු කර නොමැති බවද සඳහන්. මෙම ගුවන් යානය ලන්දේසි සමාගමක් වන සියුෂ් ඒවියේෂන් සමාගමට අයත් සූස් එක ( SUZ -1 )වර්ගයේ ගුවන් යානයක් බවයි…

තව කියවන්​න

මහරගම, නාවින්න ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මහරගම පොලීසිය පවසනවා. නාවින්නේ පිහිටි බස්රථ නැවතුම්පොළේ සිට ප්‍රධාන මාර්ගය දෙසට එක් බස් රථයක් ඇතුළු කිරීමේදී, ප්‍රධාන මාර්ගයේ මහරගම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ තවත් බස් රථයක ගැටීමෙන් අද පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබෙනවා. මේ වන විට එක් බස් රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර මහරගම පොලීසිය මඟින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා. තුවාලකරුවන් මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

තව කියවන්​න

ලද තොරතුරක් මත කොළඹ – උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෝදර, ඉබ්බාවත්ත හන්දිය ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් සමග සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකාරිය වයස අවුරුදු 31 ක් වූ කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි පොලිසිය සඳහන් කළේ. මෙම සැකකාරියගෙන් සිදු කළවැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කොළඹ – 13 නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන සැකකරුවෙකුගේ නිවසක් පරික්ෂා කර ඇති අතර එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 745 ක්, විදේශ රටක නිෂ්පාදිත රිවොලර් වර්ගයේ ගිනි අවියක් හා එම පතරොම් 05 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සැකකාරිය සමග මෝදර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.…

තව කියවන්​න

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙම වැඩසටහන සතියක කාලයක් ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ. රට තුළ තහනම් පිරමීඩ යෝජනා ක්‍රමවල වර්ධනයක් දක්නට ලැබෙන බැවින් මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා. මේ අතර තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් පවතින නීති තවදුරටත් ශක්තිමත් කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාද පෙන්වා දී තිබෙනවා.

තව කියවන්​න

රුසියානු ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට සහාය වීමක් ලෙස යුක්‍රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක මිසයිල යොදවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උදෑසනට හොඳින් කතා කළද සවසට බෝම්බ හෙළනවා යනුවෙන් සඳහන් කරන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ හේතුවෙන් පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල යුක්‍රේනයට ලබා දීම අත්‍යාවශ්‍ය බවද සඳහන් කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර මිසයිල කොපමණ ප්‍රමාණයක් යුක්‍රේනයට ලබා දෙන්නේ ද? යන්න සම්බන්ධයෙන් අමෙරිකාව මෙතෙක් කිසිඳු ප්‍රකාශ කර නැහැ. කෙසේ වෙතත් නේටෝව විසින් ඒ සඳහා වූ අරමුදල් සපයනු ඇති බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ඌව සහ නැගෙනහිර පළාත්වල අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ තද සුළං ඇති වන බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද…

තව කියවන්​න

සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩ නැඟීම සඳහා රජය ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය පවසනවා. ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සමග පැවති හමුවකට එක්වෙමින් ඇය මේ බව සංධ්ක කර තිබුණා. එහිදී රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සහ කාර්ය මණ්ඩල පුහුණු කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය තවදුරටත් ලබා ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. මේ අතර රාජ්‍ය ආයතන තුළ දූෂණය වැළැක්වීම, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…

තව කියවන්​න

ඇමෙරිකාව විසින් වානේ සහ ඇලුමිනියම් සඳහා පනවා ඇති තීරු බදුවලට ප්‍රතිචාර වශයෙන් අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අමෙරිකානු භාණ්ඩ සඳහා යුරෝපා සංගමයේ තීරු බදු, අගෝස්තු මස මුල දක්වා කල් දැමීමට යුරෝපා සංගමය තීරණය කළ බව එහි සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් නිවේදනය කර තිබෙනවා. මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා සංගම් භාණ්ඩ සියල්ලටම පනවන බවට ප්‍රකාශ කළ සියයට 30 ක තීරු බද්ද පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගම් වෙළෙඳ අමාත්‍යවරුන් අද බ්‍රසල්ස්හිදී රැස්වීමට නියමිත බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කෙසේ වෙතත්, අමෙරිකාව විසින් පනවා තිබෙන ඉහළ තීරු බදු හේතුවෙන් යුරෝපා සංගමයේ සාමාජික රටවල් දැඩි කණස්සල්ලෙන් පසු වන බවද…

තව කියවන්​න

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ දඹුල්ලේ පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරග‍යෙන් ලකුණු 83 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 177 ක් රැස් කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15 යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 94 ක් පමණයි. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 32 ක් රැස් කළ අතර දසුන් ශානක ලකුණු 20 ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 08 කට දැවී ගිය අතර නායක චරිත් අසලංක ලකුණු…

තව කියවන්​න

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සැසිවාරයක් සදහා මලයාසියාවට පැමිණ තිබෙනවා. බලයට පත්වීමෙන් පසුව ඔහු ආසියාවට පැමිණි පළමු අවස්ථාව මෙය වනවා. මෙම හමුවේදී ඔහු අග්නිදිග ආසියානු රටවල විදේශ අමාත්‍යවරුන් හමුවීමට නියමිතයි. එහිදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැන වූ තීරු බදු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

තව කියවන්​න